slc
logo
Home   |    News
අගෝස්තු 2, 2022
එක්දින කිරුළේ අයිතිය ටැමිල් යුනියන්ට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම අද (2) සමත්විය.
ටැමිල් යුනියන් කණ්ඩායම මේ තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ තවත් පන්දු 34 ක්ද ඉතිරි ව තිබියදීය. අයහපත් කාළගුණය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගයෙන් ජය ලැබීමට ටැමිල් යුනියන් කණ්ඩායමට පන්දුවාර 37කදී ලකුණු 153ක් අවශ්‍ය වූ අතර ඔවුන් ඊට ළගා වුයේ කඩුලු තුනක් දැවී පන්දුවාර 31.2කදීය.
යුදහමුදාව මේ තරගයේදී මුලින් පන්දුවට පහරදී පන්දුවාර 49.5 කදී සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 198කි. තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුනේ රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේය .
එස් .එස් .සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහා තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ටැමිල් යුනියන් කණ්ඩායමේ අංක තුන පිතිකරු සධීර සමරවික්‍රමය . තරගාවලියේ හොදම පිතිකරු ලෙස චිලව් මේරියන්ස් කණ්ඩායමේ කසුන් විදුරද හොදම පන්දු යවන්නා ලෙස බී.ආර්. සී කණ්ඩායමේ දුවිදු තිලකරත්නද තේරිණි.
ටැමිල් යුනියන් කණ්ඩායම ලකුණු 153ක ඉලක්කයක් කරායද්දි සධීර සමරවික්‍රම පන්දු 70කදී හතරේ හතරක් සමග නොදැවී ලකුණු 58ක්ද ආරම්භක පිතිකරු දිල්රුවන් පෙරේරා පන්දු 55කදී හතරේ හතරක් සමග ලකුණු 37ක්ද නවෝද් පරනවිතාන පන්දු 39 කදී හතරේ තුනක් සමග ලකුණු 32 ක්ද රොන් චන්ද්‍රගුප්ත ලකුණු 13ක්ද රැස් කළහ.
මෙහෙදී තුන් වන කඩුල්ලට සධීර සමරවික්‍රම සහ නවෝද් පරනවිතාන ලකුණු 65ක්ද දිල්රුවන් සහ රොන් චන්ද්‍රගුප්ත ප්‍රථම කඩුල්ලට 41ක්ද දිල්රුවන් සහ සමරවික්‍රම දෙවන කඩුල්ලට ලකුණු 41ක්ද රැස් කළහ.
යුධ හමුදාව කාලසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත් ඔවුනගේ ප්‍රථම කඩුලු තුන මුළු ලකුණු 13කදී බිඳ වැටිණ.විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඔවුන් මුහුණදුන් ප්‍රධානම බාධකය වුයේ ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු වන අෂාන් රන්දික (00) හිමාෂ ලියනගේ (00) නායක තිසර පෙරේරා (00) සහ අග පෙළ පිතිකරුවන් වන අෂාන් මනෝජ් (00) රශ්මික සිරිවර්ධන යන පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු නොලබාම දැවී යාමෙනී.
ටැමිල් යුනියන් ආරම්භක පන්දු යැවූ සංතූෂ් ගුණතිලක මුළු ලකුණු 13ක් වන විට යුධ හමුදා පිතිකරුවන් තිදෙනෙකුම දවා ලමින් කණ්ඩායමට ලබා දුන්නේ ප්‍රබල ආරම්භයකී.
යුධ හමුදාවට මේ තරගයේදී යම් සටනක් දිය හැකි වන පරිදි ලකුණු 198ක් වැනි සංඛ්‍යාවක් කරා හෝ යාමට අවස්ථාව උදා වූයේ හත්වන කඩුල්ලට අසේල ගුණරත්න සහ මහේෂ් කුමාර රැස්කළ ලකුණු 74ක සබඳතාවයක් සහ අටවන කඩුල්ලට මහේෂ් කුමාර සහ මහීෂ් තීක්ෂණ එක්ව රැස් කළ ලකුණු40ක සබඳතාවයක්ය.
කෙසේ වුවද අසේල ගුණරත්න ලකුණු 59ක් ද(පන්දු 88 යි එතරේ හතරයි) මහේෂ් කුමාර ලකුණු 57ක් ද ( පන්දු 78යි හතරේ තුනයි හයේ පහරයි) සමිඳු ලක්ෂාන් ලකුණු 28ක් ද පන්දු 61යි හතරේ දෙකයි) ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 17ක් ද (පන්දු 30 යි හතරේ තුනයි) මහීෂ් තීක්ෂණ ලකුණු 15 ක්ද (පන්දු 23යි හතරේ පහරයි) රැස්කිරීමට සමත් වූහ.
ටැමිල් යුනියන් පන්දුයවන්නන් අතුරින් සංතූෂ් ගුණතිලකට අමතරව ඉසුරු උදානද ලකුණු 31කටකඩුලු තුනක් දවාලමින් දස්කම් දැක්වීය.
ලකුණු පුවරුව
යුධ හමුදාව පන්දුවාර 49.5 කදී සියල්ල දැවී 198 – අසේල ගුණරත්න 59,මහේෂ් කුමාර 57, සමිඳු ලක්ෂාන් 28,ලක්ෂාන් එදිරිසිංහ 17, මහීෂ් තීක්ෂණ 15,සංතූෂ් ගුණතිලක 14/3 ඉසුරු උදාන 31/3
ටැමිල් යුනියන් පන්දුවාර 31.2කදී කඩුලු 3ට 153 – සධීර සමරවික්‍රම නොදැවී 58, දිල්රුවන් පෙරේරා 37,නවෝද් පරණවිතාන 32,රොන් චන්ද්‍රගුප්ත 13,ධනංජය ද සිල්වා නොදැවී 04,අසංක මනොජ් 27/2

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest