slc
logo
Home   |    News
අගෝස්තු 31, 2022
එංගලන්ත යෞවනයෝ ඉනිමක පරාජයෙන් බේරෙති – වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

sinhala editor

එංගලන්ත යොවුන් පිලට එරෙහිව පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ සියලු ගෞරව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි වෙමින් අද (31 දා) නිමාවට පත්විය. ඩර්බිහි පැවැති මෙම තරගයේදී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත යොවුන් කණ්ඩායම තරගය අතර මඟ නවතා දමන විට කඩුලු 5 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියේය.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 381 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල සියලු දෙනා දැවී ලකුණු 542 ක් ලබා ගත්තේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගනිමිනි.

ලකුණු 161 ක් පිටුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියැලුණු එංගලන්ත යොවුන් කණ්ඩාය ඉතා පරෙස්සම් සහගත ලෙසින් කල්පනාකාරීව පන්දුවට පහර දීම කැපී පෙනුණි. කෙසේ වෙතත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට දෙවරක් පසුබට නොවුණු රවීන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 189 ක් ඇතුළත එංගලන්ත කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූහ. එම කඩුලු 5 න් කඩුලු 3 ක්ම නායක රවීන්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

අවසන් හෝරාව එළැඹෙත්ම ඉනිමකින් පරාජයෙන් බේරුණු එංගලන්ත පිල දෙවැනි ඉනිමේදී තවත් ලකුණු 88 ක් ඉදිරියෙන් පසුවිය. තරගයේ ස්වරූපය ගෙන බැලීමේදී ප්‍රතිඵලයක් නොවන බව වටැහී යෑම නිසා දෙපිළේම නායකයින්ගේ කැමැත්ත අනුව අවසන් හෝරාවේදී තරගය නවතා දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

සිව්වැනි දිනය ආරම්භයේදී යළිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට තවත් ලකුණු 62 ක් එක් කර ගැනීමට සමත්වූූවේය. කඩුලු 8 කට ලකුණු 480 ක්ව තිබියදී දිනය ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම හමාර වන විට ලකුණු 542 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දැමීමට අංක 10 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුවිදු රණතුරංග පෙරමුණ ගත්තේය. පන්දු 58 කට මුහුණ දුන් දුවිඳු හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් වේගවත් ලකුණු 54 ක් රැස් කළේ එංගලන්ත පන්දු යවන්නන්ව මවිතයට සහ දැඩි අසරණභාවයට ඇද දමමිනි. නායක රවීන් ද සිල්වා ලකුණු 74 කට දැවී ගියේය.

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 122.2 කදී සියලු දෙනා දැවී ලකුණු 381 – (මැතිව් හර්ස්ට් 116, හැරී සිං 104, බෙන් මැක්කෙනි 22, ජේම්ස් සේල්ස් 52, ස්ටැන්ලි මැක්ඇල්න්ඩන් 20, දුවිඳු රණතුංග 58/2, සහන් මිහිර 58/2, වනුජ සහන් 67/2, රවීන් ද සිල්වා 56/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 59.4 කදී කඩුලු 5 ට ලකුණු 249 යි – (බෙන් මැකකිනි 74, රොස් වයිට්ෆීල්ඩ් 63, හැරී සිං 25, ජේම්ස් රූ නොදැවී 34, ටොම් ලෙවිස් නොදැවී 33, රවීන් ද සිල්වා 83/3)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 157.1 කදී ලකුණු 542 යි – (ෂෙවෝන් ඩැනිනයල් 155, අබිෂේක් ලියනාරච්චි 49, පවන් පතිරාජ 55, රනුද සෝමරත්න 37, රවීන් ද සිල්වා 74, විනජු රන්පුල් 65, දුවිඳු රණතුංග 54, යුසුෆ් මජීඩ් 104/3, බර්ටි ෆෝර්මන් 139/2, බෙන්ජමින් ක්ලිෆ් 94/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee