slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2022
ගුණාත්මක බව වැඩි කරන්න ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් මහතාත් LPL සමඟ එක්වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ක්‍රිකට් ලොව වඩාත්ම ගෞරවාදයට පත්‍රව සිටින ක්‍රීඩකයෙක් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක විවියන් රිචර්ඩ්ස් මහතාව එක්ව සිටියි.  දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ වන තෙවැනි එල්.පී.එල්. තරගාවලිය ලබන දෙසැම්බර් මස 23 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වේ.

මෙම අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා, “එල්.පී.එල්. තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ තරගාවලිය ශ්‍රී ලංකාවට විශිෂ්ඨ දක්ෂතා සහිත ක්‍රීඩකයින් සොයා ගැනීම සඳහා හොඳ තරගාවලියක්. ආසියානු ශූරයින් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට මෙම තරගාවලිය කොටසක් වෙලා තියෙනවා. අවසන් වරට පැවැති තරගාවලි 2 මම නැරඹුවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉතා උසස් මට්ටමක තිබුණා වගේම ඉදිරියේදී ක්‍රීඩකයින් එය එලෙසින්ම පවත්වාගෙන යනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් සඳහන් කර සිටියේය.

“මට ශ්‍රී ලාංකේය ජනතාවගෙන් විශාල ආදරයක් ලැබෙනවා. මම මේ රටට ආදරෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජනතාව පසුගිය කාලයේදී දැඩි දුෂ්කතාවයට මුහුණ දෙමින් ජය ගත් ජාතියක්. මීළඟ එල්.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකාවට පැමිණීටට අවස්ථාව හිමිවීම ගැන මම ඇත්තටම සතුටට පත්වෙනවා. මේ තරගාවලිය රටේ ජනතාවගේ මුහුණුවලට හිනාවක් ගෙනේව කියලා මට විශ්වාසයි” යැයි රිචර්ඩ්ස් වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

2020 වසරේදී පළමුව ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගෙවී ගිය තරගාවලි දෙක ඇතුළත විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්විය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඇලුම් කරන මෙරට ක්‍රිකට් රසිකයින්ට ඔවුන්ගේ සුපිරි තරු නැවත ක්‍රියාමත්මක වනු දැකීමට පසුවන්නේ දැඩි උනන්දුවකිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන නවක ක්‍රීඩකයින්ට ‌ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සඳහා කදිම වේදිකාවක් සකසා දුන් එල්.පී.එල්. අභිනව තරගාවලියේ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව එය රූපවාහිනී, ඩිජිටල්-සමාජ සහ සම්ප්‍රදායික මාධ්‍ය ආයතන හරහා ලොව පුරා වෙසෙන මිලියන 557 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබේ.

මෙම තරගාවලියේදී කණඩායම්, ක්‍රීඩකයින් සහ අනුග්‍රාහකයින්ට විශාල මාධ්‍ය ආවරණයක් හිමිවූ අතරම මෙරට ක්‍රිකට් රසිකයින්ට ඉහළම ජාත්‍යන්තර තරු කීඩා කරන අයුරු දැකගැනීමේ අවස්ථාවද හිමිවිය. සාර්ථවක පවත්වා අවසන් කරන ලද අභිනව තරගාවලියෙන් පසු දෙවැනි අදියරද එවැනිම සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින තරගාවලිය සංවිධානයන කිරීමේ ආයතනය වන අයි.පී.ජී. සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් සඳහන් කර සිටින්නේ විවියන් රිචර්ඩ්ස් වැනි මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු සන්නාම තානාපතිවරයකු ලෙස එක්වීම සතුටට කරුණක් බවයි.

“රිචර් වැනි අයෙකු සිටීම හරහා මෙම ලීගයේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට අපීට අවස්ථාව උදාවෙවා. ගෝලීය ක්‍රිකට් ආකර්ෂණයක් බවට පත් කිරීම වෙනුවෙන් අප සිදුකරගෙන යනු ලබන උත්සාහයට රිචර්ඩ්ස් මහතා ලොකු පිටුවහලක් වේවි. ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙම තරගාවලියේදී ප්‍රදර්ශනය වීම ගැන මම ඇත්තටම සතුටට පත්වෙනවා” යැයි අනිල් මොහාන් සදහන් කර සිටියි.

“රිචඩ්ස් කියන්නේ අපි ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්. ඔහු තරගාවලියේ නියමුවා ලෙස සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශාල ගෞරවයක්. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෝකය තුළ ජනප්‍රිය කිරීමට ඔහුගේ පැමිණීම ‌ප්‍රමාණවත් වේවි කියලා මා විශ්වාස කරනවා. එය මේ ලීගයට අවශ්‍යම දෙයක් කියලා අපි හිතනවා” යැයි අනිල් මොහාන් සඳහන් කර සිටියේය.

මෙවර තරගාවලිය සඳහාද ජාත්‍යන්තර තලයේ විස්සයි-20 ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් රැසක් අපේක්ෂා කරන අතර ඒ අතර එවින් ලුවිස්, කාලෝස් බ්‍රැත්වෙයිට්, ජෙනමන් මලාන්, ඩ්වයින් ප්‍රිටෝරියස්, ඩීආරච් ෂෝර්ට් සහ ෂොයෙබ් මලික් ඇතුලු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුළත්ව සිටිති.

තරගාවලියේ පළමු තරගය ගියවර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කන්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වේ. මෙහි දෙවැනි අදියර මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව සහ අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee