slc
Home   |    News
නොවැම්බර් 15, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් පොරොන්දුවක් ඉටු කරයි – ක්‍රීඩා අරමුදලට තවත් කෝටි 12 ක් දෙයි

sinhala editor

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නොවැම්බර් 03 වැනිදා පියවර ගනු ලැබීය.

 මෙරට සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමට උරදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිදුකරගෙන යනු ලබන උපකාර මෙහෙවරේ කොටසක් ලෙස මෙම මුදල් පරිත්‍යාගය හැඳින්විය හැක.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් ද ජාතික ක්‍රීඩා අරමුදල වෙනුවෙන් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම මුදල් ප්‍රධානය කිරීමට කටයුතු කිරීමද කැපී පෙනෙයි.

ඉකුත් ජූලි සහ ජුනි මාසයන්හිදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවිය.

මෙම මුදල් පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලේ මූල්‍ය තත්ත්වය තර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක්ද, බර්මිංහැම්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 225 ක මුදලක්ද සහ ඉකුත්දා ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2 බැගින් මුදල් ප්‍රදානය කිරීමට පියවර ගනු ලැබීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest