slc
logo
Home   |    News
අගෝස්තු 22, 2022
කෝල්ට්ස් සහ මුවර්ස් ඉනිමකින් ජය වාර්තා කරති

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නිමාවට පත් වුණු පළමු සති අන්තය පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳුව නිමාවට පත්වීම කැපී පෙනුණ. අගෝස්තු 27 වැනි සිකුරාදා සිට ඉරිදා තෙක් වූ දින 3 මුලුල්ලේ පැවැති තරග 12 දී කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 340 ක ජයක් කෝල්ට්ස් පිල වාර්තා කරද්දී ලන්කන් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.  ඊට අමතරව බදුරලිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කළහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී කෞමාල් නානායක්කාර කඩුලු 13 ක් දවා ගනිමින්  යුද හමුදා කණ්ඩායම ලකුණු 202 ක දැවැන්ත ජයක් කරා රැගෙන යෑමට මුල් විය. පළමු ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 5 ක් දවා ගත් කෞමාල් දෙවැනි ඉනිමේදී ලකුණු 75 කට කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වූවේය. ඊට අමතරව ගුවන් හමුදාවේ ගයාන් සිරිසෝමද සමස්ථ තරගයේදී කඩුලු 12 ක් දවා ගනිමින් (පළමු ඉනිමේදී ලකුණු 41 ට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිම ලකුණු 39 ට කඩුලු 5 ක්) පන්දුවෙන් කැපී පෙනිණ.

අවිශ්ක පෙරේරාගේ ද්විත්ව ශතකයත් සමඟ වර්ණවත් වුණු පළමු සතියේදී රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුෂ්ක ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ‌එම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 150 ක් ලබන මදුශ්ක දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් ලබා ගත්තේය.

මීට අමතරව 42 හැවිරිදි වියේ පසුවන චාමර සිල්වා පළමු පෙළ ලකුණු 15,000 සීමාව ඉක්මවාලීමට සමත්වීමද සතියේ වූ සුවිශේෂී සිදුවීමක් විය. බී.ආර්.සී. එරෙහිව පැවැති තරගයේදී පොලිස් පිල වෙනුවෙන් ලකුණු 111 ක් රැස් කිරීමට චාමර සිල්වා සමත්වූවේය.  

කෝල්ට්ස් පිලට ඉනිමක සහ ලකුණු 340ක ජයක්

කෝල්ට්ස්  පළමු ඉනිම පන්දුවාර 101 කදී කඩුලු 4 ට ලකුණු 506 යි අවිශ්ක පෙරේරා 236, හෂාන් දුමිඳු 130, රවිඳු රශාන්ත 69*, විශාද් රන්දික 31*, නිසල ආකාෂ් 103/2

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම ලකුණු  70 (33.2) යි – චානක විජේසිංහ 10, මොහොමඩ් ශිරාස් 25/5, අකිල ධනංජය 11/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 30.3 කදී ලකුණු 96 යි – සිද්ධාර්ත් චිත්නිස් 24, විශ්ව විජේරත්න 22, අකිල ධනංජය 23/4, චමෝද් බට්ටගේ 07/2, ධනංජය ලක්ෂාන් 33/2

මුවර්ස්ට ඉනිමක සහ ලකුණු 104ක ජයක්

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 101.4 කදී කඩුලු 8 ට ලකුණු 500 යි – පසිඳු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, රිසිර වීරසූරිය 67*, සොහාන් ද ලිවේරා 75, ඉමිතියාස් ස්ලාසා 52, මොහොමඩ් ෂාමාස් 52, පබසර වඩුගේ 32, තා.රජීව වීරසිංහ 118/3, හසුරු තාරක 41/2, යසිරු රුද්‍රිගු 112/2

ලන්කන්  පළමු ඉනිම පන්දුවාර 73 කදී ලකුණු 196 යි – දේශාන් ඩයස් 45, ෂෙහාන් ප්‍රනාන්දු 40, මිරංග වික්‍රමගේ 36, ඉසිවර දිසානායක 32, තීසන් විතුසන් 36/4, දිනුක ඩිල්ෂාන් 37/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 55 කදී ලකුණු 200 යි – ෂෙහාන් ප්‍රනාන්දු 64, සංඛ පූර්ණ 31, රවීන්ද්‍ර පත්මනාදන් 27, රවිඳු රත්නායක 21, චානුක ඩිල්ෂාන් 49/4, තිලංග උදේශන 33/2, තීසන් විතුෂන් 39/2

බදුරලියට කඩුලු 7 ක ජයක්

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 96.4 කදී ලකුණු 301 යි –  අනුක් ප්‍රනාන්දු 138, දුනිත් ජයතුංග 84, ගිහාන් රූපසිංහ 41, ධනුෂ්ක සඳරුවන් 71/5 සහ දෙවැනි ඉනිම පන්දුවාර 7.5 කදී කඩුලු 3 ට ලකුණු 51 යි – අනුක් ප්‍රනාන්දු 22*

මීගමුව පළමු ඉනිම පන්දුවාර 31.5 කදී  ලකුණු 80 යි – මිසනුර් රහමන් 35, චලන ද සිල්වා 41/6, නිර්මලා රත්නායක 17/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 84.4 කදී සියලු දෙනා දැවී ලකුණු 270 යි – ජටින් සක්සේනා 103, දිමුත් සඳරුවන් 48, ජීවක රශ්මිත 48, අලංකාර අසංක 70/4,නිර්මල රත්නායක 64/3, අනුක් ප්‍රනාන්දු 34/2

යුද හමුදාවට ලකුණු 202 ක ජයක්

යුධ හමුදාව පළමු ඉනිම පන්දුවාර 82.3 කදී  ලකුණු 256 යි – දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28, ලක්ෂාන් එදිරිසිංහ 27, නිමේෂ් පෙරේරා 32/3, දිනෙත් ස්මරවීර 41/2, චානක කොමසරු 116/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 46 කදී කඩුලු 4 ට ලකුණු 179 යි –  ෂෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41, තිසර පෙරේරා 28*, පැතුම් කුමාර 21*, තුලින ඩිල්ෂාන් 20, චානක කොමසාරු 50/2,

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 31 කදී ලකුණු 95 යි – ලහිරු මධුශංක 19, කෞමාල් නානායක්කාර 46/5, ෂොෂාද  සොයිසා 05/2, අසංක මනෝජ් 34/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 43 කදී ලකුණු 138 යි – ළහිරු මධුශංක 38*, මාධව වර්ණපුර 28, නෙත්ම කරුණාරත්න 25, කෞමාල් නානායක්කාර 75/8

ගුවන් හමුදාවට ලකුණු 230 ක ජයක්

ගුවන් හමුදාව පළමු ඉනිම පන්දුවාර 84 කදී ලකුණු 249 යි  ආදිත්‍ය සිරිවර්ධන 69, උදේවංශ පරාක්‍රම 54, සිතිජ චමෝද් 34, ගයාන් සිරිසෝම 22*, දිලංක අවුරිත් 93/4, අයේෂ් දේවින්ද 76/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 53 කදී කඩුලු 6 ට ලකුණු 200 යි – සිතිජ චමෝද් 69, උදේවංශ පරාක්‍රම 40, සසිඳු නානායක්කාර 31, දේවින්ද අහේස් 71/3, ඩිලන්ක අවුරිත් 62/2

නාවික හමුදාව පන්දුවාර 31.2 කදී ලකුණු 113 යි – සහන් කෝසල 39, කවිඳු රණසිංහ 25, ඔමේෂ් මෙන්ඩිස් 23, ගයාන් සිරිසෝම 7/41, දුලංජල මෙන්ඩිස් 22/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 53.3 කදී ලකුණු 106 යි – රශ්මික මෙවන් 26, ගයාන් සිරිසෝම 39/5,දුලාංජල මෙන්ඩිස් 19/2, දේශාන් ්‍රනාන්දු 25/2

ජය පැරදුමෙන් තොරයි

ඒස් කැපිටල් පළමු ඉනිම පන්දුවාර 82.4 කදී ලකුණු 471 යි – ලසිත් කෲස්පුල්ලේ 160, තනුක දාබරේ 133, නින්ද කදම් 83, ටෙරොන් බාස්කර් 22, දුලීක තිස්සකුට්ටිගේ 21, තීරක රණතුංග 21, මොහොමඩ් ඩිල්ෂාඩ් 72/4, සඳුන් මෙන්ඩිස් 122/4, ඉසිත විජේසුන්දර 62/2

සැරසන්ස් පන්දුවාර 163 කදී කඩුලු 9 ට ලකුණු 501 යි – මුහම්මද් වකස් 131, ඉසිත ඩිව් විජේසුන්දර 83, නවිඳු නිර්මාල් 76, සිතාර ගිම්හාන 71, සසිත පල්ලියගුරු 38, තවීෂ අභිෂේක් 37, චානක දේවින්ද 181/4, නිම්සර අාතරගල්ල 96/2, ඕෂධ ප්‍රනාන්දු 13/2

ජය පැරදුමෙන් තොරයි

රාගම පළමු ඉනිම පන්දුවාර 96.1 කදී ලකුණු 332 යි – නිශාන් මධුෂ්ක 150, ඉෂාන් ජයරත්න 42*, නුෂාල් ධර්මරත්න 40, දුලාජ් බණ්ඩාර 26, ඩෙලෝන් පීරිස් 24, හරීන් බුද්ධිල 72/3, රජිත් ප්‍රියාන් 72/2 සහ දෙවැනි ඉනිම න්දුවාර 53.1 කදී කඩුලු 5 ට ලකුණු 212 යි – නිශාන් මදුශ්ක 100*, නුෂාල් ධර්මරත්න 43, චතුර ලක්ෂාන් 42/2

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 114.3 කදී ලකුණු 327 යි – විනුර දුල්සර 121, ඩිල්ෂාන් කාංචන 93, සමීන් කන්දනආරච්චි 27, රජිත් ප්‍රියාන් 26, කවිඳු එදිරිවීර 24, ශෂික දුල්ෂාන් 108/5, කල්හාර සේනාරත්න 52/3, ඉෂාන් ජයරත්න 51/2

ජය පැරදුමෙන් තොරයි

කුරුණෑගල යොවුන් පළමු ඉනිම පන්දුවාර 86.2 කදී ලකුණු 237 යි – මුදිත ප්‍රේමදාස 93*, ධනුෂ්ක ධර්මසිරි 55, අසන්ත බස්නායක 49, ඉන්ෂක සිරිවර්ධන 28/3, තෙමල් බණ්ඩාර 40/3, තරිඳු සිරිවර්ධන 48/2  සහ දෙවැනි ඉනිම පන්දුවාර 83 කදී කඩුලු 5 ට ලකුණු 271 යි – ගයාන් මනීෂාන් 123*, මුහමඩ් මොසින් 45, අසන්ත බස්නායක 36, කේෂාන් වන්නිආරච්චි 20, තරිඳු සිරිවර්ධන 71/2

කලුතර නාගරික පළමු ඉනිම පන්දුවාර 93.3 කදී ලකුණු 268 යි – සදීෂ් ජයවර්ධන 49, කෝසල රවිඳු 41, බවන්ත ජයසිංහ 33, මොහොමඩ් ශිල්මි 29, තවීෂ අභිෂේක් 26, ඉන්ෂක සිරිවර්ධන 25, සුඛිත මනෝජ් 24, ළහිරු ජයරත්න 52/4, නවීන් ජාගොඩ 67/2

ජයපැරදුමෙන් ‌තොරයි

ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 92.4 දී ලකුණු 307 යි – සධීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55, සන්තුෂ් ගුණතිලක 40, රවිඳු ප්‍රනාන්දු 24, දිල්රුවන් පෙරේරා 24, ලසිත් ඇඹුල්දෙණිය 108/4, ආෂේයින් ඩැනියෙල් 72/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 75 කදී කඩුලු 7 ට ලකුණු 216 යි – සදීර සමරවික්‍රම 57, රවිදු ප්‍රනාන්දු 38, සංතුෂ් ගුණතිලක 36*, සිතර හපුහින්න 22, දිලුම් සුදීර 22, අ‌ෂේයින් ඩැනියල් 88/4, ලසිත් ඇඹුල්දෙණිය 93/3

එන්.සී.සී.  පළමු ඉනිම පන්දුවාර 55.4 කදී ලකුණු 180 යි – ළහිරු උදාර 71, කවීන් බණ්ඩාර 24, නිරෝෂන් දික්වැල්ල 21, දිල්රුවන් පෙරේරා 45/3 කවිඳු පතිරත්න 30/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 57 කදී කඩුලු 5 ට ලකුණු 229 යි – අසේල් සිගේරා 74*, කවීන් බණ්ඩාරආරච්චි 41, සහන් ආරච්චිගේ 40*, ළහිරු උදාර 36, සඳුන් වීරක්කොඩි 26, රවිදු ප්‍රනාන්දු 43/3, දිලුම් සුදීර 78/2

ජයපැරදුමෙන් තොරයි

පානදුර පළමු ඉනිම පන්දුවාර 47.3 කදී ලකුණු 153 යි – පවන් සන්දේශ් 44, රොෂාන් විජේනායක 37, සංජය චතුරංග 20, තිමිර ඉරුෂික 62/6, අවිඳු තීක්ෂණ 34/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 101.4 කදී කඩුලු 8 ට ලකුණු 306 යි – රොෂාන් විජේනායක 80*, පලාවත් 57, කොෂාන් ජයවික්‍රම 50, පවන් සංදේෂ් 41, කේෂන නුවන්ත 43/2, තිමිර ඉරුෂික 117/2,

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 80 කදී ලකුණු 259 යි. – ජාතර් 64, අනුජ් ජෝටින් 53, ඉරෝෂ් ප්‍රනාන්දු 29, නවිඳු නිර්මාල් 25, නිපුන් ප්‍රේමරත්න 23, තිමිර ඉරුෂික 21*, නිමේෂ් විමුක්ති 103/5, කොෂාන් ජයවික්‍රම 58/4  සහ දෙවැනි ඉනිම පන්දුවාර 36 කදී කඩුලු 5 ට ලකුණු 90 යි – චමෝද් සඳරු 21, රවීන් යසස් 21, ධනුෂ්ක රණසිංහ 35/3

ජය පැරදුමෙන් තොරයි

පොලිසිය පළමු ඉනිම පන්දුවාර 59 කදී  ලකුණු 172 යි – චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37, චාමර සිල්වා 31, රන්දුණු ගංගානාත් 29, දුවිඳු තිලකරත්න 35/3, දුෂාන් හේමන්ත 20/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 72.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු  347 යි – චාමර සිල්වා 111, හේෂාන් ප්‍රනාන්දු 110, රන්දුණු ගංගනාත් 46, දුෂාන් හේමන්ත 63/3, ටී.එම්. සම්පත් 96/3

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 71.4 කදී ලකුණු  246 යි – ටී. එම්. සම්පත් 66, දනාල් හේමානන්ද 51, ළහිරු සමරකෝන් 34, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 29, ඩිලාන් ජයලත් 20, ලහිරු දියන්ත 30/2, නලින් ප්‍රියදර්ශන 55/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 60 කදී කඩුලු 5 ට ලකුණු 205 යි – ළහිරු සමරකෝන් 56*, ඩිලාන් ජයලත් 51, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 34, දුවිඳු තිලකරත්න 23*, ටී එම් සම්පත් 21, මලිත් ද සිල්වා 30/2, නලින් ප්‍රියදර්ශන 84/2

ජය පැරදුමෙන් තොරයි

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 124 කදී කඩුලු 8 ට ලකුණු  523 යි – කමිඳු මෙන්ඩිස් 147, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේෂ් ගුණසිංහ 64, අශාන් ප්‍රියංජන් 53, පවන් රත්නායක 44, චමිඳු විජේසිංහ 34*, ලක්ෂිත රසාංජන 34*, ලක්ෂිත රසාංජන 113/3 සහ දෙවැනි ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 5 ට ලකුණු 182 යි – මිනෝද් භානුක 74, පවන්ත වීරසිංහ 35, පවන් රත්නායක 33, ලසිත් අබේරත්න 21, කවිඳු නදීශාන් 22/3

එස්.එස්.සී. පන්දුවාර 97.5 කදී ලකුණු 379 යි – නුවනිදු ප්‍රනාන්දු 119, නිපුන් ධනංජය 80, සම්මු අශාන් 68, ක්‍රිෂාන් සංජුල 56, මනෝජ් සරත්චන්ද්‍ර 27, මලින්ද පුෂ්පකුමාර 84/3, චමිඳු විජේසිංහ 48/2, විශ්ව ප්‍රනාන්දු 68/2, අශාන් ප්‍රියන්ජන් 85/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar