slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2022
‘ප්‍රීමා කුසලාන’ 15 න් පහළ ජාතික යූත් තරගාවලිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) සමඟ එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂයින් කවුරුන්ද යන්න තෝරනු ලබන ‘ප්‍රීමා කුසලාන’ ජාතික යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ මූලික තරග දිස්ත්‍රික් මට්ටමින් පැවැත්විණ. කණ්ඩායම් 39 කගේ සහභාගිත්වයෙන් පැවැති එම මූලික තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් මෙම පලාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

මෙහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව දිස්ත්‍රික් කණ්ඩායම් 8 ක්, කොළඹ උතුර යටතේ කණ්ඩායම් 6 ක්, කොළඹ දකුණ යටතේ කණ්ඩායම් 6 ක්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් ඒකාබද්ධව කණ්ඩායම් 11 ක් සහ දකුණු පළාත නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් එම තරගාවලිය නියෝජනය කළහ.

කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනා වන සේ නම් කරමින් පැවැති එම තරගාවලියේදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් සපිරි ක්‍රීඩකයින් 507 දෙනෙකුගේ සහභාගිවූහ. එම මූලික වටයේ තරග නොවැම්බර් මස 11 වැනිදායින් අවසන් විය.

නොවැම්බර් මස 21 වැනිදා සිට 29 වැනිදා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කොළඹ වෙළෙඳසේවා සහ රත්මලාන ජනසතු සේවා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. සමාරම්භක දිනයේදී ගාල්ල සහ කොළඹ උතුර වෙළෙඳසේවා ක්‍රීඩාංගණයේදීද කොළඹ දකුණ සහ මහනුවර රත්මලාන ජනසතුසේවා ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත. අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ ඒ පලාත් හරහා නියෝජනය කරන ලද දිස්ත්‍රික් කණ්ඩායම් මෙසේය.

මධ්‍යම සහ නැගෙනහිර – මහනුවර i, මහනුවර ii, මහනුවර iii, නුවරඑළිය, අම්පාර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව

කොළඹ උතුර – කොළඹ උතුර i, කොළඹ උතුර ii, කොළඹ උතුර iii, ගම්පහ i, ගම්පහ ii, ගම්පහ iii

කොළඹ දකුණ – කොළඹ දකුණ i, කොළඹ දකුණ ii, කොළඹ දකුණ iii, කලුතර i, කලුතර ii, කලුතර iii

උතුර, උතුරු මැද සහ වයඹ – යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව, අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව, කුරුණෑගල i, කුරුණෑගල ii, පුත්තලම

දකුණ – ගාල්ල i, ගාල්ල ii, ගාල්ල iii, හම්බන්තොට, මාතර, බදුල්ල, මොණරාගල, රත්නපුර

කොළඹ උතුර කිත්ම විදානපතිරණ (නායක), තබිත් රස්ෆිකාර්, සදීෂ සිල්වා, නෙතුල එදිරිමාන්න, ෂේන් අබේරත්න, රචින්ත ද සිල්වා, රන්මිත් දිනුවර, තරුෂ නවෝද්‍ය, ළහිරු ලක්මාල්, දිනුජ සෝමරත්න, ඔසද ප්‍රමුදිත, නවිඳු රුද්‍රිගු, රසිත් නිම්සර.

කොළඹ දකුණ – රෙෂාන් පීරිස් (නායක), ජොෂුවා සෙබස්ටියන්, හිරුක සිල්වා, ලෂේන් ප්‍රනාන්දු, සත්සර නිලංජිත්, මෙෂෝන් ෆර්ඩිනැන්ඩෝ, රෂාන් නවංජන, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, හිමරු දේශාන, දිනෙත් වේරගල, තෙනූෂ යාපා, යසිඳු දිසානායාක, තෙවිඳු වේවැල්වල.

මහනුවර – සෙත්මික සෙනෙවිරත්න, යොහාන් සේනානායක, නිකේෂල නානායක්කාර, කලන හේරත්, මහේන්ද්‍ර අබේසිංහ, සනුක කල්පනා, එච්. ඊ. සේතුංග, අම්මාන් මන්සීල්, කෙනුල පිලිහිඅංග, ඉෂාන් දොඩංගොල්ල, ෂෙවාන් කනිෂ්කස්, කෞෂික කුමාරසිංහ, දිනුක මොරගම්මන.

ගාල්ල – විරාන් චමුදිත (නායක). විහඟ ඉඳුවර, දුල්සින් දර්ශන, තේනුක් නෙත්වින්, රිසිනු ගීනුක, මොහොමඩ් අෆාන්ස්, බෙවින් ජයවර්ධන, නික්ෂ පෙරේරා, සමිරු ගිම්හාන්, ප්‍රවීන් මදුශංක, කසුන් කාවින්ද, චලන ඉන්දුෂ, විහඟ ඉඳුසර.

දඹුල්ල – පබසර දිසානායක (නායක), දනිඳු සෙල්ලපෙරුම, කවීණ් දිනෙත්, පැහැසර බණ්ඩාර, දමේෂ් මතිෂාන්, රජිත් නවෝද්‍යා, චතුර රත්නායක, වී. ආකාෂ්, අභීෂ හිරුසාන්, ෂෙවෝන් නෙත්සර, තෙවිඳු නදුනෙත්, දම්ලත් ගමගේ, පාමුල ලොකුලියන.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee