slc
Home   |    News
දෙසැම්බර් 12, 2022
අපරාජිත කැන්ඩි ‌ෆැල්කන්ස්ට ගෝල් ග්ලැඩියේටර්ස් අද මුණ ගැසෙයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග 3ම පිට පිට ජයගෙන සිටින කැන්ඩි ‌ෆැල්කන්ස් කණ්ඩායම අද (12) යළි ගෝල් ග්ලැඩියේටර්ස් පිල මුණ ගැසෙයි. අද පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ පිටියේදී දෙපිල හමුවන්නේ මෙවර තරගාවලියේ දෙවැනි වරටය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී මහනුවර – ගාල්ල පසුගිය 7වැනිදා හමුවී කඩුලු 5ක ජයක් කැන්ඩි ‌ෆැල්කන්ස් වාර්තා කළේය. පන්දු 30ක් ඉතිරිව තිබියදී කැන්ඩි ‌ෆැල්කන්ස් වාර්තා කළ එම ජයග්‍රහණය හේතුවෙන් අද තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල සිදුවූ අඩුපාඩු මකාගෙන පිටියට පිවිසීමට සූදානමින් සිටී.

අවසන් වරට පසුගිය වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කැන්ඩි ෆැල්කන්ස් පිල හා ගෝල් ග්ලැඩියේටර්ස් පිල අවස්ථා දෙකකදී හමුවී සමබර දක්ෂතා දැක්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4ක ජයක් වාර්තා කළ අතර, එම තණතිල්ලේදීම කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 5ක ජයක් අත්කර ගත්තේය.

වසර 2020 එල්පීඑල් පළමු අදියරේදී මෙම කණ්ඩායම් දෙක හමුවී එවැනිම සමබර දක්ෂතා දක්වා තිබේ. 2020 නොවැම්බර් 30 දා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී මහනුවර – ගාල්ල හමුවීමේදී ලකුණු 25ක ජයක් කැන්ඩි ෆැල්කන්ස් හිමි කරගත් අතර, දෙසැම්බර් 10 වැනිදා ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 9ක ජයක් වාර්තා කළේය.

අද රාත්‍රී 7. 30ට ආරම්භවන ජැෆ්නා කිංග්ස් පිල හා කළම්බු ස්ටාර්ස් පිල අතර තරගය වඩාත් ආකර්ශනීය තත්ත්වයකට පත්ව තිබේ. දෙවතාවක් ශූරතාව දිනා මෙවර තරගාවලියේ මුල් කොටසේදී අපරාජිතව සිටි ජැෆ්නා කිංග්ස් පිල මෙයට දින දෙකකට පෙර කැන්ඩි ‌ෆැල්කන්ස් කණ්ඩායම වෙතින් ලද පරාජය වුවද, ඊයේ (11) දිනයේ එල්පීඑල් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා වාර්තාවක් පිහිටුවීමට සමත්වීමෙන් යළිත් වැඩි අවධානයක් දිනා ගත්තේය.

කළම්බු ස්ටාර්ස් හා ජැෆ්නා කිංග්ස් මෙවර තරගාවලියේ මුල් වරට එකිනෙකා හමුවන අතර මෙයට පෙර එල්පීඑල් ඉතිහාසයේදී තරග 2ක් කළම්බු ස්ටාර්ස් හා තරග දෙකක් ජැෆ්නා කිංග්ස් ජයග්‍රහණය කර ඇත. 2021 එල්පීඑල් දෙවැනි අදියරේදී කළම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස් ට එරෙහිව සහභාගී වූ තරග දෙකෙන්ම පරාජයට පත්විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටි කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (133) පසුකර ගෙන ජැෆ්නා කිංග්ස් පිලේ පැමිණි අවිශ්ක ප්‍රනාන්දු ( 145) ඉදිරියට පැමිණි අතර ඔහු මෙවර තරගාවලියේ තරග 4කදී පන්දු 114කට මුහුණදී අර්ධ ශතක 2ක් රැස් කළේය. ඔහුගේ මෙම ප්‍රහාරයට හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් ඇතුලත්ය. කලම්බු ස්ටාර්ස් පිලේ නිරෝෂන් දික්වැල්ල ( 125), කැන්ඩි ෆැල්කන්ස් පිලේ පැතුම් නිශ්ශංක (122), ජැෆ්නා කිංග්ස් පිලේ සධීර සමරවික්‍රම (114) හා ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ කුසල් මෙන්ඩිස් (104) ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සිටිති.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු හා කැන්ඩි ෆැල්කන්ස් පිලේ වනිදු හසරංග පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසුවන අතර, මේ දෙදෙනා කඩුලු 7ක් දවාගෙන සිටිති. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත්,ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නුවන් ප්‍රදීප් හා දඹුල්ල අවුරා පිලේ ළහිරු කුමාර කඩුලු 6 බැගින් බිඳහෙලා සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest