slc
Home   |    News
දෙසැම්බර් 14, 2022
කලම්බු ස්ටාර්ස් පිලට වාර්තාගත ජයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලකුණු 22 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට කසුන් රාජිත සමත්වීමත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පැවැති තරග අතුරින් අවසන් තරගය බවට පත් වුණු දඹුල්ල අවුරා පිලට එරෙහිව  පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අද (14 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ.

රජිතගේ මෙම පන්දු යැවීම නිසා දඹුල්ල ඉනිම පන්දුවාර 13 කුත් පන්දු 5 කදී නිමාවට පත් වුණු අතර එය හඹා යෑ‌මේදී කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ පන්දුවාර 11.3 ක් සහ කඩුල්ලක් වැය කරමින් ඉලක්කය සපුරා ගත්හ.

දඹුල්ල අවුරා කණ්ඩායම අද ලබා ගත් ලකුණු 89 තරගාවලි ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. 2021 වසරේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමට ජැෆ්නා කිංග්ස් පිල හමුවේ දැවී ගිය ලකුනු 69 මෙතෙක් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් දඹුල්ල ඉනිම අද දිනයේදී පන්දුවාර 13 කුත් පන්දු 5 කදී සීමා විය. මෙය ‌අයි.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගොස් ඇති අවම පන්දුවාර සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වීමද කැපී පෙනෙයි. මීට පෙර කණ්ඩායමක් දැවී ගොස් ඇති අවම පන්දුවාර සංඛ්‍යාව වන්නේද ඉහතින් සදහන් කළ ලකුණු 69 දැවී ගිය ඉනිම වේ. එම ඉනිමේදී දමුල්ල පිල පන්දුවාර 14.1 ක් ක්‍රීඩා කර තිබේ.

ජයග්‍රාහී කලම්බු ස්ටාර්ස් පිල වෙනුවෙන් චරිත් අසලංක නොදැවී ලකුණු 58 ක්) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී ලකුණු 31 ක්) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී නොබිඳුණු ලකුණු  90 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කලම්බු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවට පහර දුන් ආකාරය පිළිබඳව නම් කිසි සේත්ම සෑහීමකට පත්විය නොහැකි මට්ටමේ විය. ඉනිම ආරම්භය කෙතරම් අසීරුවට පත් වූයේද කිවහොත් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් ඔවුන්ගේ කඩුලු 7 ක්ම බිඳ වැටීම සැබැවින්ම කණගාටුදායක තත්ත්වයේ විය.

පළමු පන්දුවෙන්ම ලසිත් කෘස්පුල්ලේගේ කඩුල්ල සොයා ගිය කසුන් රාජිතගේ පන්දුව යළිත් පස්වැනි පන්දුවේදී ෂෙවාන් ඩැනියෙල්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවා ගත්තේය. ඉදිරි‌ පෙළ කඩුලු බිඳී යෑමේදී ඉතිරි කඩුලු ආරක්ෂා කර ගන්නවා වෙනුවට පිටියට පිවිසි සෙසු පිතිකරුවෝද කඩුල්ල ආරක්ෂා කිරීම පසෙක තබා ලකුණු අතරට පිවිසිය. එහි අනිසි ප්‍රතිඵලය වූයේ පවර් ප්ලේ පන්දුවාර කීපයේ දැවී ගිය කඩුලු 7 න් 4 ක්ම කසුන්ගේ නම ඉදිරියෙන් ලියැවීමයි.

නැවතත් 7 වැනි පන්දුවාරය යැවීමට පැමිණෙන කසුන් පෝල් වෑන් මීකරන්ගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය. පන්දුවාර 4 ලකුණු 22 ක් පමණක් දුන් කසුන් කඩුලු 5 ක් දවා ගත්තේ එල්.පී.එල්. තරග ඉතිහාසයේ කඩුලු 5 ක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා බවට පත්වෙමිනි. එම දක්ෂතාව ඉනිමක හොඳම පන්දු යැවීමේ තෙවැනි ස්ථානය හිමිවන්නක් විය. ඔහුට පෙර ජෙෆ්රි වැන්ඩර්සි (26/6) සහ නුවන් තුෂාර (13/5) හොඳම පන්දු යැවීම් සටහන් කරගෙන සිටින අතර මොහොමඩ් අමීර් ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ඉනිමක හොඳම පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානයේ පසුවෙති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest