slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2022
LPL තාක්ෂණික කමිටුවේ මුල් පුටුව චරිත්ට

sinhala editor

ලොව ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර ඉහළතම ගුණාත්මක භාවයකින් යුතු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටු සභාපති ලෙස චරිත් සේනානායක මහතා පත් කර තිබේ.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගියදා නිමාවට පත්වූ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටු සභාපතිවරයා ලෙස ද චරිත් සේනානායක මහතා කටයුතු කළේය.

ඒ මහතාගේ සභාපතිත්වයෙන් අද පත්කළ එම කමිටුවේ සාමාජිකයන් ලෙස බන්ධුල දිසානායක, ෂේන් ප්‍රනාන්දු, චමින්ද මෙන්ඩිස් හා ටිරෝන් විජේවර්ධන යන මහත්වරු කටයුතු කරති.

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි කළමනාකරු වූ චරිත් සේනානායක මහතා 1990-91 කාලයේදී ටෙස්ට් තරග තුනකදී සහ එක්දින තරග හතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. දැනට 59 වියෙහි පසු වන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකි. අවසන් වරට පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද තාක්‍ෂණික කමිටු සාමාජිකයකු ලෙස ඒ මහතා කටයුතු කළේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee