slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2022
සුපිරි හතරේ ශූරියෝ කවුද? තීරණය අදයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ අවසන් මහා තරගය අද (25) කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙයි.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිල හා නිලක්ෂී ද සිල්වාගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිල අතර මෙම අවසන් මහා තරගය පැවැත්වේ. ශ්‍රී ලංකා කිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ මෙම කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග මුදලිලන් ලක්ෂ හතහමාරක් පිරිනැමෙනු ඇත.

මෙම තරගාවලිය පුරා අණසක පැතිර වූ ග්‍රේස් පිල විසින් බ්ලූස් පිල ලකුණු 124කින්, රෙඩ්ස් පිල කඩුලු 3කින් හා ග්‍රීන්පිල ලකුණු 46කින් පරාජය කොට අපරාජිත තත්ත්වයක පසුවේ. ග්‍රේස් පිලට පමණක් දෙවැනි වූ රෙඩ්ස් පිල මෙම තරගාවලියේදී ග්‍රීන් පිල කඩුලු 8කින් හා බ්ලූස් පිල කඩුලු 3කින් පරාජය කොට ග්‍රේස් පිලට අභියෝගයක් ලබාදිය හැකි මට්ටමක පසුවේ.

ග්‍රේස් පිලේ ශ්‍රී ලංකා පිල නියෝජනය කොට අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම සිටී. වමත් දඟ පන්දු යවන 36 හැවිරිදි ඉනෝකා රණවීර මෙම තරගාවලියේදී කැපී පෙණෙන පන්දු යැවීමක නිරතවී තරග තුනකදී කඩුලු 9ක් බිදහෙලා දස්කම් අතර සිටී. එමෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවන 35 හැවිරිදි ඉනෝෂී ප්‍රනාන්දු මෙම තරගාවලියේ සහභාගී වූ තරග තුනේදී කඩුලු 8ක් බිද හෙලා ප්‍රතිවාදීන්ට පීඩනය වැඩි කළාය.

ග්‍රේස් පිලේ නායිකා හර්ෂිතා සමරව්ක්‍රම කැපී පෙනෙණ ලෙස පන්දුවට පහර දෙමින් මෙම තරගාවලියේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය. ඇය සහභාගී වූ තරග තුනේදී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූවාය. එමෙන්ම මැද පෙළ ශක්තිමත් කළ හංසිමා කරුණාරත්න ද අර්ධ ශතකයක් සමග ලකුණු 123ක් වාර්තා කළ අතර ‌කෞෂිනී නුත්‍යාංගනා ද ලකුණු 59ක් ලබා ඇත.

මෙම තරගාවලියේ තරග තුනේදී ශතකයක් සමග ලකුණු 139ක් ලබාගත් රෙඩ්ස් නායිකා නිලක්ෂී ද සිල්වා ග්‍රේස් පිලට හිසරදයක් වනු ඇතැයි විශ්වාස කළ හැක. එමෙන්ම ප්‍රසාදිනී වීරක්කොඩි ද ලකුණු අතර සිටින්නීය. ඇය අර්ධ ශතකයක් සමග ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වූවාය. සචිනි නිසංසලා ද තරග තුනේදී ලකුණු 58ක් ලබා ඇත.

රෙඩ්ස් පන්දු බළ ඇණියේ ඉදිරියෙන්ම සිටින තාරිකා සෙව්වන්දි තරගාවලිය පුරා කඩුලු 6ක් ලබා සිටින අතර, මල්ෂා ෂෙහානී හා තාරුකා ෂෙහානී කඩුලු 4 බැගින් බිද හෙලා ඇත

මෙම තරගාවලියේ අනුශූරතාව සඳහා මුදලින් රුපියල් ලක්ෂ 5 ක්ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද පිරිනැමෙනු ඇත. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නිය වෙනුවෙන් රුපියල් ලක්ෂ බැගින්ද, අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා මුදලින් රුපියල් හැත්තෑපන්දහසක මුදක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.

‌ග්‍රේස් පිල – හර්ෂිතා සමරවික්‍රම (නායිකා), අචිනි කුලසූරිය, ඉමල්කා මෙන්ඩිස්, ශිකරි නුවන්තිකා, හිංසිා කරුනාරත්න, සඳුනි ද සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා රත්නායක, නිලක්ෂණා සඳමිනි, ඉනෝෂි ප්‍රනාන්දු, නිපුනි ජයසිංහ, හෂිනි ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, කෞෂලයා ජයවර්ධන, සඳනි තිවංකා.

රෙඩ්ස් පිල – නිලක්ෂි ද සිල්වා (නායිකා), මෙත්මා හෙට්ටිආරච්චි, මදාරා සමරකෝන්, කේ. කේ. සුරාන්ති, නවෝදයා නෙත්මි, හිරුෂි පීරිස්, රශිනි පෙරේරා, ශානිකා සත්‍යාංගනී, ප්‍රසාදිනී වීරක්කොඩි, සචිනි නිසංසලා, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, මල්ෂා ෂෙහානි, තරුෂි නිලූෂා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee