slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2022
ක්‍රිකට් දියුණුව ගැන ක්‍රිකට් සභාපතිවරයා හෙළි කළ රහස…

sinhala editor

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම වටා එක් රොක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබා තිබෙන සාර්ථකත්වය වෙනසට ප්‍රධාන රහස වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කරයි.

ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම සහ එහි සත්කාරකත්වය සාර්ථකව සිදුකිරීම සම්බන්ධව සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපතිවරයා ඉහත අදහස් පළ කර සිටියේය.

තරගාවලියේ සමාරම්භක තරගයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව සහභාගිවූ තරග 5 ම ජය ගනිමින් ආසියානු කුසලානය 6 වැනි වතාවටත් ශ්‍රී ලංකාවට දිනා දීමට දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ. මෙහිදී මහේල ජයවර්ධන‌ මහතා සහ කණ්ඩායම අතර වන සහයෝගීතාවය පීබඳව මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමකදී සභාපතිවරයා ඉහත පිළිතුර ලබා දුන්නේය.

එම අදහස් දැක්වීමේදී ඒ මහතා මෙසේද සඳහන් කර සිටියේය.

“මහේලව අපි ගත්තේ හැම ටුවර් එකම යන්න නොවෙයි. හැබැයි අපිට කියන්න පුලුවන් මේ ක්‍රිකට් එක උඩට එන එකේ හේතුවෙක් තමයි මහේල මෙතන සිටීම. මහේල ඇත්තටම හැංගිලා වගේ තමයි වැඩ කරන්නේ. මහේලගේ දැනුමෙන් අපිට ලොකු සේවයක් වෙනවා. එයා අපේ උපදේශක විදියට වැඩ කරන්නේ. එයා තේරීම් වලට, තරගයකට පෙර කණ්ඩායම සැලසුම් කරන උපක්‍රම සෑදීම සදහා කණ්ඩායම සමඟ වැඩ කරනවා. අපේ තේරීම් කමිටුව සිදුකරනු ලබන තේරීම්, ඔක්කොම එක්තු වෙලා තමයි කරන්නේ කණ්ඩායමක් විදියට” යැයි සඳහන් කර සිටින ශම්මි සිල්වා මහතා, “අපිට ඉස්සර තිබ්බ ලොකුම පාඩුව තමයි අපිට හොද ක්‍රිකට් ක්‍රීඩකයින් එකතුවෙලා හිටපු නැති එක. අපේ දැන් ඔක්කොම ක්‍රීඩකයින් ටික එකතු වෙලා ඉන්නේ. ඉතිං අපිට ලොකු සේවයක් වෙනවා. ඒක තමයි අපේ වෙනසේ රහස” යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ලොව දියුණු රටක් ලෙසින් සැලකෙන නවසීලන්තයේ ක්‍රිකට් ආයතනයට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොහොසත් ආයතනයක් වන බව තමන් ආඩම්බරයෙන් සඳහන් කරන බවද ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය. තමන් ඇතුළු පිරිස ක්‍රිකට් ආයතනයේ බලයට පත් වන විට ක්‍රීඩකයින්ට තබා සේවකයින්ට හෝ වේතන ගෙවීම් සිදුකළ නොහැකි මට්ටමට බංකොලොත් භාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතරම් පෝසත් බවට පත්වීමට හේතුව ලෙසින් තමන් ඇතුළු වීධායක කමිටුව ගනු ලැබූ නිවැරදි තීරණ හේතු වූ බවද සභාපතිවරයා අනාවරණය කර සිටියේය.

වර්තමාන වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ඩොලර් මිලියන 40 ක වත්කමක් හිමි ආයතනයක් බැවින් එහි වත් පොහොසත් කම දන්නා බාහිර පාර්ශ්වයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් ඩොලර් ටික ගිල දැමීමට උත්සාහ කරන බවද සභාපතිවරයා මෙහිදී අනාවරණය කර සිටියේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මීට කලින් කවදාවත් ඩොලර් මිලියන 2 කට වඩා ස්ථාවර තැන්පත් තිබිලා නෑ. ඒත් දැන් අපේ තියෙනවා මිලියන 40 ක්. මේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත අපි ඩොලර් මිලියන 40 ක් එකතු කරලා තියෙනවා. නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ වත් මේ තරම් සල්ලි නෑ. නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙත් තියෙන්නේ මිලියන 35 ක් විතර” යැයි ශම්මි සිල්වා මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමාවට පත් වුණු ආසියානු කුසලාන තරගාවලියද ඉතා සාර්ථකව අවසන් කිරීමට තමන් ඇතුළු විධායක කමිටුවට හැකියාව ලැබුණු බව සදහන් කර සිටි ශම්මි සිල්වා මහතා එ් පිළිබඳව තමන් එමීරේට්ස් ක්‍රිකට් ආයතනයටද ස්තූතිය පුද කර සිටින බව සඳහන් කර සිටියේය.

ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් ඩොලර් මිලියන 6.5 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. “ආසියානු කුසලාන තරගාවලිය ලංකාවේ ගැහුවා නම් අපිට මිලියන 2.5 ක් විතර තමයි වැඩිපුරම අපිට ලැබෙන්නේ. ආසියානු ක්‍රිකට් සබාව තමයි අපිට කිව්වේ මේක ගහන්න ලංකාවට එන්න බෑ කියලා.ා මොකද අපේ රටේ ප්‍රශ්න තිබ්බ නිසා” යි පවසන සභාපතිවරයා, “ඔවුන් මෙහේ එන්න බය වුණා. ඒකෙන් අපිට තව මිලියන 4 කට වඩා වැඩියෙන් හම්බ වුණා” යැයිද සඳහන් කර සිටියේය.

“අපි ක්‍රිකට් එක හොඳට කරගෙන යනවා. මූල්‍යම්‍ය පැත්තත් හෙෲදට කරගෙන යනවා. අපේ මූල්‍ය පැත්ත හොද වෙනකොට සමහරුන්ට ඒක ප්‍රශ්නයක්, මම දන්නවාා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ලංකාවේ ක්‍රිකට් එක නැති කරන්න අපිඉඩ දෙන්නේ නෑ. මට කියන්න තියෙන්නේ මේකෙන් අපි හොද ලාභයක් ලැබුවා කියලා. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේකෙන් පාඩුවක් වුණා කියලා අපි කැමැතියි එයාලා එක්ක ඒ ගැන කතා කරන්න” යැයිද ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar