slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2022
අසිතට විස්සයි-20 වරම්, ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නා වුණු  දුෂ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට කැඳවූ අසිත ප්‍රනාන්දු අද විස්සයි-20 වරම් දිනාගැනීමට සමත්වූවේය. අසිත කණ්ඩායමට පැමිණීමේදී පළමු තරගයට ක්‍රීඩා කළ මතීෂ පතිරණට සිය ස්ථානය අහිමිව තිබේ. ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කොට පැවැති ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමෙන් පසු ඔහුට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර විය.

ප්‍රතිවාදී  බංගලදේශ පිල මෙම තරගයට පෙර ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වීම නිසා ආරම්භක පිතිකරුවන් යුගලයම වෙනස් කොට තරගයට අවතීර්ණ වීම කැපී පෙනෙයි.පෙර තරගයේ ආරම්භක පිතිකරුවන් වූ මොහොමඩ් නයීම් සහ එනමුල් හක් වෙනුවට සබීර් රෙහ්මාන් මොහදි හසන්ව කැඳවා තිබේ. ඊට අමතරව එබොදත් හොසේන් අද විස්සයි-20 තරග වරම් දිනාගෙන සිටියි

ශ්‍රී ලංකා පිල – කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක

බංග්ලාදේශ පිල –  හසන් මිරාස්, සබීර් රෙහ්මාන්, මොසදෙක් හොසේන්, ශකීබ් අල් හසන් (නායක), මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, අෆීෆ් හොසේන්, ටස්කින් අහමඩ්, එබොදත් හොසේන්, මුස්ටෆිසුර් රෙහ්මාන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee