slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2022
‘පරාජයේ වාඩුව’  ගන්න හොඳම අවස්ථාව

sinhala editor

By Chamila Karawita

බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජය්‍රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩාම හෙට (03 දා) එම තරග වටයේ පළමු තරගය සඳහා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. එම තරගයේ  ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමයි. මූලික වටයෙ යටතේ දෙපිළම මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාව පරදා ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු පිල සමත්වූ බැවින් එම පරාජයේ වාඩුව යළි ලබා ගැනීමට හෙට දිනයේදී ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක් හිමිව තිබේ.

විස්සයි-20 තරග වලදී නොකඩාම දක්වනු ලබන දක්ෂතා හේතුවෙන් ඇෆ්ගනිස්තාන පිල හෙට දිනයේදී කිසි විටෙකත් සුලුවෙන් තැකිය නොහැකි කණ්ඩායමකි. ඔවුන්ගේ තරග පැවැත්වෙන මව්බිම ලෙසින් එක්සත් රාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ යොදා ගැනීම ඊට ඌණපූර්ණයකි. මෙම හේතුව මත ඔවුන් තුල අරාබි තණතීරුවල වන හැසිරීම පිළිබඳව සෙසු කණ්ඩායමට වලට වඩා හොද අවබෝදයක් තිබෙන බව පිළිගත යුතුය.

මෙවර තරගාවලියේදී වැරෙන් පන්දුවට පහර දෙන මෙන්ම පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව ඇති පන්දු යවන්නන් සහිතව සමබර කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත්ව සිටින ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 8 ක පරජායක් ලබද්දී බංග්ලාදේශය කඩුලු 5 ක පරාජයක් අත්වින්දේය.

‘වාග් සංග්‍රාමයකින්’ අනතුරුව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ලකුණු 180 කට වඩා වැඩි ඉලක්කයක් හඹා යමින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් නිසා වෙනදාට වඩා වැඩි විශ්වාසනීයත්වයක් මේ වන විට කණ්ඩායම තුළ නිර්මාණය වී තිබේ. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාවට සහභාගිවීමට නියමිත ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහි (හොංකොං පැරදුණහොත්) මීළඟ තරග සඳහාද හොඳ මානසික මට්ටමක් ගොඩ නඟා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හොඳ වේදිකාවක් නිර්මාණය කරනු ඇත.

හෙට තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් මූලික කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. එහිදී පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 5 දී කඩුලු ලබා නොදෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීම මෙන්ම 16 වැනි පන්දුවාරයේ සිට 20 වැනි පන්දුවාරය දක්වා වූ අධිවේගීව ලකුණු රැස් කරනු ලබන කාල සීමාවේදී වැඩි ලකුණු සංඛාවක් ලබා ගැනීමද ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිතකරය. මෙහි සැනසිල්ලට කරුණක් වන්නේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගල වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් බංග්ලා‌දේශ පිල අතර තරගයේදී ලකුණු අතරට පැමිණීමට සමත්වීම වේ.

කෙසේ වෙතත් ඇ‌ෆ්ගන් කඳවුර සතු ප්‍රබලම පන්දු යැවීමේ අවි වන මුජබර් රෙහමාන්, නවීන් උල්හක් මෙන්ම ෆසාල් ෆරූකි. ඔවුන් හමුවේ කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම, මොවුන් දෙපළගේ මූලිකම අභිප්‍රාය විය යුතුය. බංග්ලාදේශයට එරෙහි තරගය ජය ගත්තද ලකුණු 183 ක ඉලක්කයක් කරා බංග්ලාදේශ පිල ඇදී යද්දී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් යොදා ගැනීමෙහි වෙනදා නොදුටු අඩුපාඩුවක් දැක ගත හැකි විය.

ලොව අංක 1 පන්දු යවන්නා ලෙසින් සැලකෙන වනිඳු හසරංග ව අධිවේගී පන්දුවාර සංඛ්‍යාව දක්වා තබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කිරීම මත, ඔහුගේ පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 10 ට වඩා ලකුණු වේගයක් රඳවා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වියේය. එබැවින් හෙට දිනයේදී වනිඳුව ඉතා පරෙස්සමින් භාවිතා කිරීමට ශානක සිහියේ තබා ගත යුතුය.

අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න හොඳින් පන්දු යැව්වත් අසිත ප්‍රනාන්දුගේ පන්දුවාර 4 දී ලකුණු 51 ක් උදුරා ගැනීමට බංගලි පිතකරුවෝ සමත්වූහ. තම මංගල පන්දුවාරය ලකුණු 5 කට සීමා කරමින් අවසන් කිරීමට අසිත සමත් වුවත් ඊළඟ පන්දුවාර වලදී කටර් පන්දු සහ වේගය අඩාල කරමින් එවන ලද පන්දු වලට දැවැන්ත පහර වලින් සංග්‍රහ කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ පියවර ගත්හ.  

ශ්‍රී ලංකාව දෙසින් තවමත් කණස්සල්ලට හේතුවක් ඇත්‌තේ නම් පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක සිය සුපුරුදු රිද්මයන් කරා අනුගතවීමට තවමත් අසමසත්ව සිටීමයි.

එබැවින් හෙට තරගයේදී ගුණතිලකගේ ස්ථානය බොහෝ විට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වා වෙත හිමිවීමට වැඩි ඉඩ කඩක් ඇත. එසේ වුවහොත් ඉදිරි පෙළ පිතිකරුවකුගේ සේවයට අමතරව තවත් පන්දු යවන්නකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයාට අවස්ථාව උදාවේ. බංග්ලාදේශ තරගයේදී ශ්‍රී ලංකා නායකයා පන්දුවාර 20 යැවීම සඳහා පන්දු යවන්නන් පස් දෙනෙකු පමණක් යොදා ගත් නමුත් ධනංජයගේ සේවය ලබා ගත හොත් ඒ අතරතුරදී ඔහුව යොදා ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට උදාවී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හරසංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ,අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද මධුශාන්, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර.

ඇෆ්ගනිස්තාන සංචිතය – මොහොමඩ් නබී (නායක), නජිබුල්ලා සද්‍රාන්, අෆ්සාර් සසායි, අස්මතුල්ලා ඔමර්සායි, ෆරීඩ් අහමඩ්, ෆසල්හක් ෆාරුකි, හෂ්මටුල්ලා ශහිදි, හස්රතුල්ලා සසායි, ඊබ්‍රහිම් සද්‍රාන්, කරීම් ජැනට්, මුජීබ් උර් රෙහ්මාන්, නවීන් උල් හක්, නූර් අහමඩ්, රාමනුල්ලා ගුර්බාස්, රශීඩ් ඛාන්. සමිඋල්ලා ශින්වාරි.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee