slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2022
ආසියානු කුසලාන දිනන සටනට සුභ පැතුම් එක් කරන්න ඔබත් එන්න
 

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට යෙදී ඇති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ සිංහයන් හට ජයග්‍රාහී සවියක් වීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ හැකි ඩිජිටල් ‍වේදිකාවක් හඳුන්වාදීමට, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ආයතනය වන ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු යොදා තිබේ.
 
වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරග අවස්ථාව ජයගනිමින් මව්බිමට ආසියානු කුසලාන රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරමින් ජයගොස නැගීමට සැදී පැහැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, මෙම  Wishing Portal එක වෙත QR code එකකින් හෝ වෙබ් අඩවියක් ඔස්සේ පිවිසිය හැක.

https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වන ඔබගේ සුබ පැතුම පහසුන්ම එක්කිරීමට ඔබට හැකිවනු ඇත.
 
මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානක් දිනගනු ලැබුවේ, 2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වය යටතේ වන අතර එදා එම අවසන් සටනේ ප්‍රතිවාදීන් වූ පකිස්තානයම මෙවර අවසන් සටනේත් අප ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. එදා 2014 ආසියානු කුසලාන ජයගත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු අප වත්මන් ජාතික කණ්ඩායමේ නොවීමද කැපී පෙනෙයි.
 
සුපිරි හතරදෙනාගේ වටය යටතේ නැගී එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඉකුත්වර ශූරයන් මෙන්ම මෙවර ශූරතාව දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත කණ්ඩායම ලෙසින් සැලකුණු ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරග අවස්ථාව තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

‘දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා’ යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය. ‘ මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්‍රීඩකයන්ටද අත්‍යවශ්‍ය වන වන චිත්ත  ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැන් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළකරනාවා’යි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.
 
ඩයලොග් ආසිආටා පී,එල්.සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කුසලානය ගෙන ඒම සඳහා වන Wishing Portal එක වෙත පිවිස පළමු පැතුම එක්කළ අයුරු

ඡායාරූපයේ වමේ සිට – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ජෙරම් ජයරත්න , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සහකාර  ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ඩයලොග් ආසිආටා හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar