slc
logo
Home   |    News
අගෝස්තු 27, 2022
ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

sinhala editor

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක අනපේක්ෂිත පරාජයක් අද (27 දා) ලැබුවේය. ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන්නක් විය.

ලකුණු 105 ක් හඹා ගිය ඇෆ්ගනිස්ථානු පිතකිරුවෝ පන්දු 59 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමින් ඉලක්කය සපුරා ගියේය. මෙය ශ්‍රී ලාංකේය විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ලද දැවැන්තම දෙවැනි පරාජයට බවටද ඉතිහාස ගත විය.

එම ජයග්‍රහණයේදී රාමනුල්ලා ගුර්බාස් සහ සසරාතුල්ලා සසායි එක්ව පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 83 ක් ලබා ගැනීම, ජයග්‍රහණය පිළිබඳ තිබූ සියුම් බලාපොරොත්තුවද නොපෙනන ඈතකට ඇදී යන්නට විය.  

කාසියේ වාසියේ ද බලපෑම ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබුණා නොවේ. පළමුව පන්දුවට පහර දීමට වඩා පන්දු යැවීම වාසි වුණු ඩුබායි තණතීරුවේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භයම අසීරුතාවයට පත්වීමට ගත වූයේ පන්දුවාර 2 ක් අවසන් වීමට ගිය කාලය පමණි. ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ම දෙවැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් දැවී ගිය අතර එහිදී වැඩිම හානිය සිදුකරන ලද්දේ ෆසලහක් ෆාරුකිය.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ පැතුම් නිස්සංක පන්දුවාර 2 ක් ඇතුළත දැවී ගිය පිතිකරුවෝ වූහ. පළමුව මෙන්ඩිස්ව දවා ගත් ෆසාල්හක් ෆාරුක් ඊළඟ පන්දුවේදීම චරිත් අසලංකව දවා ගනු ලැබුවේ පන්දුව ගැන හිතා ගැනීමට හෝ අවස්ථාවක් නොතබමිනි. අවසන් පන්දු 2 දී වූ එම වික්‍රමය නිසා ෆාරුක් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියත් එය සපුරා ගැනීමට ඊළඟ පන්දු වාරය තෙක් බලා සිටීමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත් ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවට කඩුල්ල ආරක්ෂා කර ගැනීමට ගුණතිලක සමත්වූයෙන් කඩුලු ත්‍රිත්වයේ බලාපොරොත්තුව ෆරුක්ට සිහිනයක්ම වූවේය.

ශ්‍රී ලංකා ඉනිමේ සිදුවූ අ‌වාසනාවන්තම සිදුවූයේ පැතුම් නිස්සංකගේ දැවී යෑමයි. නවීන් උල්හක්ගේ පන්දුවකට පහර එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා උඩ පන්දුවක් රැක ගත්තේ යැයි සිදුකරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර දැක්වූයේ පැතුම් දැවී ගිය පිතිකරුවකු ලෙසිනි. කෙසේ වෙතත් එය තෙවැනි විනිසුරුට යොමු කිරීමේදී පුණරූපණවලට අනුව එය පිත්තේ නොවැදුණු ලෙසින් සටහන් වුවත්, ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය වූයේ එය පිත්තේ වැදී යන උඩ පන්දුවක් ලෙසිනි. මෙය තරමක් මතභේදාත්මක තීරණයක් බව හොඳින්ම දැන ගැනීමට හැකි වූයේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වන ලද කණස්සලු සහගත ප්‍රතිචාර හේතුවෙනි.

ලකුණු 05 දී පළමු කඩුලු 3 ම බිද වැටෙද්දී පිටියට එක්වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවක් එක් කරමින් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට උත්සාහ කළහ. එහෙත් සටන අත් නොහළ ඇෆ්ගන් පන්දු යවන්නෝ එම සම්බන්ධතාව බිඳ දමමින් යළිත් තමන් වෙතට තරගය හරවා ගත්හ.  

නවීන් උල්හක්, මුජීබ් උර් රෙහ්මාන් සහ මොහොමඩ් නබී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු වැඩි කොටසක් බෙදා ගත්හ. පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය වැඩියෙන් කැපී පෙනෙද්දී ඒ අතරට දුවද්දී දැවී යෑමේ දෙකක්ද ඇතුළත්වීම ශ්‍රී ලංකා ඉනිමේ කණගාටුව තවත් වැඩි කරවන්නක් වූවේය. පළමු කඩුලු 9 ම ලකුණු 75 කදී බිඳ වැටී තිබියදී විටෙක ශ්‍රී ලංකාව මෙතෙක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමේ අවධානමට මුහුණ දුන්නද අවසන් කඩුල්ල ඩිල්ෂාන් මදුශංකව ආරක්ෂා කර ගනිමින් චාමික කරුණාරත්න පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 105 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට අවස්ථාව උදාවිය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee