slc
logo
Home   |    News
අගෝස්තු 10, 2022
යොවුන් පිල 14 දා එංගලන්තයට යයි

sinhala editor

එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 14 වැනිදා එංගන්තය බලාපිටත්ව යනු ඇත.

යොවුන් කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ජෙහාන් මුබාරක් මහතාට භාර දීමෙන් පසු ශ්‍රී ලංකා යොවුන් පිල තරග සංචාරයකට සහභාගිවනු ලබන පළමු අවස්ථාව වන්නේද මෙම එංගලන්ත තරග සංචාරයයි.

“එංගලන්තයේ තත්ත්වයන් වලට හුරුවීම සදහා අපේ තරුණ ක්‍රීඩකයින්ට මෙම තරගාවලිය හොද අවස්ථාවක් ලබා දෙනවා වගේම ඉදිරියට එන විශාල ජාත්‍යන්තර අභියෝග සඳහා සූදානම් වීමට එය හොඳ අවස්ථාවක් වනවා” යැයි ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් මහතා සඳහන් කර සිටියි.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට අමතරව එක්දින තරග 3 කටද ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවනු ඇත. අවසන් වරට පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවන ලද දුනිත් වෙල්ලාලගේ මෙම තරගාවලියට ඇතුළත් නොවන බැවින් කණ්ඩායම මෙහෙයවීම කොළඹ නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා විසින් සිදුකිරීමට නියමිතව ඇත. ටෙස්ට් තරග ආරම්භයට පෙර ශ්‍රී ලංකා යොවුන් පිල අගෝස්තු 16 සිට 18 දක්වා තුන් දින පුහුණු තරගයකට යංග් ලයන්ස් පිලට එරෙහිව ලෆ්බොරව් හිදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

USD United States (US) dollar