slc
Home   |    News
සැප්තැම්බර් 8, 2022
දඹුල්ල සහ කොළඹ දකුණ ජය වාර්තා කරති

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ පැවැති තරග වලදී දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරග වලදී මහනුවර පිලට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වද්දී සෙසු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම් සමත්වූහ.

දිනයේ පැවැති පළමු තරගයේදී දඹුල්ල පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 152 ක් ලබා ගත් නමුත් ඊට පිළිතුරු ලෙස මහනුවර පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 61 ක් පමණි.

එම තරගයේදී දමුල්ල පිල වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කිරීමට නිමේෂා අඹතලාව සමත්වද්දී පන්දු යවමින්ද ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙළා දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

පස්වරුවේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකු පිල  කඩුලු 9 කදී ලබා දුන් ලකුණු 106 ක ඉලක්කයක හඹා යෑමේදී ගාල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි.

එම තරගයේදී ලකුණු 17 ක් සහ ලකුණු 10 ට කඩුලු 2 ක් දවා ගත් හරිනි පෙරේරා දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

දඹුල්ල – මහනුවර

දඹුල්ලට ලකුණු 91 ක ජයක්

දඹුල්ල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 152 යි – (දෙව්මි විහංගා 28, නිමේෂා අඹතලාව 45, ඉසිරි මීගම්මන 11/3, එරන්දි හංසමාලි 30/3)

මහනුවර පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුනු 61 යි – (එරන්දි හංසමාලි 12/3, හංසිකා නිපුණි 12/3, නිමේෂා අඹතලාව 12/2, බුද්ධිනී දිසානායක 05/2)

ගාල්ල – කොළඹ දකුණ

කොළඹ දකුණට ලකුණු 20 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 105 යි – (නෙත්මි සේනාරත්න 19, නිනේද්‍යා ජයසිංහ 10, මනුදි නානායක්කාර 26, හරිනි පෙරේරා 17, රශිනි නේත්‍රාංජලී 22/3, පමෝදා ශයිනි 17/2)

ගාල්ල පන්දුවාර 18.5 කදී ලකුණු 85 යි – (සෂිනි ගිම්හානි 26, රශ්මි නේත්‍රාංජලී 16, තරුෂි ප්‍රනාන්දු 18/3, හරිනි පෙරේරරා 10/2, නවෝදයා ජයසිහ 16/2, මනුදි නානායක්කාර 22/2)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest