slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2022
මුවර්ස් සහ බී.ආර්.සී ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත්වූ තරග 8 අතරින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස් සහ බී. ආර්. සී. ක්‍රීඩා සමාජ සමත්වූහ.

කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී දඟ පන්දු යවන තීෂන් විතූෂාන් ලකුණු 79 කට ඉනිම දෙකේදීම කඩුලු 10 ක් දවා ගැනීමට සමත්වීම නිසා ඉනිමක සහ ලකුණු 108 ක ජයක් වාර්තා කර ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.  මේ අතර ගෝල් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 38 ක් හඹා ගිය බී.ආර්.සී. පිල කඩුලු 4 ක් පමණක් දැවී එම ඉල්කකය සපුරා ගත්තේය.

මේ අතර අයහපත් කාලයගුණය හේතුවෙන් දින සංශෝධනය කරමින් අද ආරම්භ වුණු තරග අතරින් පොලිස් කණ්ඩායමට එරෙහි තරගයේදී එස්. එස්. සී, කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 319 ක් රැස් කිරීමට සමත්විය. මෙහිදී නිපුන් ධනංජය සහ නුවනිඳු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි.

ඊට යාබද එන්. සී.සී පීටියේ පැවැති තරගයේදී එන්. සී. සී. පිල පළමු ඉනිම ලකුනු152 කට සීමා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජජය සමත්විය. මෙම තරගයේදී 28 හැවිරිද චලනද සිල්වා ලකුණු 49 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

යුද හමුදා කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසංහ ලකුණු 134 ක් ලබාගනිද්දී සී, සී. සීී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර ලන්කන් පිලට එරෙහිව ලකුණු 27 ක් ඇතුළත කඩුලු 8 ක් දවා ගැනීමට සමත්විය. මෙම පන්දු යැවීම නිසා ලන්කන් පළමු ඉනිම ලකුනු 67 කට සීමා විය.

බී.ආර්.සී. කඩුලු  6 ක ජයක්

ගෝල් මුල් ඉනිම 178 (යශෝධ ලංකා 42 කවිදු එදිරිවීර 33 දුෂාන්හේමන්ත 65/7) සහ දෙවැනි ඉනිම 149 – (දිල්ෂාන් කාංචන 52,  යශෝධ ලංකා 33,  තිලකරත්න සම්පත් 63/5, දුෂාන් හේමන්ත 54/4)

බී.ආර්.සී. මුල් ඉනිම 255  (ලහිරු සමරකෝන් 70 දුෂාන් හේමන්ත 69 සදුන් මධුශංඛ 45/5) සහ දෙවැනි ඉනිම කඩුලු 4ට  75  (පන්දුවාර 18.2) තිලකරත්න සම්පත් නොදැවී 47 සදුන් මදුසංඛ 41/3)

මුවර්ස් ඉනිමසහ ලකුණු 108 ක ජයක්

කැන්ඩිකස්ටම් මුල් ඉනිම 116 (රශ්මික මධුශංඛ 47, තීෂාන්  විතුෂාන්  44/5) සහ දෙවන ඉනිම  සියල්ල  දැවී  153  (පන්දුවාර 52 යි) (චානක  විජේසිංහ 42,  සවිදු  පතිරණ 32,  තිෂාන් විතුෂාන් 35/5, රමේෂ්  මෙන්ඩිස්  78/3)

මුවර්ස් මුල්  ඉනිම   කඩුලු  6ට  377යි (දිනුක  දිල්ෂාන්  108, පසිදු සුරියබණ්ඩාර 85, පබසර වඩුගේ 59, මෙතුෂාන් තිළිණ 74 /3)

චිලව්මේරියන්ස් –   නාවික   හමුදාව  විසඳුමකින් තොරයි

චිලව් මේරියන්ස් මුල් ඉනිම  353 –  (පුලින තරංග 81, රවීන්  යසස්  නොදැවී 77, කසුන්  විදුර 61, කසුන් ඒකනායක  75/3, ළහිරු ජයකොඩි 49/2) සහ දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 51 (පන්දුවාර 8 යි)-(කසුන් විදුර නොදැවී 38)

නාවික   හමුදාව   මුල්  ඉනිම   සියල්ල දැවී  266 (පන්දුවාර 111.3) – (මාලිංග මලිගස්පෙ 48, අදීෂ  නානායක්කාර 43,  සුපුන් ලීලාරත්න 41,  මධුර මධුශංඛ 38,  ඉරුෂික තිමිර 68/3, කේසර නුවන්ත 32/2 

රාගම  –  කුරුණෑගල යුත්  විසඳුමකින් තොරයි  

රාගම මුල්ඉනිම කඩුලු 9326 (අවිශ්ක තරිඳු නොදැවී 103, සදුන්  මදුසංඛ 62, සශික දිල්ෂාන් 50, ජනිත් ලියනගේ 35, සකිඳ විජේරත්න 104/4)

කුරුණෑගල යුත් මුල්  ඉනිම 156 (පන්දුවාර 45.3)  මොහමඩ් මොෂින් 57,  ළහිරු අබේසිංහ 35, මුදිත් ප්‍රේමදාස 26, සශික දුල්ශාන් 46/3, සංජු බන්ඩාර 28/3) සහ දෙවැනි ඉනිම කඩුලු 7115 යි (පන්දුවාර 29) – (ධනුෂ්ක ධර්මසිරි 46, ගයාන් මතීෂාන් 27, සශික දුල්ශාන් 18/3, කල්හාර සේනාරත්න 40/2)

නිගම්බුබ්ලුම්ෆීල්ඩ් විසඳුමකින් තොරයි

නිගම්බු මුල් ඉනිම 228  (පන්දුවාර 101.3) (ජේටින් සක්සේනා 85, තමෝද් විදානපතිරන 42, උමේෂ් ලක්ෂාන් 30, චානක කොමසාත්තු 79/5, හස්රන්ත් බොකාර්53/4)

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම  කඩුලු 5 199 (පන්දුවාර  55 ) – (ගජිත  කොටුවේගොඩ 58,  චරිත්  කුමාරසිංහ  48,   මාධව වර්ණපුර  නොදැවී 32,   ධනුෂ්ක සදරුවන්  41/2,   චානුක  ප්‍රනාන්දු   33/2)

යුදහමුදා නුගේගොඩ විසඳුමකින් තොරයි

යුදහමුදාව මුල් ඉනිම 150  (ගිහාන්  කෝරලගේ 37, ෂෙහාන් ප්‍රනාන්දු 28, අරවින්ද ‌ප්‍රේමරත්න 47/3,  සහන්   නානායක්කාර  20/3) සහ දෙවැනි ඉනිම   කඩුලු  4ට  257  (පන්දුවාර 80 යි) – (ලක්ෂාන්  එදිරිසිංහ 134,  හිමාෂ ලියනගේ නොදැවී 35,   තුලින  දිල්ෂාන්  32,  සහන්  නානායක්කාර 44/2)

නුගේගොඩ මුල් ඉනිම 236 – (රන්මිත  ලියනආරච්චි 83, අරවින්ද ප්‍රේමරත්න 45, දිල්හාර පොල්ගම්පල 43, කමාල්  නානායක්කාර  100/5,  අසංක මනෝජ් 66/3)

කෝල්ට්ස් සෙබස්ටියනයිට්ස් විසඳුමෙන් තොරයි  

කෝල්ට්ස් මුල් ඉනිම  274 –   (විෂාඩ් රන්දික නොදැවී 92,   ධනංජය ලක්ෂාන් 41, සංගීත් කුරේ 28, තරිදු රත්නායක 117/7) සහ දෙවන  ඉනිම  කඩුලු 7 167  (පන්දුවාර 51.2)- (ධනංජය ලක්ෂාන්  43,  ෂාලින් ද මෙල්  29,  සංගීත් කුරේ  29,  තරිදු රත්නායක 65/4) 

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම සියල්ල දැවී 240  (පන්දුවාර 105.1) – (මනෙල්කර් ද සිල්වා  63,  සජිත ජයතිලක   41, විමුද සප්නක 40,  චාමික එදිරිසිංහ 39, සංගීත් කුරේ 66/3,  දුනිත් වෙල්ලාලගේ 56/2)

ඒස් කැපිටල් ටැමිල් විසඳුමකින් තොරයි  

ඒස් කැපිටල් මුල් ඉනිම 151 – (ප්‍රමුද් හෙට්ටිවත්ත 69, කවිදු පතිරත්න 14/3) සහ දෙවන  ඉනිම කඩුලු  7ට  216 (පන්දුවාර 80.2 යි) (ලසිත් කෘස්පුල්ලේ  52,  නිනාඩ් කාඩම් 44,  ඕෂද ප්‍රනාන්දු 31, දිල්රුවන් පෙරේරා 44/3)

ටැමිල් යුනියන් මුල් ඉනිම  290 –  (රවිදු ප්‍රනාන්දු  නොදැවී 73,  කමේෂ්  නිර්මාල් 55,  රොන් චන්ද්‍රගුප්ත 43, සචිදු කොළඹගේ 87/3, තානුක දාබරේ 29/2)

සී.සී.සී –  ලන්කන්

ලන්කන් මුල් ඉනිම 67 ( පන්දුවාර 33.3) – (දේවින්ද පත්මනාදන්  16,   මාලින්ද  පුෂ්පකුමාර  27/8)

සී.සී.සී. කඩුලු 6  154 (පන්දුවාර 35.5 යි ) – (කමිදු මෙන්ඩිස් නොදැවී 63,  මිනෝද්  භානුක 38,  රජීව වීරසිංහ 65/3,  යසිරු රුද්‍රිගෝ 16/2)

එන්.සී.සී බදුරලිය

එන්.සී.සී  මුල් ඉනිම   152 (පන්දුවාර 54.2 යි) (ළහිරු උදාර 44,  සහන් ආරච්චි  34,  ජොහාන්  ද සිල්වා  29,  චලන  ද සිල්වා  49/5,  පර්විස්  රසුල් 38/3)

බදුරලිය කඩුලු 2ට  70  ( පන්දුවාර 15 යි) – (මළිදු මදුරංග   නොදැවී  36, නිපුන් රන්සික 9/1)

සරසන්ස් පානදුර

පානදුර  මුල්  ඉනිම   කිසිවෙකු  නොදැවී 70 ( පන්දුවාර 27 යි) (නවිදු  විතානගේ නොදැවී 35  සසිත  පල්ලියගුරු නොදැවී 29)

එස්.එස්.සී. පොලීසිය

එස්.එස්.සී  මුල් ඉනිම කඩුලු 6319 යි (පන්දුවාර 70) (නිපුන් ධනංජය 117, නුවනිදු ප්‍රනාන්දු 114,  මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar