slc
Home   |    News
නොවැම්බර් 29, 2022
අපරාජිත කොළඹ උතුර හා කොළඹ දකුණ අවසන් ගැටුමට

sinhala editor

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (29) කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැත් වෙයි.

15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කණ්ඩායම් 5ක් අතර පැවැති තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට කොළඹ උතුර සහ කොළඹ දකුණ සමත්වීම හේතුවෙන් මෙම අවසන් තරගයට එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීය.

කොළඹ උතුරු පිල සියලු කණ්ඩායම් පරාජය කරමින් අපරාජිතව පෙරමුණේ පසුවන අතර කොළඹ දකුණ පිල සහභාගී වූ එක් තරගයක් පරාජයට පත්විය. කොළඹ දකුණ පිල එම පරාජය ලැබූවේ අද අවස8න් තරගයේදී හමුවන කොළඹ උතුර පිලෙන් වීහ විශේෂත්වයකි. එබැවින් කොළඹ උතුර පිල එම ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම අවසන් සටනට පිවිසීම සැලකිය යුතු වාසියකි.

මෙම තරගාවලියේදී ගාල්ල පිල තරග 4කදී තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජය වූ අතර, මහනුවර පිල තරග 4කදී තරගයක් ජයගෙන තරග තුනක් පරාජය වූ අතර, දඹුල්ල පිල සහභාගී වූ තරග 4ම පරාජයට පත් වූහ.

කිත්ම සිත්මාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුරු පිලේ පිතිකරුවන් අතර ෂාන් අබේරත්න, නෙතුල එදිරිමාන්න හා ඔෂධ ප්‍රමුදිත ඉදිරියෙන්ම සිටින පිතිකරුවෝ වෙති. නිමාවට පත් වූ තරග 4දී ෂාන් අබේරත්න ලකුණු 95ක්, නෙතුල එදිරිමාන්න ලකුණු 92ක් හා ඔෂධ ප්‍රමුදිත ලකුණු 74ක් ලබා සිටිති. පන්දු යැවීමේදී කොළඹ උතුරු පිලේ ප්‍රශාෂ් පෙරේරා හා දිනුජ සමරරත්න කඩුලු 8 බැගින් බිද හෙලා ඇති අතර ළහිරු ලක්මාල් කඩුලු 7ක්, තරූෂ නවෝද කඩුලු 6ක් හා කිත්ම සිත්මාල් කඩුලු 5ක් බිදහෙලා පන්දුවෙන් දස්කම් දක්වා සිටිති.

කොළඹ දකුණු පිලේ පිතිකරුවන් අතර තරග 4කදී ලසත් ප්‍රනාන්දු ලකුණු 101ක්, හිරුක සිල්වා ලකුණු 93ක් හා යසිදු දිසානායක ලකුණු 90ක් ලබා ඉදිරියෙන්ම සිටිති. එමෙන්ම තෙවිදු වේවැල්වල ලකුණු 54ක් හා තත්සර නිලන්ජිත් ලකුණු 53ක් ලබා කොළඹ දකුණු පිලේ පිතිකරු බල ඇණියට ශක්තිය සපයමින් සිටිති.

කොළඹ දකුණු පිලේ පන්දු යවන්නන් අතර කොෂේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 8ක් බිදහෙලා සිටින අතර, හිමරු දේශාන් කඩුලු 6ක් හා යසිදු දිසානායක කඩුලු 5ක් නිමා වූ තරග වලදී බිදහෙලා ඇත.

කොළඹ උතුර – කිත්ම විදානපතිරණ (නායක), තබිත් රස්ෆිකාර්, සදීෂ සිල්වා, නෙතුල එදිරිමාන්න, ෂේන් අබේරත්න, රචින්ත ද සිල්වා, රන්මිත් දිනුවර, තරුෂ නවෝද්‍ය, ළහිරු ලක්මාල්, දිනුජ සෝමරත්න, ඔසද ප්‍රමුදිත, නවිඳු රුද්‍රිගු, රසිත් නිම්සර.

කොළඹ දකුණ – රෙෂාන් පීරිස් (නායක), ජොෂුවා සෙබස්ටියන්, හිරුක සිල්වා, ලෂේන් ප්‍රනාන්දු, සත්සර නිලංජිත්, මෙෂෝන් ෆර්ඩිනැන්ඩෝ, රෂාන් නවංජන, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, හිමරු දේශාන, දිනෙත් වේරගල, තෙනූෂ යාපා, යසිඳු දිසානායාක, තෙවිඳු වේවැල්වල.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest