slc
Home   |    News
අගෝස්තු 17, 2022
මාස 3 ක් පුරා විහිදෙන තුන්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග අංශය අගෝස්තු මස 19 වැනිදායින් ආරම්භ වන සති අන්තයේ සැට පැවැත්වෙනු ඇත තරගාවලිය මාස 3 ක කාලයක් හෙවත් නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් 13 බැගින් කාණ්ඩ 2 යටතේ පැවැත්වේ. සෑම කණ්ඩායමක්ම තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර මූලික වටයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක නොවැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

ගෙවී ගිය 2021 වසර දේශීය තරග පිටියට කාර්ය බහුල වසරක් වූ බැවින් මෙම තරගාවලිය පැවැත්වීම සඳහා වන ඉඩ කඩක් නොමැති විය. කෙසේ වෙතත් එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය සාර්ථකව පැවැත්වීමට කටයුතු යෙදීය. අවසන් වරට තුන්දින ලීග් ශූරතා තරගාවලියක් පවත්වා ඇත්තේ 2019-20 වසරේදී වන අතර එහිදී ටියර් ‘ඒ’ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායම සමත්විය.

‘ඒ’ කාණ්ඩය – සී.සී.සී. පොලිස්, රාගම, කැන්ඩි කස්ටම්ස්, කෝල්ට්ස්, ගෝල්, බී.ආර්.සී, සෙබස්තියනයිට්ස්, මුවර්ස්, කුරුණෑගල, එස්.එස්.සී. කලුතර නාගරික, ලන්කන්.

‘බී’ කාණ්ඩය – එන්.සී.සී., ඒස් කැප්ටල්, චිලව් මේරියන්ස්, බ්ලූම්ෆීල්ඩ්, යුද හමුදාව, පානදුර, සැරසන්ස්, නුගේගොඩ, මීගමුව, නාවික හමුදාව, ටැමිල් යුනියන්, ගුවන් හමුදාව, බදුරලිය.

පළමු සතියේ පැවැත්වෙන තරග

ඒස් කැපිටල් සහ සැරසන්ස් – බ්ලූම්ෆීල්ඩ් පිටියේදී

ගුවන් හමුදාව සහ නාවික හමුදාව – ගුවන් හමුදා පිටියේදී

යුද හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් – බනාගොඩ යුද හමුදා පිටියේදී

බී.ආර්.සී. සහ පොලිස් – බී.ආර්. සී. පිටියේදී

කෝල්ට්ස් සහ කැන්ඩි කස්ටම්ස් – කෝලට්ස් පිටියේදී

ගෝල් සහ රාගම – ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

කලුතර සහ කුරුණෑගල – දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී

මුවර්ස් සහ ලන්කන් – මුවර්ස් පිටියේදී

නිගම්බු සහ බදුරලිය – කටුනායක හලාවත මේරියන්ස් පිටියේදී

පානදුර සහ හලාවත මේරියන්ස් – පානදුර පිටියේදී

එස්.එස්.සී. සහ සී.සී.සී. – එස්. එස්. සී. පිටියේදී

ටැමිල් යුනියන් සහ එන්.සී.සී. – පී. සරා ක්‍රීඩාංගණයේදී

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest