slc
Home   |    News
ඔක්තෝබර් 9, 2022
තරිඳු සහ සුදාර කඩුලු 50 සාමාජිකයෝ වෙති

sinhala editor

මේජර් අන්තර් සමාජ  තුන් දින ලීග්  තරගවලියේ පානදුර සහ  නාවික   හමුදාව අතර  තරගයේදී පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති පිත්තෙන් ලකුණු 107 ක්ද පන්දු යවමින් ඉනිම දෙකේදීම කඩුලු 8 ක් දවා ගනිමින් දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතා හේතුවෙන් පානදුර කණ්ඩායම ජයග්‍රාහී මාවතකට සේන්දු කර ගැනීමට දායකත්වය දැක්වූවේය. පළමු ඉනිමේදී ලකුණු 73 කට කඩුලු 5 ක් දවා ගන්නා විමුක්ති දෙවැනි ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මොහුගේ දක්ෂතාව හේතුවෙන් ඉනිමක පරාජයෙන් බේරීමේ අවධානමකට මුහුණ දී සිටින නාවික හමුදා කණ්ඩායම තවත් ලකුණු 125 ක් පිටුපසින් සිටියි. ඔවුන්ගේ දෙවැනි ඉනිම මේ වන විටත් සටහන් වන්නේ ලකුණු 89 කට කඩුලු 6 ක් ලෙසිනි.

මේ අතර දිනයේ කැපී පෙනුණු දක්ෂතා අතර එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය සහ කෝල්ට්ස් පිලේ දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

22 හැවිරිදි ආරම්භක පිතිකරුවා ධනංජය පෙර දිනයේ ලබා සිටි ලකුනු 173 අද දිනයේදී ද්විත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගත්තේය. නිපුන්ගේ මංගල ද්විත්ව ශතකය ලෙසින් සටහන් වුණු එම ඉනිම පන්දු 303 කදී හතරේ පහර 21 ක්  සමඟින් ලකුණු 201 ක් ලෙසින් සටහන් විය.

19 හැවිරිදි දුනිත් සිය පන්දු යැවීම ලකුණු 152 කට කඩුලු 8 ක් ලෙසින් සනිටුහන් කරගත්තේ සිය පළමු පෙළ තරග දිවියේ ඉහළතම දක්ෂතාව බවට එය පත් කර ගනිමිනි.

ඊට අමතරව බදුරලිය ක්‍රීඩා සමාජයේ අනුක් ප්‍රනාන්දු ලකුණු 110 ක්, මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 119 ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 122 ක් වශයෙන් ශතක වාර්තා කළහ. මෙය රමේෂ් මෙවර තරග වාරයේ රැස් කරන ලද දෙවැනි ශතකය ලෙසින් සටහන් විය.

මේ අතර අද දිනයේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දෙඅතින්ම පන්දු යැවීමට සමත් තරිඳු රත්නායක කඩුලු 50 සීමාවට පැමිණි තෙවැන්නා බවට පත් වද්දී කලුතර නාගරික පිලේ වමත් දඟ පන්දු යවන සුදාර දක්ෂීණ ලකුණු 81 කට කඩුලු 6 ක් දවා ගනිමින් කඩුලු 50 සීමාව ඉක්මවාලූ සිව්වැන්නා බවට පත්වූවේය.

  • සෙබස්ටියනයිට්ස් –  සී.සී .සී

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 151යි  ( ලොහාන් ද සොයිසා 57 මනෙල්ක ද  සිල්වා 28  සොනාල්  දිනුෂ  22/5   කවිදු මෙන්ඩිස් 27/3 )

සී.සී.සීමුල්  ඉනිම  481යි( පන්දුවාර 113.5 ) – (කමිදු මෙන්ඩිස් 122 මිනෝද් භානුක 83  චමිදු විජේසිංහ 47  පවන්  රත්නායක 34 අෂාන් ප්‍රියංජන් 64 ලක්ෂාන් සදකැන්  47 තරිදු රත්නායක 163/6 අක්තාබ් කාදර් 44/2)

සෙබස්ටියනයිට්ස් දෙවන  ඉනිම   කිසිවෙකු නොදැවී 01

  • ගෝල් –  කුරුණෑගල යුත්

ගෝල්  මුල්  ඉනිම  239 – (සමීර  කදනආරච්චි 123 ෂලිත්   ප්‍රනාන්දු  34 කවිදු එදිරිසිංහ  37 සකිදු විජේරත්න 47/6)

කුරුණෑගල යුත් මුල්  ඉනිම  කඩුලු 7 ට  344 ( පන්දුවාර 100) සනෝජ් දර්ශික නොදැවී 81ගයාන්  මතීෂාන් 70 දිනුෂ්ක්  මලන් 53අසිත  වන්නිනායක 41 රගු ෂර්මා 114/5)

  • කලුතර කැන්ඩි කස්ටම්

කලුතර නගර මුල් ඉනිම 142( නිපුන් ගමගේ  46 සදීෂ් ජයවර්ධන 29 සචිත්‍රපෙරේරා 18/6)

කැන්ඩි කස්ටම්  මුල්  ඉනිම   265  ( පන්දුවාර 83.4)- (ඉමේෂ් උදයංග 79  හර්ෂ රාජපක්ෂ 45  රශ්මික මධුශංඛ 46  සචිත්‍රාපෙරේරා  25 සුදාර  දක්ෂිත 81/6  තරිදු සිරිවර්ධන 25/2)

කලුතර නගර දෙවන  ඉනිම   කඩුලු 9168 ( පන්දුවාර 52 යි)  ( මාධව  නිමේෂ් නොදැවී 79  යොහාන්  මෙන්ඩිස් 20 ඉමේෂ් උදයංග 41/4 සචිත්‍ර පෙරේරා 61/3)

  • බී.ආර් .සී.  –   මුවර්ස්  

බී.ආර්.සී මුල්  ඉනිම  231 (ලියෝ ෆ්‍රැන්සිස්කො 53  දනල් හේමානන්ද 47  දිලාන් ජයලත් 38 දුෂාන් හේමන්ත 32මිලාන්  රත්නායක  55 /3  රමේෂ් මෙන්ඩිස් 64/3)

මුවර්ස් මුල් ඉනිම 394  පන්දුවාර 88.5 යි   – (රමේෂ් මෙන්ඩිස් 119  අදීෂ තිලංචන 54 සොහාන් ඩිලිවේරා 73 පසිදු සුරියබණ්ඩාර 32 දුෂාන් හේමන්ත 85/5  තිලකරත්න සම්පත් 32/2)

බී.ආර් .සී දෙවන  ඉනිම  කිසිවෙකු නොදැවී 33 ( පන්දුවාර 15 )  දුලාජ් අෂේන් නොදැවී 21

  • පානදුර නාවික හමුදාව

පානදුර මුල් ඉනිම 433 ( පන්දුවාර 99.3යි  )  –  ( නිමේෂ් විමුක්ති 107 ෂනුක දුලාජ් 86පවන් සිල්වා 50  අභිෂේක් ගුප්තා 61 රොෂාන් විජේනායක 46 සචිත්‍ර  සේනානායක 95/4 යි )

නාවික හමුදා මුල් ඉනිම 219 යි (පනදුවාර 57.2යි ) – ( කවිදු රණසිංහ 59අදීෂ නානායක්කාර 39 නිමේෂ් විමුක්ති 73/5 කොසන් ධනුෂ්ක 70/4යි)

නාවික හමුදාව දෙවන  ඉනිම   කඩුලු 689  ( පන්දුවාර 18යි) – සහන්  කෝසල  නොදැවී 25 කවිදු රණසිංහ 16 නිමේෂ් විමුක්ති 40/3 කොසාන් ධනුෂ්ක 31/3)

  • එන්.සී.සී.  –  නුගේගොඩ

නුගේගොඩ මුල් ඉනිම 371(  පන්දුවාර 109.5යි) –  (රුමේෂ් බුද්ධික  109   රනිල් ලියනආරච්චි 70 නවීන් ප්‍රනාන්දු නොදැවී 50 දිල්හාර  පොල්ගම්පල 32  මතීෂ පතිරත්න 46/4 ලසිත් ඇඹුල්දෙණිය 117/3)

එන්.සී.සීමුල්  ඉනිම  කඩුලු 5 ට  318යි (පන්දුවාර 51.2 යි)  -(නිරෝෂන් දික්වැල්ල 88 කවීන්  බණ්ඩාර 71 සදුන් වීරක්කොඩි නොදැවී 71  අහන් වික්‍රමසිංහ 55 චමින්ද බණ්ඩාර 103/2 නවීන් ප්‍රනාන්දු 43/2)

  • රාගමලන්කන්

රාගම මුල් ඉනිම කඩුලු 9 499 ( පන්දුවාර 129.3)   – ( දිනෙත් තිමෝද්‍ය 93 අවිශ්ක තරිදු 90 ළහිරු දෙවටගේ  70 නිශාන් මධුශංඛ 64   ජනිත් ලියනගේ 48කසුන් මධුශංඛ 92/2 රජීව වීරසිංහ 102/2)

ලන්කන් මුල්  ඉනිම  කඩුලු3ට  122 (පන්දුවාර 42) කසුන් අබේරත්න 54 ගීත් කුමාර නොදැවී  33  ජනිත් ලියනගේ 18/2 )

  • සරසන්ස් නිගම්බු

සරසන්ස් මුල්  ඉනිම  235 – සිතාර ගිම්හාන් 61 දුෂාන්   විමුක්ති 60   නිපුන්  කරුනානායක 74 උපුල් ඉන්ද්‍රසිරි 63/4  චානුර  ප්‍රනාන්දු 44/3)

නිගම්බු මුල්  ඉනිම  241  ( පන්දුවාර 80.4යි) –  (ඇන්ජලෝ ජයසිංහ 79 කෙවින් අල්මේදා75 ජේටින් සක්සේනා 24  මොහමඩ් දිල්ෂාන් 55/3 කවික   දිල්ෂාන් 60/3) 

සරසන්ස් දෙවන  ඉනිම කඩුලු 258(පන්දුවාර 17) හසේනා රාමනායක් නොදැවී 20  සිතාර ගිම්හාන් 22 උපුල් ඉන්ද්‍රසිරි 16/1)

  • එස් .එස් .සී කෝල්ට්ස් 

එස් එස් සී මුල්  ඉනිම  කඩුලු 9444  ( පන්දුවාර 126.2) ( නිපුන් ධනංජය 201 රොෂාන් සිල්වා 96 මනෝජ් සරත්චන්ද්‍ර 68  දුනින් වෙල්ලාලගේ 152/8).

කෝල්ට්ස් මුල්   ඉනිම කඩුලු 5 174 ( පන්දුවාර  44 යි) (ධනංජය ලක්ෂාන් 56 හෂාන් දුමිදු 49 ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49 නිසල   තාරක  51/2)

  • බදුරලිය –  චිලව්මේරියන්ස්

බදුරලිය මුල්  ඉනිම   432 ( පන්දුවාර 100.4) – අලංකාර අසංක 127 අනුක  ප්‍රනාන්දු  110  ගිහාන්   රූපසිංහ  නොදැවී 61  රනේෂ්  සිල්වා   30  තීක්ෂණ ද  සිල්වා   64/3  රජිද පුංචිහේවා 63/3

චිලව්මේරියන්ස් මුල්  ඉනිම  කඩුලු 3 196 යි   ( පන්දුවාර 63යි) – (කසුන් විදුර නොදැවී 68  ස්වාප්නිල් ගුගේල් 67 ලසිත් ලක්ෂාන් 34 ළහිරු  ගමගේ  18/1)

  • යුදහමුදාවටැමිල් යුනියන්

යුදහමුදාව මුල් ඉනිම   212  (මහේෂ් කුමාර 50 ලක්ෂාන් එදිරිසිංහ 38   යශෝධ මෙන්ඩිස්  31 ශිරාන් ප්‍රනාන්දු 75/4 කවිදු පතිරත්න 50/3)

ටැමිල් යුනියන්   මුල්  ඉනිම   200  ( පන්දුවාර 55.4)(නවෝද් පරනවිතාන 50 රවිදු  ප්‍රනාන්දු 48  දිලුම්  සුධීර නොදැවී  24 කමිදු පතිරත්න  23 අසංක  මනෝජ්   81/4  යශෝධ මෙන්ඩිස් 28/2)

යුද හමුදාව දෙවන ඉනිම   කඩුලු 4160යි (පන්දුවාර 54)  – (විෂාඩ්  රන්දික   51 පැතුම්  බොතේජු නොදැවී  40 ෂෙහාන්  ප්‍රනාන්දු 29 ශිරාන් ප්‍රනාන්දු 52/3)

  • ගුවන් හමුදාව –  බ්ලුම්ෆීල්ඩ්

ගුවන් හමුදාව මුල් ඉනිම 273 ( පන්දුවාර 106.3 යි ) – (  සචින්  ජයවර්ධන  59  කසුන් ඒකනායක 48 ආදිත්‍ය  සිරිවර්ධන  51  දුලාංජන  මෙන්ඩිස්  38 හස්නෙන් බොකාරි 55/3 දිලීප ජයලත් 21/3)

බ්ලුම්ෆීල්ඩ් මුල්  ඉනිම  කඩුලු 8 ට  213( පන්දුවාර 71යි) චරිත  කුමාරසිංහ 50 ගජිත   කෝට්ටෙගොඩ  නොදැවී 44 නිමද  මධුශංඛ 35  හර්ෂ  විතාන  35 ගයාන්   සිරිසෝම 82/3 ළසද රුක්මාල් 46/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest