slc
Home   |    News
අගෝස්තු 14, 2022
එංගලන්ත තරග සංචාරයට පෙර යොවුන් පුහුණුකරුගේ සූදානම

sinhala editor

අවුරුදු 19න් පහළ  ජාතික ක්‍රිකට් පුහුණුකරු  ලෙස  පසුගිය දිනවල  තමා ඉටු කරන ලද  ප්‍රධාන කාර්යයන්  වුයේ ක්‍රීඩක  මානසිකත්වය ඉහළ දැමීමත් ඔවුන්  කෙරෙන්  බිය  සහ චකිතිය  ඉවත්කර  හැකියාවන්  ප්‍රගුණ  කීරීම බවත් අද ඉරිදා (14)  උදෑසන  එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය සමග සාකච්ඡාවකදී යොවුන් ප්‍රධාන පුහුණුකරුවා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “එංගලන්ත  19 න්  පහළ කණ්ඩායම  ජාත්‍යන්තර එම වයස් කාණ්ඩයන් අතර ඉදිරියෙන් සිටින කණ්ඩායමක්. ඔවුන් ගිය වර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා අනුශූරතාවයට පත් වුණු කණ්ඩායම. අපේ කණ්ඩායමත් එම තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව තරග වටයෙන් ඉවත්වීමට සිදුවුණා. දැන් අපිට අවශ්‍ය වන්නේ වඩා දක්ෂතම කණ්ඩායම අප බව සනාථ කිරීමයි” යි යනුවෙනි.

“අපි  මේ සංචාරයට  හොදින්  සුදානම්  වුවා.  දඹුල්ලේදී සහ  පල්ලේකැලේදී  මුලින්ම  තරගාවලියන්  දෙකකට සහභාගි වුවා.  එහි දක්ෂයින්   එක්  සංචිතයකට   යොමු  කිරීමෙන්  පසු ව   සාමුහික  කණ්ඩායමක්  ලෙස ක්‍රීඩා කිරීමේ පළපුරුද්දක් සැපයුවා. එංගලන්තයට  සමාන  වු  තණතිලිවල කීඩා කරවීමට  සැළැස්වීමත්  ප්‍රධාන   කාර්යයක්. පසුව අප මේ 19න්   පහළ කණ්ඩායම  ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමක් සමග තරග තුනකට සහභාගි කරවුවා. නැගී එන පිළ පළමු තරගාවලියේදී  ලකුණු 300 ක්  ගන්නා විට  අප  280ක්  රැස්කළා. දෙවැනි  තරගයත්  කරට කර  පැවැති  තරගයක්. තුන්වන  තරගය අයහපත් කාලගුණය  මත   අතර  මග  නතර කළත්  අපගේ  තරුණ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කළා” යැයි මුබාරක් පැවැසීය.

මෙම තරගාවලියට සිව්දින ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වන අතර ඊට පෙර ශ්‍රී ලංකා පිල තුන් දින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතය. “ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකට සහභාගිවන  කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්  අතර එතරම්  විශාල  වෙනසක්  සිදුවන්නේ නෑ කොහොමටත් අප  බලාපොරොත්තු වනවා  සියල්ලට  අවස්ථාවක් සැපයීමට. මාතර, මහනුවර, වීරකැටිය වැනි  කොළඹින්  පිට  පළාත්වල  ක්‍රීඩකයන් ද මේ සංචාරයට  ඇතුළත්ව  සිටීම  විශේෂත්වයක්.  මේ  සංචාරයේ   අපගේ  තවත්   අරමුණක් වන්නේ  ක්‍රීඩකයන්  දහඅට දෙනාටම  මනා  පළපුරුද්දක්  ලබාදී  අනාගතයේ  ඔවුනට ජාත්‍යන්තර තරගාවලිදී දක්ෂතා පෙන්වීමටහැඩ ගැස්වීම” යැයි මුබාරක් සදහන් කර සිටියි.

එංගලන්ත සංචිතයට සහභාගි වූ ක්‍රීඩකයන් 18 දෙනාගෙන්  එකොළහක්ම  ගියවර 19 න්  පහළ  ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ  ක්‍රීඩකයන්  වීමද  වැදගත්  කරුණක්. එම  මල්ෂ තරුපතිට  සහ  දුවිදු  රණතුංගට 2024 වසරේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලානයටත්  ක්‍රීඩා කළ හැකියි. මේ  සංචාරයට සහභාගි වන සියළුම ක්‍රීඩකයන්  එංගලන්තයේ ක්‍රීඩා කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය අරමුණු කරගෙන අප මොවුනට ශ්‍රී ලංකාවේදී වේගවත් මෙන්ම පන්දුව ඉබිලෙන තණතිලිවල පුහුණුවීම් සිදුකරිරීමට ඉඩ සැලැස්සුවා” යි සූදානම පිළිබඳව මුබාරක් අදහස් දැක්වීය.

මේ අතර එංගලන්තයේ මේ දිනවල පවතින උෂ්ණ සහිත දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩඩායමට වාසි ගෙන දෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා 19න්  පහළ කණ්ඩායමේ නායක  රවීන්  ද සිල්වා සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි යොවුන් නායකයා, එංගලන්ත තරග සංචාරයෙන් ලබා ගන්නා අත්දැකීම් සහ පළපුරුද්ද, මීළඟ යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී මැනවින් ප්‍රයෝජනයට ගත බැකි බවද පෙන්වා දුන්නේය.

” එංගලන්ත  සංචාරය සදහා  අප දීර්ඝ කාලයක්   හොදින්ම  පුහුණුවුවා.   එම  පුහුණුවත් සමඟ මේ තරගාවලියේදී අපිට හොඳ මානසික  මට්ටමකට   පත්විය හැකිවේවි” යැයි සදහන් කරන රවීන් ද සිල්වා, “එංගලන්ත  තණතිලි වැඩිවාසියක්  ගෙන දෙන්නේ වේගවත් පන්දු යවන්නන්ටයි. තම කණ්ඩායම සතුව ප්‍රබල  වේග පන්දු  යවන්නන්   මෙන්ම   දක්ෂ  දඟ පන්දු  යවන්නන් සමුහයක්ද සිටීම සතුටට කරුණක්. ඒ වගේම එංගන්තයට එරෙහිව අවසන් වරට ලද 3-2 ක එක්දින තරගාවලි ජයද මේ තරගාවලියේදී ආරක්ෂා ගැනීමටද අපි බලාපොරොත්තු වෙනවා” යැයි සඳහන් කර සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest