slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2022
එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනිති

sinhala editor

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්ත යොවුන් පිල හමුවේ සහභාගි වුනු දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 7 ක පරාජයකට අද (08 දා) මුහුණ දුන්නේය.

වොර්ක්ෂයර්හි පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූයෙන් තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් විය. එක් පිලකට පන්දුවාර 35 බැගින් සීමාව පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 6 ට ලකුණු 211 ක් රැස් කළේය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී 32 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවත් සමඟ තරගයට වර්ෂා‌ොවන් බාධා ඇතිවිය. එම අවස්ථාව වන විට එංගලන්ත යොවුන් පිලේ ජයග්‍රාහී ඉලක්කයට වඩා ලකුණු 7 ක් ඉදිරියෙන් සිටීම නිසා තරගයේ ජය එංගලන්ත යොවුන් පිලට හිමිවිය. මෙම පරාජයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර යොවුන් එක්දින තරගාවලිය 2-0 ක් ලෙස එංගලන්ත පිල ජය ගනු ලැබුවේ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

යොවුන් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ජෝර්ජ් තෝමස් පන්දු 82 කදී ලකුණු 86 ක් ලබා ගත්තේය. හයේ හර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු එම ඉනිමට අමතරව ජෝසප් එක්ලන්ඩ් පන්දු 45 කදී වේගවත් ලකුණු 48 ක් ලබා තරගය ජයග්‍රහණය සඳහා වන ලකුණු සංඛ්‍යාව දක්වා ඉහළ දැමූහ.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් රනුද සෝමරත්න යළිත් සාර්ථක වෙමින් පන්දු 80 කදී ලකුණු 81 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුනු රනුදගේ ඉනිමට අමතරව ආරම්භක පිතිකරු හසිත අමරසිංහ පන්දු 81 කදී ලකුණු 71 ක් ලබා අර්ධ ශතක වාර්තා කළහ. මැද පෙළින් පැමිනි අංජල බණ්ඩාර පන්දු 23 කදී නොදැවී ලකුණු 31 ක් ලබා ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 35 කදී කඩුලු 6 ට ලකුණු 211 යි – (රනුද සෝමරත්න 81, හසිත අමරසිංහ 71, අංජල බණ්ඩාර නොදැවී 31, තෝමස් ඇස්පින්වෝල් 44/2)

එංගලන්තය පන්දුවාර 31.3 කදී කඩුලු 6 ට ලකුණු 202 යි – (ජෝර්ජ් තෝමස් 86, ‌ජෙකාබ් බෙතෙල් 28, රොස් වයිට්ළුීල්ඩ් 15, ඩැනියල් ඊබ්‍රහිම් 16, ජෝසප් එක්ලන්ඩ් නොදැවී 48)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee