slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2022
කොළඹ දකුණ පිට පිටම දෙවැනි ජයත් ලබයි

sinhala editor

ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජයත් වාර්තා කිරීමට කොළම දකුණ කණ්ඩායම සමත්විය. ගාල්ලට එරෙහිව පැවැති එම තරගයේදී කඩුලු 7 ක ජයක් ලද කොළම දකුණු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 20ත.5 කදී ලකුණු 66 කට සීමා කළ කොළඹ දකුණු ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 16 කදී කඩුලු 3 ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී යසිඳු දිසානායක සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.

මේ අතර වෙළෙඳසේවා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී තියුණු තරගයකින්  පසු දඹුල්ල පිල පරදවා කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් දඹුල් කණ්ඩායම පන්දුවාර 49 කදී ලකුණු 191 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 44.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

මෙහිදී මහනුවර පිල වෙනුවෙන් නිකේෂල නානායක්කාර ලකුනු 64 ක් ද ෂෙවාන් කනිෂස් ලකණු 46 ක්ද රැස් කළහ.

මහනුවරට කඩුලු 2 ක ජයක්

දඹුල්ල පන්දුවාර 49 කදී ලකුණු 191 (පබසර දිසානායක 85, පමුල ලොකුලියන 16, කෙනුල පිහිලංග 20/3, සෙත්මික සෙනෙවිරත්න 36/3)

මහනුවර පන්දුවාර 44.1 කදී කඩුලු 8 ට ලකුණු  195 යි – (නිකේෂල නානායක්කාර 64, ශෙවාන් කනිෂස් 46, සෙත්මික සෙනෙවිරත්න 20, දමේෂ් මතිශාන් 31/3, විග්නේශ්වරන් ආකාශ් 52/3)

කොළඹ දකුණට කඩුලු 7ක ජයක්

ගාල්ල පන්දුවාර 20.5 කදී ලකුණු 66 යි – (විරාන් චමුදිත 27, යසිඳු දිසානායක 09/3, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 14/3)

කොළඹ දකුණ පන්දුවාර 16 කදී කඩුලු 3 ට ලකුණු 70 යි – (තෙවිඳු වේවැල්ලාවල 18*, හිරුක සිල්වා 16

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee