slc
logo
Home   |    News
අගෝස්තු 29, 2022
එංගලන්ත යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේ පළමු දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 268 ක් ලබා සිටියි.

ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එංගලන්ත ඉනිම වෙනුවෙන් මැතිව් හර්ස්ට ලකුණු 116 ක්ද ආරම්භක පිතකිරු හැරී සිං ලකුණු 98 ක්ද ලබා ගත්හ.

දිනය ආරම්භයේ සිටම සිය ඉනිම ආරක්ෂා කරගත් ආරම්භක පිතිකරුවා පන්දු 283 කට මුහුණ දී තිබුණි. ඉතාමත් වෙහෙසකර ඉනිමක නිරත වූ සිං තම ඉනිමට හතරේ පහර 6 ක් පමණක් එල්ල කර තිබුණි.

පළමු කඩුලු 3ම ලකුණු 60 ක් ඇතුළතදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් සිව්වැනි කඩුල්ලට එක් වූ සිං සහ හර්ස්ට ලකුණු 202 ක සම්බන්ධතාවක් පැවැත්වීහ. සහන් මිහිරගේ පන්දුවක් හමුවේ හර්ස්ට්ගේ ඉනිම නිමාවට පත් වූයේ දිනය අවසන් වීමට පන්දුවාර 2 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී. පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 48 කට කඩුලු 2 ක් බිඳ දමමින් කැපී පෙනුනි.

එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 90 දී කඩුලු 4 ට ලකුණු 268 යි – (මැතිව්ස් හර්ස්ට් 116, හැරී සිං නොදැවී 98, වනුජ සහන් 48/2)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest