slc
logo
Home   |    News
අගෝස්තු 20, 2022
ආසියානු කුසලාන තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දුට කැඳවුම්

sinhala editor

වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ක් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ නම ඇතුළත් කර තිබේ. අසිතට අමතරව වමතිිි වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව එක් කිරීමට පියවර ගෙන තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉකුත්දා නිමාවට පත් වුණු ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී තරග 4 කදී කඩුලු 10 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලද පන්දු යවන්නා බවට පත් වද්දී ඉතා ‌හොඳ දෝලනයක් සහිතව පන්දු යැවීමට සමත්වීම නිසා ඩිල්ෂාන් මදුශංක, තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්විය. දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලද අසිතගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11 ක්ව සටහන් වද්දී පන්දුවාරයකට ලකුණු 6.87 ක අගයක් රඳවා ගැනීමට සමත්ව සිටින්නේය. හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින ඩිල්ෂාන් මදුශංක මීට පෙර අවස්ථා කීපයකදීම ටෙස්ට් තරග සඳහා වන සංචිත වලට ඇතුළත් වුවද විස්සයි-20 තරගාවලියකට ඇතුළත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් මෙය සනිටුහන් වේ.

මේ අතර ඉන්දීය සහ ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 සංචිත සඳහා ඇතුළත්ව සිටියද අවසන් 11 දෙනා අතරට පැමිණීමට අපොහෙසත් වුණු දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතයට එක්ව සිටියි. පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවකු ලෙසින් පිටිය තුළ වඩා වැඩි විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්වීම ඔහුට ආසියානු කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන්වීමට හේතුවක් වී තිබේ.

ඊට අමතරව අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, මතීෂ පතිරණ ‌සහ ජෙෆ්රි වැන්ඩර්සි කණ්ඩායමට නැවත පැමිණ සිටින ක්‍රීඩකයෝ වෙති.

අගෝස්තු 10 වැනිදා රැස් වුණු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද මූලික සංචිතය සඳහා කසුන් රජිත සහ බිනුර ප්‍රනාන්දු ඇතුළත්ව සිටියද ආරාධිත තරගාවලිය අතරතුර ඔවුන් තුවාල ලැබීම මත මෙම වටිනා තරගාවලියේදී ඔවුන් දෙදෙනාගේ සේවය ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ. අගෝස්තු 12 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය සඳහා යොමු කෙරුණු 20 දෙනා අතර ‌සිටි කසුන් සහ බිනුර වෙනුවට අසිත සහ ප්‍රමෝද් මදුශාන් එක් කිරීමට පියවර ගෙන තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 27 වැනිදා ආරම්භ වන අතර සැප්තැම්බර් 11 වැනිදා අවසන්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ, නුවනිඳු ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු ප්‍රමොද් මදුශාන්.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee