slc
Home   |    News
සැප්තැම්බර් 8, 2022
ආසියානු කිරුළ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය අවසන් වීමත් සමඟ 2022 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ මෙතෙක් සහභාගිවුණු තරග 2ම ජය ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකාව පිල ලබන 11 වැනිදා අවසන් මහ තරගයේදී පාකිස්තානු පිල මුණ ගැසෙනු ඇත.

සුපිරි කන්ඩායම් 4 අතර තරග වටයේ දෙපිළ මේ තෙක් මුණ නොගැසුණු නමුත් ඊට පෙර සහභාගිවුණු 2 ම ජය වාර්තා කරමින් දෙපිළම අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි. අදාළ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාවත්, පාකිස්තානයත් හෙට (09 දා) දිනයේදී මුණ ගැසෙන නමුත් එම තරගයේ ජය – පරාජය අවසන් මහ තරගය සඳහා කිසිදු බලපෑමක් නොමැත. එබැවින් මෙම තරගයේදී අවසන් මහ තරගය පෙර පුහුණු තරගයක් ලෙසින් යොදා ගැනීමේ හැකියාව පවතිනු ඇත.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයන් හේතුවෙන් ඉන්දියාවටද, සහභාගිවුණු තරග 3 ම පරාජයට පත්වීම නිසා ඇෆ්ගනිස්තානු පිලටද අවසන් මහ තරග අවස්ථාව පිළිබඳ බලාපොරොත්තු අත හැර යළිත් සිය රට බලා පිටත්ව යනු ඇත.

ඒ අනුව ඉරිදා පැවැත්වීමට නියමිතව තිබෙන අවසන් මහ තරගයට පෙර සිය හොඳම සංයුතිය මනා ලෙස සකසා ගැනීම සදහා හෙට පැවැත්වෙන හොඳම අවස්ථාවක් සලසා දී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටින්නේ වසර 8 කට පසුව වේ. ඔවුන් අවසන් වරට 2014 වසරේදී පාකිස්තානු පිලට එරෙහිව අවසන් මහ තරගයට ක්‍රීඩා කළා පමණක් නොව පස්වැනි වතාවටත් ආසියානු ශූරයින් බවටද පත්විය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest