slc
logo
Home   |    News
අගෝස්තු 4, 2022
ජූලි මස හොදම ක්‍රීඩකයා සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරියගේ නමත්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මසදී නම් කිරීමට නියමිත එම මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කෙටි ලැයිස්තුගත කර තිබේ. ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් ඇතුළත්ව සිටිති.

වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඔස්ටේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් වරම් දිනාගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 118 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 5 ක් වශයෙන් අමතක නොවන ආරම්භයක් එක් කර ගැනීමට ජයසූරිය සමත්වූවේය. ජයසූරියගේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 39 ක ජයක් වාර්තා කරමින් තරගාවලීය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදා වූවේය.

අනතුරුව පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදීද සිය දක්ෂාතවය එලෙසම පවත්වාගත් ජයසූරිය පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් දවා ගනිමින් පිට පිට ටෙස්ට් ඉනිම 3 කදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. පිට පිටම ඉනිම 4 කදී කඩුලු 5 ක් දවා ගැනීමේ ආසන්නම අවස්ථාවකට ජයසූරය එළැඹි නමුත් එම දෙවැනි ඉනිමේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 135 කට කඩුලු 4 ක් වශයෙනි.

කෙසේ වෙතත් යළිත් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය උපරිමය පෙන්නුම් කළ වමත් දඟ පන්දු යවන්නා පළමු ඉනිමේදී කඩුලු 3 ක් සහ දෙවැනි ඉනීමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඉනිම 6 කදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්තා 5 ක් සනිටුහන් කරගත්තේ සිය පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ටෙස්ට් තරග 3 කදී 29 ක් දක්වා ඉහළ දමා ගනිමිනි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee