slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2022
ආසියානු කුසලානේ 6 වැනි ශූරතාව අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය මුණ ගැසෙයි

sinhala editor

වසර 8 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකිවූ ආසියානු කුසලාන යළි දිනා ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී හෙට (11 දා) සහෝදර පාකිස්තානු පිල සමඟ මුණ ගැසෙනු ඇත. ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ශූරතා 5 ක් දිනා සිටින ශ්‍රී ලංකාව හෙට තරග වදිනු ලබන්නේ 6 වැන්න දිනා ගැනීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ආසියානු ශූරතාවක් දිනාගන්නා ලද්දේ 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති තරගාවලියේදී වේ. එවතාවේදීත් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වූයේ පාකිස්තානු කණ්ඩායම වන අතර කඩුලු 5 ක ජයකින් පසු ශ්‍රී ලංකාව එම තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීය. එමෙන්ම දෙපිළ මෙම තරගාවලිය යටතේ අවසන් මහ තරගයකට ක්‍රීඩා කරන්නේද සිව්වැනි වතාවේදී වේ.

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරග පරාජයට පත්වීමත් සමග මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනු ලබන කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාවේ නම ඇතුළත් නොවිණ. මූලික තරග වටය යටතේ බංග්ලාදේශයට එරෙහිව ජය වාර්තා කරමින් සුපිරි කණ්ඩායම් 4 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලබාත් ශ්‍රී ලංකාව එම තරග වටයේ සහභාගිවුණු තරග 3 ම ජය ගනිමින් එම තරග වටයේ එකම අපරාජිත රට ලෙසින් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන පාකිස්තානු කණ්ඩායම පළමු වටයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවත් දෙවැනි වටයේදී ඉන්දියාවත්, ඇෆ්ගනිස්තානයත් පරාජය කරමින් අවසන් මහ තරග වරම උදා කරගත්තේය. අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාවට එරෙහි තරගය පමණක් පාකිස්තානු පිල පරාජයට පත්වූවේය.

මෙවර ශූරතාව දිනාගනු ඇතැයි අපේක්ෂිත රටවල් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් වූයේ පාකිස්තානු කණ්ඩායමයි. එහෙත් ඔවුන්ට ඊයේ (09 දා) පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයෙන් දුර්වල පරාජයක් ලැබීමට සිදුවීම හරහා ඔවුන් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා තරමක් පහළිනි. එබැවින් ඔවුන්ට හෙට තරගය පීඩනයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ හදිසි පිබිදීම පිටුපස සැඟවී ඇති ප්‍රධානතම කරුණ වන්නේ පිතිකරුවන් ලබා සිටින අති සාර්ථක භාවයයි. පිතිකරණය ‌උසස් මට්ටමක පැවැතීම මෙන්ම පන්දු යැවීමද ඉතාමත් නිවැරදිව සිදුකරගෙන යෑමට සමත්වීම, ශ්‍රී ලංකා පිලට යළිත් ජය මාවත විවර වී තිබේ. සියුම් කණස්සල්ලකට ඇති එකම හේතුව නම් ධනුෂ්ක ගුණතිලක සහ චරිත් අසලංක දෙදෙනා පමණක් පිතිකරණයේ රිද්මය තවමත් ගොඩ නඟා ගැනීමට අසමත්ව සිටීම වේ. කෙසේ වෙතත් ලබා සිටින ජයග්‍රහණ පිට ජයග්‍රහණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික මට්ටම පාකිස්තානු පිලට වඩා ඉහළින් තිබෙන බව නම් නොරහසකි.

අවසන් වරට පැවැති තරග 2 දී අර්ධ ශතක වාර්තා කරමින් ජයග්‍රහණ කරා රැගෙන යෑමට පැතුම් නිස්සංක සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වැඩි කරවීමට සෘජුවම බලපා තිබේ. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ඔ්නෑම රටාවකදී ඉක්මනින් අනුගතවීමට පැතුම්ට ඇති හැකියාව විස්තා විචාරකයින් පවා මවිත කරවන්නට සමත්ව තිබේ. ඔහුට අමතරව පාකිස්තානු පිලට එරෙහි තරගයේදී ලකුණු නොලබා දැවී ගියද කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා පිලේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි.

ඊට අමතර නායක දසුන් ශානක මෙන්ම භානුක රාජපක්ෂද පිතිකරණ ශක්තිය වැඩි කරනවා පමණක් නොව පිතිකරණ ශක්තිය වෙනමම තැනකට රැගෙන යෑමට සමත්ව සිටින පිතිකරුවන් යුගලයකි. සේ අතරින් දැවැන්ත ඉනිම ගොඩ නැඟීමට භානුක අසමත් වුවත් අඩු පන්දු සංඛ්‍යාකදී ඔහු කණ්ඩායම ‌වෙනුවෙන් ලබා දෙන ලකුණු 30 ඉතා වටිනා එකකි.

පන්දු යැවීමේ අංශය ගෙන බැලීමේදී වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායම වෙනුවෙන් වන වගකීම ඉතා හොදින් ඉටු කර තිබේ. සමස්ථ තරගාවලියේදීම තීක්ෂණ ඉතා සාර්ථක රිද්මයක් ගොඩ නඟාගැගනීමට සමත් වද්දී ආරම්භයේදී කිසියම් ප්‍රහාරයක් ලක් වුවත් මේ වන විට සිය උපරිමයට පැමිණීමට වනිදු සමත්ව සිටි. අවසන් වරට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි-20 පන්දු යවන්නන්ගේ යාවත්කාලීනයේදී මොවුන් දෙදෙනාම පළමු ස්ථාන 10 අතර සිටීමද ශ්‍රී ලංකාවට ආඩම්බරයට කරුණකි.

අතීත තතු විමසීමේදී ශ්‍රී ලංකාව අවසන් වරට මුණ ගැසුණු අවස්ථා 4 දීම පාකිස්තානය පරාජයට පත්කිරීමට සමත්වීම කැපී පෙනෙයි. එමෙන්ම  මේ දක්වා පන්දුවාර විස්සයි-20 තරග අංශයේදී දෙපිළ මුණ ගැසී ඇති අවස්ථා 22 න් වැඩි ගෞරව අත්කර ගැනීමට පාකිස්තානය සමත්ව සිටියි. ඔවුන් 13 ක් ජය ගෙන තිබෙද්දී ශ්‍රී ලංකාව 9 වතාවක් ජයග්‍රහණ වාර්තා කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව අතින් බැලීමේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යනු කවදත් එකිනෙකාට ලෙංගතුව කටයුතු කරන කණ්ඩායම් දෙක් බැවින් හෙට තරගයේදී එකිනෙකා අතර කෝපය ඇතිවීමඩ පවතින ඉඩ කඩ ඉතාම විරළය. මෙවර තරගාවලියේ බොහොමයක් තරග දක්ෂතාවයන් වලට එහා ගිය ක්‍රීඩකයින් අතර වූ අඩ දඹර වලට වැඩි නැඹුරුවක් වූ තරගාවලියක් ලෙසින් හැඳින්විය හැක. එහෙත් පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා තරගය ඒ සියලුම තරගවලට වඩා මිත්‍රශීලී භාවය මෙන්ම මහත්වරුන්ගේ ක්‍රීඩ‌ාවේ ගෞරවය රැක ගැනෙන තරගයක් ලෙසින් අපේක්ෂා කළ හැක. ඉතිහාසය පුරාවටම මෙම ජජාතීන් දෙක ඉතා සුහදව ගනුදෙනු කර තිබෙන අතර දෙරටම ක්‍රිකට් මෙන්ම දේශපාලන අතින් දුෂ්කරතාවන්වලට මුහුණ දී සිටියදී එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම එකී තත්ත්වය ඇතිවීමට මූලාශ්‍ර වී ඇති කරුණු වේ.

ශ්‍රී ලංකා පිල හෙට තරගයේදී බොහෝ විට වේග පන්දු යවන්නකු ලෙස ප්‍රමෝද් මදුශාන් සහ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සල්වාව ක්‍රීඩා කරවීමට වැඩි ඉඩ කඩක් පවතියි. අසිත ප්‍රනාන්දු ඉතා හොඳින් සිය වගකීම ඉටු කළද ඊයේ අවස්ථාව දුන් ප්‍රමෝද් මදුශාන්ද ඉතා හොඳින් පන්දු යැවීමට සමත්වීම නිසා, ශ්‍රී ලංකා පිල වෙනසක් රහිතව හෙට දිනයේදී අවතීර්ණු වීමට වැඩි ඉඩ කඩක් පමතිනු ඇත.

මේ අතර ආබාධයකට ගොදුරුව සිටින ශාදාබ් ඛාන් හෙට තරගයේදී බොහෝ විට කණ්ඩායමට එකතුවනු ඇති බව පාකිස්තානු නායක බාබර් අසාම්ගේ විශ්වාසය වී තිබේ.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. ධනුෂ්ක ගුණතිලක, 4. ධනංජය ද සිල්වා, 5. දසුන් ශානක, 6. භානුක රාජපක්ෂ, 7. චාමික කරුණාරත්න, 8. වනිඳු හසරංග, 9 මහීෂ් තීක්ෂණ, 10. ප්‍රමෝද් මදුශාන්, 11. ඩිල්ෂාන් මදුශංක.

පාකිස්තානය  – 1. බාබර් අසාම් (නායක), 2. මොහොමඩ් රිසාවාන්, 3. ෆකාර් සමාන්, 4. ඉෆ්තිකාර් අහමඩ්, 5. කෞශඩිල් ශා, 6. ශාදාබ් ඛාන්, 7. අසීෆ් අලී, 8. මොහොමඩ් නවාස්, 9. නසීම් ෂා, 10. හැරිස් රාවුෆ්, 11. මොහොමඩ් හස්නේන්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar