slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2022
කොළඹ උතුර අපරාජිතව අවසන් සටනට

sinhala editor

ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල පිල සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරද්දී කොළඹ උතුර අපරාජිතව සිය සිවුවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල හා මහනුවර අතර තරගයෙන් කඩුලු 2ක ජයක් ගාල්ල හිමිකරගත් අතර රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කොළඹ උතුර පිල ලකුණු 61කින් දඹුල්ල පිල පරාජය කළේය.

ගාල්ල – මහනුවර අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලපින් පන්දුවට පහර දුන්නේය.

මහනුවර සියලු දෙනා දැවී ලකුණු 136 (ඕවර් 31.3)
නිකේෂල නානායක්කාර 23, කවීෂ චන්දිමාල් 25, ෂෙවාන් කනිෂ්ක 37 ( චලන ඉන්දුෂ 11/4, ප්‍රවීන් මධුසංඛ 18/2, විරාන් චමිදුත 19/2, සමිරු ගිම්හාන් 40/1)

ගාල්ල කඩුලු 8කට ලකුණු 140 (ඕවර් 43)
දුල්ෂිත් දර්ශන 47, බෙවින් ජයවර්ධන 22, චලන ඉඳූෂ නොදැවී 11 ( සෙත්මික සෙනවිරත්න 25/4, කෞෂික කුමාරසිංහ 22/1, ෂෙවාන් කනිෂාස් 26/1, අම්මාන් මන්සීල් 11/1, දිනුක් මොරගම්මන 16/1)

කොළඹ උතුර හා දඹුල්ල අතර තරගයේදී දඹුල්ල කණ්ඩායම කාසියේ වාසිය දිනා කොළඹ උතුර පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

කොළඹ උතුර සියලු දෙනා දැවී ලකුණු 130 (ඕවර් 45.3)
තාබීත් රිෆ්රිකාර් 14, ෂාන් අබේරත්න 35, නෙතුල එදිරිමාන්න 21, රන්මිත දිනුවර 13, ප්‍රශාෂ් පෙරේරා 14, ළහිරු ලක්මාල් 14 ( වී. අකේෂ් 33/5, පමුල ලොකුලියන 15/2, දමේෂ් මතිෂාන් 27/1, පහසර බණ්ඩාර 20/1)

දඹුල්ල සියලු දෙනා දැවී 69 (ඕවර් 32.5) පබසර දිසානායක 12, රජිත නවොද්‍ය 15, කවීන් දෙනෙත් 12 ( ප්‍රශාෂ් පෙරේරා 5/3, ළහිරු ලක්මාල් 11/3, තරූෂ නවෝද්‍ය 2/2, රසිත් නිම්සර 13/1, නවිදු රොද්‍රිගූ 21/1)

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar