slc
logo
Home   |    News
අගෝස්තු 31, 2022
ඩැනියෙල්ගේ ඉනිමෙන් යොවුන් පිල ප්‍රබල තත්ත්වයකට

sinhala editor

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 480 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්විය.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 381 කට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට තවත් කඩුලු 2 ක් ඇතැතිව ලකුණු 99 ක් පළමු ඉනිමේ පෙරමුණට පත්ව සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ෂෙවෝන් ඩැනියල් ලකුණු 155 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සදහා කණ්ඩායමේ කොදු නාරටිය බවට පත්වූවේය. පන්දු මිනිත්තු 455 ක් පුරා කඩුල්ලේ රැදී සිටි වමත් පිතකිරුවා සිය සුවිශේෂී ඉනිම වෙනුවෙන් හයේ පහරකුත් තවත් හතරේ පහර 25 කුත් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය. ලකුණු 92 ක් ලබා සිටියදී තෙවැනි දිනය ඇරැඹූ ෂෙවෝන් ඩැනියල් ලකුණු 147 සිට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට සමත්වූවේය. සිව්වැනි පිතිකරුවා ලෙසින් දැවී යන විට ඩැනියල් සිය ඉනිම සදහා පන්දු 237 කට මුහුණ දී තිබුණේය. ඔහුට අමතරව දෙවැනි දින අවසනදී ලකුණු 37 ක් ලබා ඩැනියෙල් සමග කඩුල්ලේ රැදී සිටි පවන් පතිරාජ ලකුණු 55 ක් ලබා ගත්තේය.

මැද පෙළින් පන්දුවට පහර දුන් නායක රවීන්ද සිල්වා පන්දු 177 කට මුහුණ දෙමින් ලකුණු 65 ක් ලබා සිටින්නේ සිව්වැනි දිනය වූ හෙට දිනයේදීත් යළිත් පන්දුවට පහර දීමේ අවස්තාව උදාකර ගනිමිනි. ඔහුට අමතරව අංක 9 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දුන් විනුජ රන්පුල් ලකුණු 65 ක් ලබා ගැනීම ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුනු 500 සීමාව ආසන්නයට පැමිණීමට ප්‍රධාන ලෙසින් දායකත්වය දැක්වූයේ.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 122.2 කදී සියලු දෙනා දැවී ලකුණු 381 – (මැතිව් හර්ස්ට් 116, හැරී සිං 104, බෙන් මැක්කෙනි 22, ජේම්ස් සේල්ස් 52, ස්ටැන්ලි මැක්ඇල්න්ඩන් 20, දුවිඳු රණතුංග 58/2, සහන් මිහිර 58/2, වනුජ සහන් 67/2, රවීන් ද සිල්වා 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 145 කදී කඩුලු 8 ට නකුණු 480 යි – (ෂෙවෝන් ඩැනිනයල් 155, අබිෂේක් ලියනාරච්චි 49, පවන් පතිරාජ 55, රනුද සෝමරත්න 37, රවීන් ද සිල්වා නොදැවී 65, විනජු රන්ුල් 65, බෙන්ජමින් ක්ලිෆ් 85/2, බර්ටි ෆෝර්මන් 100/2)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee