slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2022
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි

sinhala editor

ආසියානු කුසලාන අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට වඩාත් පහසු කර ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

විචාරකයින් සඳහන් කරන ආකාරයට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය ඉතා වැදගත් වනුයේ රාත්‍රි කාලයේදී ලකුණු හඹා යෑම වඩාත් පහසු වන බැවිනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති කණ්ඩායමේ එකම වෙනස්කමක් හෝ සිදුනොකර ‌පිවිසෙද්දී ඇෆ්ගනිස්තානු කණ්ඩායම එක් වෙනස්කමක් සහිතව අවතීර්ණව සිටියි. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ අස්මතුල්ලා ඔමරසායි වෙනුවට උස්මාන් ශින්වාරි කණ්ඩායමට පැමිණ සිටියි.

කාසියේ වාසිය උරගා බැලීම අතරතුර අදහස් දැක්වූ ඇෆ්ගනිස්තානු නායක මොහොමඩ් නබී සඳහන් කර සිටියේ කාසියේ වාසිය දිනා ගත්තේ නම් තම කණ්ඩායමද පන්දු යැවීමට බලාපොරොත්තුවෙන් පසුවූ බවයි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. චරිත් අසලංක, 4. ධනුෂ්ක ගුණතිලක, 5. භානුක රාජපක්ෂ, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. මහීෂ් තීක්ෂණ, 10. අසිත ප්‍රනාන්දු, 11. ඩිල්ෂාන් මදුශංක.

ඇෆ්ගනිස්තානය – හස්රතුල්ලා සසායි, 2. රාමනුල්ලා ගුර්බාස්, 3. ඊබ්‍රහිම් සද්‍රාන්, 4. නජිබුල්ලා සද්‍රාන්, 5. මොහොමඩ් නබී (නායක), 6. රෂීඩ් ඛාන්, 7. කරීම් ජනට්, 8. සමිඋල්ලා ශින්වාරි, 9. නවීන් උල් හක්, 10. මුජීබ් උර් රෙහ්මාන්, 11. ෆසල්හක් ෆරුකි.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee