slc
Home   |    News
නොවැම්බර් 24, 2022
‘ග්‍රේස්’ අපරාජිතව අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ අද  (22) පැවැති තරගයේදී ග්‍රීන් පිල ලකුණු 46කින් පරාජය කළ ග්‍රේස් පිල පිට පිට තෙවැනි ජය ලබා අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.  

ඒ අනුව හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල හා නිලක්ෂී ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල අතර අවසන් මහා තරගය මේ මස 25 වැනිදා කොළඹ බීආර්සී පිටියේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය පුරා අණසක පැතිර වූ ග්‍රේස් පිල විසින් බ්ලූස් පිල ලකුණු 124කින්, රෙඩ්ස් පිල කඩුලු 3කින් හා ග්‍රීන් පිල ලකුණු 46කින් පරාජය කිරීමට සමත් විය. ග්‍රේස් පිලට පමණක් දෙවැනි වූ රෙඩ්ස් පිල මෙම තරගාවලියේදී ග්‍රීන් පිල කඩුලු 8කින් හා බ්ලූස් පිල කඩුලු 3කින් පරාජය කළේය.  

අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබූ ග්‍රීන් පිල විසින් බ්ලූස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ අතර අනෙක් තරග දෙකම පරාජයට පත් විය. බ්ලූස් පිල සහභාගී වූ තරග තුනම පරාජයවී ඇති බැවින් ඔවුන් ද තරගාවලියෙන් ඉවතට ගියේය.

කොළඹ බී.ආර්.සී. පිටියේදී ඊයේ පැවැති තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ග්‍රේස් පිල ඕවර් 44කදී ලකුණු 202ක් ලබාගත් අතර ග්‍රීන් පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 156කට සීමාවිය.  ග්‍රීන් පිලේ සියලු බලාපොරොත්තු සුන් කළ වමත් දඟ පන්දු යවන 36 හැවිරිදි ඉනෝකා රණවීර කඩුලු 3ක් හා දකුණතින් පිට දඟ පන්දු යවන 35 හැවිරිදි ඉනෝෂී ප්‍රනාන්දු කඩුලු 2ක් බිද හෙලා පීඩනය වැඩි කළහ. එම පීඩනය මැද ආරම්භක පිතිකාරිණිය වූ හසනි පෙරේරා පන්දු 81කදී හතරේ පහර 3ක් සමග ලකුණු 50ක් ලබාගත් අතර අනූෂා සංජීවනී ලකුණු 27කට දැවී ගියාය.  

ග්‍රේස් පිලේ නායිකා හර්ෂිතා සමරව්ක්‍රම කැපී පෙනෙණ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 124කදී හතරේ පහර 9ක් සමග ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය. මැද පෙළ ශක්තිමත් කළ හංසිමා කරුණාරත්න ලකුණු 55ක් හා ආරම්භක පිතිකාරිණිය ඉමල්කා මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කළහ.

ග්‍රෙස් පිල ලකුණු 202යි (ඕවර් 44) – හර්ෂිතා සමරව්ක්‍රම 78, හංසිමා කරුණාරත්න 55, ඉමල්කා මෙන්ඩිස් 22, කසුනි නුත්‍යාංගනා 10 ( රශ්මි සිල්වා 46/4, සුලේෂා සත්සරණී 23/3, නිමේෂා මධුෂාණී 34/2, චමරි ලක්ෂානී 48/1)  


2 / 2

ග්‍රීන් පිල කඩුලු 8කට ලකුණු 156යි (ඕවර් 50) – හසනි පෙරේරා 50, අනූෂා සංජීවනී 27, උදේශිකා ප්‍රබෝදනී නොදැවී 26  (ඉනෝකා රණවීර 32/3, ඉනෝෂී ප්‍රනාන්දු 17/2, අචිනි කුලසූරිය 32/1, සඳනි ද සිල්වා 34/1 සෂිනි ප්‍රනාන්දු 17/1)


Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest