slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2022
‘ෆයිනල්’ එන්න ලේසිම විදිහ

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (06 දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය දෙපිළටම ඉතාම තීරණාත්මක තරගයකි. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලැබීම සඳහා වැඩිම සුදුසුකමක් ඇති කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දියාව දෙසින් බලන විට ‌එය ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. පාකිස්තානයට එරෙහිව ලද තරග පරාජයෙන් පැය 48 ක කාලයක් ඉක්ම යෑමට පෙර පැවැත්වෙන මෙම තරගය ජය ගතහොත් පමණක් ඔවුනට තවදුරටත් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තබා  ගත හැක. එබැවින් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීම  අවසන් මහ තරග අවස්ථාව කෙරෙහි වැඩිදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරනු ඇත.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආරම්භකරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටින අතර ඉන්දියාව එහි තෙවැනි ස්ථානයට පසුවන්නේය.

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භය නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ‌සුභදායක තත්ත්වයක් නොතිබුණු බව පිළිගත යුතුය. එහෙත් ලකුණු 170 කට වඩා එහා ඉලක්කයක් හඹා යමින් පිට පිටම ජයග්‍රහණ දෙකක් වාර්තා කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩාම මේ වන විට ජයග්‍රාහී මාවතට සේන්දුවී තිබේ.

අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකාවේ හෙට දිනයේ ප්‍රතිවාදීන් වේ. ශ්‍රී ලංකාව එම 8 වැනි ස්ථානයේ රැදී සිටියද වර්තමාන කණ්ඩායම තුළ ගොඩ නැඟී තිබෙන ආත්ම විශ්වාසයත් ඊට නොදෙවැනි දක්ෂතාත් නිසා ඉන්දීය පිල පරාජය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුවේ.

ආසියානු කුසලාන තරගාවලියේ දෙපිළේ වර්තමාන තත්ත්වය එවන් තලයක පවතිද්දී ඉතිහාසයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි. විස්සයි-20 තරග ඉතිහාසයේ දෙපිළ මුණ ගැසුණු අවස්තා 25 න් 17 වතාවකදී ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 7 ක් පමණි. එහෙත් අවසන් වතාවට දෙපිළ මුණ ගැසුණු අවස්තා 5 දී කරට කර සිටීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. එම තරග 5 න් 3 ක් ඉන්දියාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ‌දෙවතාවක් ජයවාර්තා කරගැනීමට සමත්ව සිටියි. අතීත වාර්තාවන් ගෙන බැලීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියද වර්තමාන තත්ත්වය ට සැසඳීමේදී දෙපිළම කරට කර සටනකට සූදානම්ව සිටියි. තවද දෙපිළම වසර 6 කට පසු සිය නිජබිමෙන් එපිටකදී මුණ ගැසෙන පළමු තරගය වන්නේද හෙට තරගයේදී වේ.

පාකිස්තානයට එරෙහිව ලද අර්ධ ශතකයත් සමඟ විස්සයි-20 තරග වල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් ලද පිතිකරුවා බවට පත්වීමට විරාත් කෝලි සමත්ව සිටියි. ඔහු බිඳ හෙළන ලද්දේ සිය කණ්ඩායමේම රෝහිත් ෂර්මා අර්ධ ශතක 27ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තා වේ. ඉකුත් වසර 2 කට ආසන්න කාල‌යේදී ලකුණු අතරට පැමිණීමට අසමත්වූ කෝලි මෙම තරගාවලියේදී ලකුණු අතරට පැමිණ සිටීම නිසා, ඔහුගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා සේම හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුල්ලද එලෙසම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයේ සිට පසු පෙළ දක්වා වූ පිතිකරුවන් සියල්ලම ලකුණු අතරට පැමිණ සිටීම, හෙට තරගයේදී ධනාත්මක ආකල්පයක් එක් කරවන්නකි. ඔ්නෑම අවස්ථාවක තරගයක් වෙනස් කිරීමේ හැකියාවක් පවතින පිතිකරුවකු ලෙසින් ලොව නම් දරා තිබෙන කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු අතරට පැමිණ සිටීම, ශ්‍රී ලංකාව දෙසින් සුභදායී කරුණ අතරට එක්ව තිබේ.

පාකිස්තානු පිලේ මොහොමඩ් නවාස් සහ ශදාබ් ඛාන් හමුවේ ඉන්දීය පිතිකරුවන් කිසියම් පසුබෑමක් පෙන්නුම් කළහ. එය මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගට හොඳ අවස්ථාවක් පවතියි. අයි.පී.එල්. තරගාවලියේදී ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳව මොවුන් දෙදෙනාට අත්දැකීමක් තිබෙනවා මෙන්ම ඔවුන්ගේ උපක්‍රම පිළිබඳවද ඉන්දීය පිතිකරුවන් තුළ පැහැදිළි අවබෝධයක් ඇත.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, අෂේන් බණ්ඩාර, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්.

ඉන්දීය සංචිතය – රෝහිත් ෂර්මා (නායක),  ලෝකේෂ් රාහුල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, දීපක් හූඩා, හර්දික් පාණ්ඩ්‍යා, බුවනේස්වර් කුමාර්, රවී බිෂ්නෝයි යුස්වේන්ද්‍ර චෙහෙල්, අර්ෂ්දීප් සිං, දිනේෂ් කාර්තික්, අවේෂ් ඛාන්, අක්සර් පටෙල්, රවිචන්ද්‍රන් අෂ්වින්.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee