slc
logo
Home   |    News
අගෝස්තු 23, 2022
ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමෙන් පෙරමුණට

sinhala editor

එංගලන්ත යොවුන් පිල සමඟ සිව්දින ටෙස්ට් තරගයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැංවීමට අද (23 දා) සමත්විය. පළමු ඉනිම ලකුණු 387 කට සීමා වීම නිසා නැවතත් ලකුණු 20 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත යෞවනයෝ තෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 199 ක් ලබා සිටියේ දෙවැනි ඉනිමේදී ලකුණු 179 කින් පෙරමුණට පැමිණෙමිනි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් අනගි පිතිහරඹයක නියැලුනු රොස් වයිටෆීල්ඩ් පන්දු 134 කදී වේගවත් ලකුණු 110 ක් ලබා පන්දුවාරයකට ලකුණු 4.42 ක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීමට මූලිකත්වය ගත්තේය. එංගලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 ක් වනුජ සහන් විසින් දවා ගත් අතර තරගය නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී ශතක ලාභී රොස් වයිට්ෆිල්ඩ්ගේ කඩුල්ල දවා ගැනීමට විනුජ රන්පුල් සමත්වූවේය.

පෙර දින ලකුණු 132 ක් ලබා සිටි අසිත වන්නිනායකට අද දිනයේදී පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ තවත් පන්දු 8 කට පමණි. ස්පින්වෝල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා වන්නිනායක දැවී යන විට තෙවැනි දිනයේදී එකම ලකුණක් හෝ ඉනිමට එකතු කර ගැනීමට අපොහොසත් වූවේය.

කෙසේ වෙතත් අසිත සමඟ දිනය ඇරැඹි මැද පෙළ පිතිකරු රවීන්ද සිල්වා නායකත්වයේ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 62 ක් ලබා ගත්තේ ඉනිමේ මැද පෙළෙහි වගකීම කරට ගිනිමිනි. ළහිරු දවටගේ පළමු පන්දුවෙන්ම දැවී යෑම නිසා ශ්‍රී ලංකා යොවුන් ඉනිම යම් පසුබෑමකට යෑමේ අවධානමක් පෙන්නුම් කළත් නායකයාට එක් වුණු විනුජ රන්පුල් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් එක් කරමින් එංගලන්ත පළමු ඉනිම අභිබවා ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගියහ.

පන්දු 85 කට මුහුණ දුන් රන්පුල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 42 ක්ද නායක රවීන් ලබා ගත් ලකුණු 62 සඳහා පන්දු 135 කට මුහුණ දී තිබුණේය.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී_ 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 141.1 කදී සියලු දෙනා දැවී ලකුණු 407 යි – (අසිත වන්නිනායක 132, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32, ෂෙවෝන් ඩැනියල් 22, රවීන් ද සිල්වා 62, විනුජ රන්පුල් 42, බර්ටි ෆෝර්මන් 94/4, තෝමස් අස්පින්වෝල් 98/2, බෙන්ජමින් ක්ලිෆ් 68/2, එඩී ජැක් 62/2)

එංගලන්ත යොවුන් පිල දෙවැනි ඉනිම පන්දුවාර 45 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 199 යි – (රොස් වයිට්ෆීල්ඩ් 110, බෙන් මැක්කිනේ 56, ජෝර්ජ් බෙල් (නොදැවී) 28, වනුජ සහන් 52/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar