slc
logo
Home   |    News
නොවැම්බර් 15, 2022
ශ්‍රී ලංකා බාලිකාවෝ ලකුණු 12න් පරදිති

sinhala editor

සිව්කොන් තරගාවලියකට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලිය යටතේ ඉන්දීය ‘බී’ පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 12 ක පරාජයකට මුහුණ දුන්නේය.

නොවැම්බර් 13 වැනිදා විසාග්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය බාලිකා ‘බී’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් රැස් කළ නමුදු එය හඹා යෑමේදී ශ්‍රී ලංකා බාලිකා පිලට පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මනුදි නානායක්කාර පන්දු 30 කදී ලකුණු 33 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ජාත්‍යන්තර අත්දැකීම් ඇති කණ්ඩායමේ නායිකාව වූ විශ්ම ගුණරත්න ලකුණු 11 කට දැවී ගිය අතර ඇයගේ සහායක ආරම්භක පිතිකාරිණිය වූ සුමුදු නිසංසලා ලකුණු 12 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවාය.

පළමු කඩුලු 2 ලකුණු 29 කදී බිද වැටුණද රශ්මි නේත්‍රාංජලීට (20) එක්වූ මනුදි ශ්‍රී ලංකා පිලේ කොඳුනාරටිය බවට පත් වෙමින් පන්දුවට පහර දුන්නාය.පන්දු යැවීමේදී මනාට් කාශ්‍යප් ලකුණු 18 කට ශ්‍රී ලංකා පිතිකාරිණියන් සිව් දෙනෙකු දවාලූවාය.

මේ අතර ඉන්දීය ඉනිමේදී ජී ට්‍රිසා පන්දු 38 කදී වේගවත් ලකුණු 49 ක් රැස් කළ අතර ඇයට අමතරව ඉෂ්වාරී සවාකර් ලකුණු 30 ක් රැස් කලාය. ශ්‍රී ලංකා බාලිකා පිල මීළඟට සහභාගිවන තරගය ලබන 15 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග වදිනු ඇත.

ඉන්දීය බාලිකා ‘බී’ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුනු 125 යි – (ජී. ට්‍රීෂා 49, ඊෂ්වරී සව්කාර් 30, නිකී ප්‍රසාද් 22, මනාට් කාශ්‍යප් 10, දෙව්මි විහංග 35/2, රශ්මි නේත්‍රාංජලී 20/2)

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 113 යි – (මනුදි නානායක්කාර 33, රශ්මි නේත්‍රාංජලී 20, සංජනා කාවින්දි 14, සුමුදු නිසංසලා 12, විශ්මි ගුණරත්න 11, මනාප් කාශ්‍යප් 18/4)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar