slc
logo
Home   |    News
අගෝස්තු 13, 2022
දැවැන්ත ජයකින් ග්‍රේස් දෙවැනි තැනට එයි

sinhala editor

ආරාධිත පනදුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව (166) වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්වීමත් සමඟ ග්‍රීන්ස් පිලට එරෙහිව අද (13 දා) පැවැති තීරණාත්මක තරගයේදී ලකුණු 81 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමඟම මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන රැඳී සිටි ග්‍රේස් පිල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

එම නිසා ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා රෙඩ්ස් කණ්ඩායමට අවස්ථාව දිනා ගැනීමට නම් බ්ලූස්ට එරෙහිව රාත්‍රියේ පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්යය වනු ඇත. කෙසේ වෙතත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම ලද අනපේක්ෂිත පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන දක්වා පහත බැස්සා පමණක් නොව අවසන් මහ තරග බලාපොරොත්තුවද අහිමි විය.

කාසියේ වාසිය පරාජය වුවද ග්‍රීන්ස් නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 167 ක ඉලක්කයක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදීමට සමත්විය. එහෙත් එය හඹා යෑමේදී නොසිතූ පසුබෑමකට මුහුණ දුන් ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 15.5 කදී ලකුණු 85 කට සීමා විය.

පන්දු යැවීමේදී පුලින තරංග සහ මුදිත ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගනිද්දී අශාන් ප්‍රියන්ජන ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තේය. පන්දුවට පහර දීමේදී නිරෝෂන් දික්වැල්ල (27) සහ දිනේෂ් චන්දිමාල් (24) හරුණු විට සෙසු කිසිම පිතිකරුවකු ග්‍රේස් පන්දු යවන්නන්ට අභි‌යෝගයක් එල්ල කිරීමට අසමත්වූහ.

කඩුල්ලකට ලකුණු 66 ක් ලෙස සටහන් වුණු ග්‍රීන්ස් ලකුණු පුවරුව චන්දිමාල් දැවී යෑමත් සමග කඩා වැටිණ. ඒ සමඟම තරගයට අවතීර්ණ වුණු ප්‍රතිවාදී ග්‍රේස් පන්දු යවන්නෝ ලකුණු පුවරුවට ලකුණු 19 ක් එක් වද්දී ග්‍රීන්ස් පිලේ නම් දාරා සිටින සියලු පිතිකරුවෝ දවා ගත්හ.

පළමු කඩුල්ලට එක් වුණු තනුක දාබරේ සහ කසුන් විදුර පන්දු 70 කදී ලකුණු 119 ක වේගවත් ලකුණු සම්බන්ධතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත්වීම කැපී පෙනුණු. එම සම්බන්ධතාව පෙරටු කොට මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා සිටි කණ්ඩායමට බවට පත්ව සිටි ග්‍රීන්ස් (රෙඩ්ස්ට එරෙහි තරගයේදී කඩුලු 6 ට රැස් කරන ලද ලකුණු 161) දෙවැනි තැනට ඇද දැමීමට ද ග්‍රේස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

එහිදී කැපී පෙනුණු තනුක දාබරේ පන්දු 40 කදී ලකුණු 66 ක් රැස් කරන ලද්දේ මෙතෙක් තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. එම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සන්නද්ධ විය. මෙය ඔහුගේ පළමු පෙළ විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් කසුන් විදුර පන්දු 31 කදී ලකුණු 36 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

තරගයේ වීරයා – තනුක දාබරේ

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 166 යි – (තනුක දාබරේ 66, කසුන් විදුර 36, මිනෝද් භානුක 20, චරිදු රත්නායක 13, ලක්ෂාන් සඳකැන් 14/2, දසුන් හානක 20/2)

ග්‍රීන්ස් පන්දුවාර 15.1 කදී සියලු දෙනා දැවී ලකුණු 85 යි – (පැතුම් නිස්සංක 15, නිරෝෂන් දික්වැල්ල 27, දිනේෂ් චන්දිමාල් 24, පුලින තරංග 12/3, මුදිත ලක්ෂාන් 17/3, අශාන් ප්‍රියන්ජන් 11/2)

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee