slc
logo
Home   |    News
අගෝස්තු 4, 2022
ජූලි මස හොදම ක්‍රීඩකයා සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරියගේ නමත්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මසදී නම් කිරීමට නියමිත එම මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කෙටි ලැයිස්තුගත කර තිබේ. ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් ඇතුළත්ව සිටිති.

වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඔස්ටේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් වරම් දිනාගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 118 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 5 ක් වශයෙන් අමතක නොවන ආරම්භයක් එක් කර ගැනීමට ජයසූරිය සමත්වූවේය. ජයසූරියගේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 39 ක ජයක් වාර්තා කරමින් තරගාවලීය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදා වූවේය.

අනතුරුව පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදීද සිය දක්ෂාතවය එලෙසම පවත්වාගත් ජයසූරිය පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් දවා ගනිමින් පිට පිට ටෙස්ට් ඉනිම 3 කදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. පිට පිටම ඉනිම 4 කදී කඩුලු 5 ක් දවා ගැනීමේ ආසන්නම අවස්ථාවකට ජයසූරය එළැඹි නමුත් එම දෙවැනි ඉනිමේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 135 කට කඩුලු 4 ක් වශයෙනි.

කෙසේ වෙතත් යළිත් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය උපරිමය පෙන්නුම් කළ වමත් දඟ පන්දු යවන්නා පළමු ඉනිමේදී කඩුලු 3 ක් සහ දෙවැනි ඉනීමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඉනිම 6 කදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්තා 5 ක් සනිටුහන් කරගත්තේ සිය පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ටෙස්ට් තරග 3 කදී 29 ක් දක්වා ඉහළ දමා ගනිමිනි.

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee