slc
logo
Home   |    News
අගෝස්තු 30, 2022
ශ්‍රී ලංකා යොවුන් පිලෙන් යළිත් සුපිරි පිළිතුරක්

sinhala editor

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 203 ක් ලබා සත්කාරක පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්වූවේය. ඩර්බිහි පැවැත්වෙන මෙම තරගයේදී අද (29 දා) තරගය නිමා කරන විට එංගලන්ත පළමූ ඉනිමට වඩා ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් අතැතිව ලකුණු 178 ක් පමණක් පිටුපසින් සිටින්නේය.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ෂෙවෝන් ඩැනියල් පන්දු 149 කදී ලකුණු 92 ක් සහ පවන් පතිරාජ ලකුණු 37 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

දෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 381 කට සීමා කළ ශ්‍රී ලංකා යොවුන් පිල පිළිතුරු පළමු ඉනිම ආරම්භයේදීම පෙර තරගයේදී ශතක ලාභී අසිත වන්නිනායක ලකුණු 04 ක් ලබා සිටියදී දැවී ගියද දෙවැනි කඩල්ල වෙනුවෙන් ලකුණු 116 ක් රැස් කිරීමට අභිෂේක් ලියනාරච්චි සහ ෂෙවෝන් ඩැනියල් දෙදෙනා සමත් වූහ.

දුවද්දී දැවී යෑමකට හසුවීඹ නිසා ලියනාරච්චි අර්ධ ශතකයට ලකුණක් මෙපිටදී දැවී ගියේ අවාසනාවන්ත අයුරිනි. පන්දු 91 කට මුහුණ දුන් හේ සිය ඉනිමට හතරේ පහර 8 ක් එල්ල කළේය. දිනයේ කැපී පෙනෙන පිතිකරුවා වූ ඩැනියල් ලබාගත් ලකුණු 92 ට පන්දු 149 ක් වැය කළේය. මනරම් හතරේ පහර 15 ක් ද ඉනිමට ඇතුළත් කළ හැඩකාර වමත් පිතිකරුවා පතිරාජ සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොබිඳිණු ලකුණු 77 එක් කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ශත්කමත් කරමින් සිටිති.

කඩුලු 4 කට ලකුණු 268 ක් තිබියදී දෙවැනි දිනය ආරම්භ කළ එංගලන්ත යොවුන් කණ්ඩායමට අද දිනයේදී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ ලකුණු 113ක් පමණි. පන්දු යැවීමේදී රවීන් ද සිල්වා, වනුජ සහන්, සහන් මිහිර සහ දුවිඳු රණතුංග කඩුලු 2 බැගින් දවා ගනිද්දී විනුජ රන්පුල් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූහ.

අද දිනයේ වූ එංගලන්ත ඉනිම වෙනුවෙන් කැපී පෙනුණු යම් තිබුණේ නම් ඒ පළමු දින අවසනදී ලකුනු 98 ක් ලබා සිටි හැරී සිං ශතකය වාර්තා කිරීම විය. පන්දු 304 ක් ඒ සඳහා වැය කළ හර්ස්ට සිය ශතතකය වෙනුවෙන් හතරේ පහර 6 ක් පමණක් එල්ල කළ අතර අනෙක් ලකුණු 80 ම කඩුලු අතර දිව යමින් වූ වෙහෙසකර ගමනකින් රැස් කරගත් ඒවා විය.

සත්කාරක පිල වෙනුවෙන් පසු පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් අතර ස්ටැන්ලි මැක්ඇලින්ඩන් පමණක් ලකුණු 20 ක් ලබා ගැනීමට සමත්විය. හෙට තරගයේ තෙවැනි දිනයයි.

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 122.2 කදී සියලු දෙනා දැවී ලකුණු 381 – (මැතිව් හර්ස්ට් 116, හැරී සිං 104, බෙන් මැක්කෙනි 22, ජේම්ස් සේල්ස් 52, ස්ටැන්ලි මැක්ඇල්න්ඩන් 20, දුවිඳු රණතුංග 58/2, සහන් මිහිර 58/2, වනුජ සහන් 67/2, රවීන් ද සිල්වා 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 55 කදී කඩුලු 2 ට නකුණු 203 යි – (ෂෙවෝන් ඩැනිනයල් නොදැවී 92, අබිෂේක් ලියනාරච්චි 49, පවන් පතිරාජ නොදැවී 37)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee