slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2022
ලෝක කුසලාන ඉලක්ක කර පල්ලකැලේ පැවැති පුහුණු සැසිය සාර්ථකව අවසන්

sinhala editor

වේග පන්දු යවන්නන්ට උචිත ඔස්ට්‍රේලියානු තණතීරුවලට යම්තාක් සමානකමක් ඇති මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු සිව් දින පුහුණු සැසිය සැප්තැම්බර් 29 වැනිදා දිනයේදී සාර්ථකව අවසන් විය. නේවාසිකව පැවැති මෙම පුහුණු සැසියේ ප්‍රධානම අරමුණ වූයේ ඔස්ට්‍රේලියානු තණතීරුවල සහ එහි තත්ත්වයන්ට ක්‍රීඩකයින් හුරු කරවීම වේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසු සැප්තැම්බර් 13 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දින 10 ක විවේකයකින් අනතුරුව මෙම පුහුණු සැසියට ඉකුත් 26 වැනිදා පස්වරුවේදී පළමුව සහභාගිවූවේය.

මෙම පුහුණු සැසියේදී හිටපු නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයක් විය. මෙම පුහුණු සැසිය පිළිබඳව සැප්තැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේ, ආසියානු කුසලාන ජයග්‍රහණය දැන් අවසන් වී ඇති බවත්, ඉදිරියේදී පැමිණෙන අලුත් තරගාවලියේදී එය ජයග්‍රහණය කිරීමට ‌සැලසුම් දියත් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පිතිකරුවා ලෙසින්ද කටයුතු නවාස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, ‘ඔස්ට්‍රේලියාව තුළ තරග ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සාධක තියෙන නිසා ඒ ගැන අවධනය යොමු කරමින් තමයි මේ පුහුණු වැඩසටහන පවත්වන්න සැලසුම් කළේ” යනුවෙනි.

“විස්සයි-20 තරග රටාව අනුව කිසිම කණ්ඩායමක් අවතක්සේරුවෙන් සලකන්න බෑ. හැම කණ්ඩායමක්ම දක්ෂයි. කොහොම වුණත් ලසිත් මාලිංගගේ පුහුණුව යටතේ අපේ වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරන්න අපි පියවර ගෙන තිබෙනවා” යනුවෙන් නවාස් මහතා අදහස් දක්වා සිටියේය.

මෙම පුහුණු සැසිය සඳහා ආබාධයන්ට ගොදුරුව සිටි වේග පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරද මාලිංගගේ ගුරුහරු කම් මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වූහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඔක්තෝබර් මස 02 වැනිදා අළුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee