slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2022
කොළඹ උතුර අපරාජිතව අවසන් සටනට

sinhala editor

ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල පිල සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරද්දී කොළඹ උතුර අපරාජිතව සිය සිවුවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල හා මහනුවර අතර තරගයෙන් කඩුලු 2ක ජයක් ගාල්ල හිමිකරගත් අතර රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කොළඹ උතුර පිල ලකුණු 61කින් දඹුල්ල පිල පරාජය කළේය.

ගාල්ල – මහනුවර අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල මුලපින් පන්දුවට පහර දුන්නේය.

මහනුවර සියලු දෙනා දැවී ලකුණු 136 (ඕවර් 31.3)
නිකේෂල නානායක්කාර 23, කවීෂ චන්දිමාල් 25, ෂෙවාන් කනිෂ්ක 37 ( චලන ඉන්දුෂ 11/4, ප්‍රවීන් මධුසංඛ 18/2, විරාන් චමිදුත 19/2, සමිරු ගිම්හාන් 40/1)

ගාල්ල කඩුලු 8කට ලකුණු 140 (ඕවර් 43)
දුල්ෂිත් දර්ශන 47, බෙවින් ජයවර්ධන 22, චලන ඉඳූෂ නොදැවී 11 ( සෙත්මික සෙනවිරත්න 25/4, කෞෂික කුමාරසිංහ 22/1, ෂෙවාන් කනිෂාස් 26/1, අම්මාන් මන්සීල් 11/1, දිනුක් මොරගම්මන 16/1)

කොළඹ උතුර හා දඹුල්ල අතර තරගයේදී දඹුල්ල කණ්ඩායම කාසියේ වාසිය දිනා කොළඹ උතුර පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

කොළඹ උතුර සියලු දෙනා දැවී ලකුණු 130 (ඕවර් 45.3)
තාබීත් රිෆ්රිකාර් 14, ෂාන් අබේරත්න 35, නෙතුල එදිරිමාන්න 21, රන්මිත දිනුවර 13, ප්‍රශාෂ් පෙරේරා 14, ළහිරු ලක්මාල් 14 ( වී. අකේෂ් 33/5, පමුල ලොකුලියන 15/2, දමේෂ් මතිෂාන් 27/1, පහසර බණ්ඩාර 20/1)

දඹුල්ල සියලු දෙනා දැවී 69 (ඕවර් 32.5) පබසර දිසානායක 12, රජිත නවොද්‍ය 15, කවීන් දෙනෙත් 12 ( ප්‍රශාෂ් පෙරේරා 5/3, ළහිරු ලක්මාල් 11/3, තරූෂ නවෝද්‍ය 2/2, රසිත් නිම්සර 13/1, නවිදු රොද්‍රිගූ 21/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee