slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2022
කොළඹ දකුණ පිට පිටම දෙවැනි ජයත් ලබයි

sinhala editor

ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජයත් වාර්තා කිරීමට කොළම දකුණ කණ්ඩායම සමත්විය. ගාල්ලට එරෙහිව පැවැති එම තරගයේදී කඩුලු 7 ක ජයක් ලද කොළම දකුණු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 20ත.5 කදී ලකුණු 66 කට සීමා කළ කොළඹ දකුණු ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 16 කදී කඩුලු 3 ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී යසිඳු දිසානායක සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

මේ අතර වෙළෙඳසේවා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී තියුණු තරගයකින්  පසු දඹුල්ල පිල පරදවා කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් දඹුල් කණ්ඩායම පන්දුවාර 49 කදී ලකුණු 191 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 44.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

මෙහිදී මහනුවර පිල වෙනුවෙන් නිකේෂල නානායක්කාර ලකුනු 64 ක් ද ෂෙවාන් කනිෂස් ලකණු 46 ක්ද රැස් කළහ.

මහනුවරට කඩුලු 2 ක ජයක්

දඹුල්ල පන්දුවාර 49 කදී ලකුණු 191 (පබසර දිසානායක 85, පමුල ලොකුලියන 16, කෙනුල පිහිලංග 20/3, සෙත්මික සෙනෙවිරත්න 36/3)

මහනුවර පන්දුවාර 44.1 කදී කඩුලු 8 ට ලකුණු  195 යි – (නිකේෂල නානායක්කාර 64, ශෙවාන් කනිෂස් 46, සෙත්මික සෙනෙවිරත්න 20, දමේෂ් මතිශාන් 31/3, විග්නේශ්වරන් ආකාශ් 52/3)

කොළඹ දකුණට කඩුලු 7ක ජයක්

ගාල්ල පන්දුවාර 20.5 කදී ලකුණු 66 යි – (විරාන් චමුදිත 27, යසිඳු දිසානායක 09/3, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 14/3)

කොළඹ දකුණ පන්දුවාර 16 කදී කඩුලු 3 ට ලකුණු 70 යි – (තෙවිඳු වේවැල්ලාවල 18*, හිරුක සිල්වා 16

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee