slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2022
එංගලන්ත යෞවනයෝ තෙවැනි තරගය කඩුලු 2 කින් ජය ගනිති

sinhala editor

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩඩායම සහභාගිවුණු තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 2 ක පරාජයක් එංගන්තය හමුවේ අත්වින්දේය. මෙම තරගාවලියට පෙර පැවැති  තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත්තද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ.

ලෙයිස්ටර්හි පැවැති  මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටි අතර එහිදී පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 252 ක් රැස් කර ගැනීමට සමත්වූවේය. එම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී එංගලන්ත පිල පන්දු 33 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගියේය.

ලකුණු 253 ක ඉලක්කයක් හඹා යෑම සදහා පිටියට පිවිසි එංගලලන්ත කණ්ඩායම වෙනූවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ආරම්භකපිතිකරුවෝ සමත්වූහ. ලුනු 48 ක එම සම්බන්ධාතවයෙන් පසු 8 වැනි කඩුල්ල වෙනුවෙන් තෝමස් ඇස්පින්වෝල් සහ බර්ට් ෆෝර්මන් එක්ව ගොඩනංවන ලද ලකුණු 73 ක සම්බන්ධතාව එංගලන්ත යොවුන් පිලට ජය මාවත විවර කර දුන්නේය.

එහිදී ඇස්‌පින්වෝල් පන්දු 45 කදී ලකුණු 30 ක්ද ෆෝර්මන් පන්දු 49 කදී ලකුණු 30 ක්ද ලබා ගත්හස. පන්දු යැවීමේදී මල්ෂ තරුපති ලකුණු 45 කට කඩුලු 3 ක්ද සංජුල සහන් ලකුනු 42 කට කඩුලු 2 ක් ද බිද හෙළූහ.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් යළිත් සාර්ථක වුණු රනුධ සෝමරත්න පන්දු 93 කදී ලකුණු 76 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව අංජල බණ්ඩාර පන්දු 82 කදී ලකුණු 76 ක් රැස් කළේය. ඔහුට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක මනුජ සහන් ලකුණු 37 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 50 කදී ලකුණු 252 යි – (රනුද සෝමරත්න 76, අංජල බණ්ඩාර 76, වනුජ සහන් 37, අසිත වන්නිනායක 17, රවීන් ද සිල්වා 17, ජමාල් රිචර්ඩ්ස් 42/2, තෝමස් ඇස්පින්වෝල් 38/2, මිචෙල් කිලීන් 56/2)

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 44.4 කදී කඩුලු 8 ට ලකුනු 253 යි – (ජෙකොබ් බෙතෙල් 42, ජෝර්ජ් තෝමස් 29, බෙන් මැක්කිනි 27, ජමාල් රිචර්ඩ්ස් 28, තෝමස් ඇස්පින්වෝල් නොදැවී 30, බර්ටි  ෆෝර්මන් 30, මල්ෂ තරුපති 45/3, වනුජ සහන් 42/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee