slc
logo
Home   |    News
අගෝස්තු 1, 2022
යුද හමුදා –  ටැමිල්  යුනියන්  අවසන්  ගැටුම  හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන  අන්තර්  සමාජ ප්‍රධාතම එක්දින  ක්‍රිකට් තරගාවලියේ අවසන්  මහ තරගය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ ටැමිල් යුනියන් කණ්ඩායම් අතර හෙට (02 දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඉකුත් සෙනසුරාදා සහ ඉරිදි යන දෙදින පැවැති අවසන් පූර්ව තරග වලදී යුද හමුදා පිල විසින් ඒස් කැපිටල් පිල ලකුණු 123 කින්ද ටැමිල් යුනියන් ලකුණු 16 කින්  සී.සී.සී. පිලද පරාජය කරමින් අවසන් මහ තරග අවස්ථාව උදා කරගත්හ. යුද හමුදාව  මෙලෙස  එක්දින තරගාවලියක අවසන් මහ  තරගයට සුදුසුකම්  ලත් ප්‍රථම වතාව   මෙය වේ.

මෙවර තරගාවලියේ කැපී පෙනන දස්කම් දැක්වීමට සමත්වූ ශ්‍රී ලංකා යුද හමුදාව මේවසරේ විශිෂ්ට  දක්ෂතා  දක්වමින්  සිටිති . ඔවුන් වසර  මුලදී පැවැති අවුරුදු  23න්  පහළ  එමර්ජින්  තුන් දින  තරගාවලියේ  ශූරයින්   බවට  පත්විණි . ඊට අමතරව මේ වසරේ   ජුනි  මස 17  වැනිදා සරවනමුත්තු  ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධානතම විස්සයි-20 අවසන් මහ තරගයේදී කෝල්ට්ස් පිල පරාජයට පත් කරමින් විස්සයි-20 ශූරයින් බවටද පත්විණ.

ක්‍රිකට්  ආයතනය  මෙහෙයවන අන්තර් සමාජ මේජර්  ක්‍රිකට්  තරගාවලියේ  මුලික  වටයේ  දී  ‘ඒ ‘ කොටසට අයත්  වූ  ටැමිල් යුනියන් කණ්ඩායම තරග 12කට සහභාගිවී ඉන්  තරග දහයක්  ජයගෙන  දෙකක්  පරාජය වූ අතර ‘ බී ‘කොටසට  අයත්  යුදහමුදාව තරග 12කට  සහභාගි  වී තරග 11ක්  ජයගෙන  තරගයක් පරාජයට විය.

අවසන් මහා තරගයේදී  ටැමිල්  යුනියන් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද  සිල්වා දරනු ලබන අතර, සධීර සමරවික්‍රම, නවෝද් පරණවිතාන, ඉසුරු උදාන සහ ජෙෆ්රි වැන්ඩර්සි නම් දරා සිටින ක්‍රීඩකයෝ වෙති. යුද හමුදා කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වය යටතේ තරග වදින අතර දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සික්කුගේ ප්‍රසන්න සහ මහීෂ් තීක්ෂණ යන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ තරග වදිති.

යුද හමුදා කණ්ඩායම
ටැමිල් යුනියන් කණ්ඩායම

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee