slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2022
අපරාජිත කොළඹ උතුර හා කොළඹ දකුණ අවසන් ගැටුමට

sinhala editor

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (29) කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැත් වෙයි.

15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කණ්ඩායම් 5ක් අතර පැවැති තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැනීමට කොළඹ උතුර සහ කොළඹ දකුණ සමත්වීම හේතුවෙන් මෙම අවසන් තරගයට එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීය.

කොළඹ උතුරු පිල සියලු කණ්ඩායම් පරාජය කරමින් අපරාජිතව පෙරමුණේ පසුවන අතර කොළඹ දකුණ පිල සහභාගී වූ එක් තරගයක් පරාජයට පත්විය. කොළඹ දකුණ පිල එම පරාජය ලැබූවේ අද අවස8න් තරගයේදී හමුවන කොළඹ උතුර පිලෙන් වීහ විශේෂත්වයකි. එබැවින් කොළඹ උතුර පිල එම ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම අවසන් සටනට පිවිසීම සැලකිය යුතු වාසියකි.

මෙම තරගාවලියේදී ගාල්ල පිල තරග 4කදී තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජය වූ අතර, මහනුවර පිල තරග 4කදී තරගයක් ජයගෙන තරග තුනක් පරාජය වූ අතර, දඹුල්ල පිල සහභාගී වූ තරග 4ම පරාජයට පත් වූහ.

කිත්ම සිත්මාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ උතුරු පිලේ පිතිකරුවන් අතර ෂාන් අබේරත්න, නෙතුල එදිරිමාන්න හා ඔෂධ ප්‍රමුදිත ඉදිරියෙන්ම සිටින පිතිකරුවෝ වෙති. නිමාවට පත් වූ තරග 4දී ෂාන් අබේරත්න ලකුණු 95ක්, නෙතුල එදිරිමාන්න ලකුණු 92ක් හා ඔෂධ ප්‍රමුදිත ලකුණු 74ක් ලබා සිටිති. පන්දු යැවීමේදී කොළඹ උතුරු පිලේ ප්‍රශාෂ් පෙරේරා හා දිනුජ සමරරත්න කඩුලු 8 බැගින් බිද හෙලා ඇති අතර ළහිරු ලක්මාල් කඩුලු 7ක්, තරූෂ නවෝද කඩුලු 6ක් හා කිත්ම සිත්මාල් කඩුලු 5ක් බිදහෙලා පන්දුවෙන් දස්කම් දක්වා සිටිති.

කොළඹ දකුණු පිලේ පිතිකරුවන් අතර තරග 4කදී ලසත් ප්‍රනාන්දු ලකුණු 101ක්, හිරුක සිල්වා ලකුණු 93ක් හා යසිදු දිසානායක ලකුණු 90ක් ලබා ඉදිරියෙන්ම සිටිති. එමෙන්ම තෙවිදු වේවැල්වල ලකුණු 54ක් හා තත්සර නිලන්ජිත් ලකුණු 53ක් ලබා කොළඹ දකුණු පිලේ පිතිකරු බල ඇණියට ශක්තිය සපයමින් සිටිති.

කොළඹ දකුණු පිලේ පන්දු යවන්නන් අතර කොෂේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 8ක් බිදහෙලා සිටින අතර, හිමරු දේශාන් කඩුලු 6ක් හා යසිදු දිසානායක කඩුලු 5ක් නිමා වූ තරග වලදී බිදහෙලා ඇත.

කොළඹ උතුර – කිත්ම විදානපතිරණ (නායක), තබිත් රස්ෆිකාර්, සදීෂ සිල්වා, නෙතුල එදිරිමාන්න, ෂේන් අබේරත්න, රචින්ත ද සිල්වා, රන්මිත් දිනුවර, තරුෂ නවෝද්‍ය, ළහිරු ලක්මාල්, දිනුජ සෝමරත්න, ඔසද ප්‍රමුදිත, නවිඳු රුද්‍රිගු, රසිත් නිම්සර.

කොළඹ දකුණ – රෙෂාන් පීරිස් (නායක), ජොෂුවා සෙබස්ටියන්, හිරුක සිල්වා, ලෂේන් ප්‍රනාන්දු, සත්සර නිලංජිත්, මෙෂෝන් ෆර්ඩිනැන්ඩෝ, රෂාන් නවංජන, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, හිමරු දේශාන, දිනෙත් වේරගල, තෙනූෂ යාපා, යසිඳු දිසානායාක, තෙවිඳු වේවැල්වල.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee