slc
Home   |    News
අගෝස්තු 13, 2022
හෙට එංගලන්තයට යන යොවුන් පිලට ක්‍රීඩකයින් 18 ක්

sinhala editor

අගෝස්තු මස 14 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම කණ්ඩායමේ නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ දකුණත් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක, රවීන් ද සිල්වාට හිමිව ති‌බේ.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවනු ඇත. මෙම තරගාවලිය සදහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනා අතරට ක්‍රීඩකයින් 11 දෙනකුම මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයෝ වීම, තරගාවලියේ ජයග්‍රහණය කිරීම පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට ධනාත්මක කරුණක් ලෙසින් හැඳින්විය හැක.

ඒ හැරූ විට අවසන් වරට එංගලන්ත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග 5 කින් සමන්විත එක්දින තරග සංචාරයේදී ද තරගාවලිය 3-2 ක ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත්වීමද තවත් අතිරේක වාසියක් ලෙසින් හැඳින්විය හැක.

එම තරගාවලියේදී නායක රවීන් ද සිල්වා හැරුණු කොට නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටින ෂේවෝන් ඩැනියල්, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, වනුජ සහන්, මල්ෂ තරුපති, ට්‍රෙවීන් මැතිව්, විනුජ රන්පුල්, අංජල බණ්ඩාර, රනුද සෝමරත්න සහ අභිෂේක් ලියනාරච්චි යන ක්‍රීඩකයින් ක්‍රීඩා කළහ.

නම් කරන ලද කණ්ඩායමට වීරකැටිය මහින්ද රාජපක්ෂ මැදි මහ විදුහල නියෝජනය කරමින් දුලාජ් සමුදිත, මාතර සර්වේෂන් විදුහල නියෝජනය කරමින් හසිත අමරසිංහ, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් කැන්සටන් ගුණරත්නම්, සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල නියෝජනය කරමින් අසිත වන්නිනායක, මහානාම විදුහල නියෝජනය කරමින් දුවිදු රණතුරංග, පානදුර ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරමින් සහන් මිහිර යන ක්‍රීඩකයෝ එක්ව සිටිති.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු වතාවට ජෙහාන් මුබාරක්ගේ පුහුණුකාරීත්වය යටතේ මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබයි. ඔහුගේ සහායකයා ලෙස චමිල ගමගේ කටයුතු කරන අතර එම තනතුරට අමතරව වේග පන්දු පුහුණුකරු ලෙසින්ද ඔහු කටයුතු කරනු ඇත. පන්දු රැකීමේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක ගයාන් විජේකෝන්ද, භෞත චිකිත්සක ලෙස ප්‍රියන්ත වික්‍රමසිංහ සහ අභ්‍යාසක ලෙස බුද්ධික හේරත් ද කලමනාකරු ලෙස ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest