slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2022
‘සැණකෙළියක’ ස්වරූපය රැගෙන LPL කොළඹ අදියර හෙට ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ පැවැත්වෙන තරග වලදී ක්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන එමින් සැණකෙළි ආකාරයේ ස්වරූපයකින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

මෙහිදී මූලික වශයෙන්ම තරග නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ ක්‍රීඩා ලෝලීන්ට වෙනදා අත්විඳීමට නොලැබුණු, තරගය පාදක කරගත් ක්‍රියාකාරකම් රැසක් සමඟින් වෙනමම ‘රසික කළාපයක්’ වෙන් කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ‘රසික කළාපය’ ‘ඒ’ ප්‍රේක්ෂකාගාරය ආශ්‍රිතව ස්ථාපනය කෙරෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා අදහස් දක්වමින්, “කොළඹ පැවැත්වෙන තරග සියල්ල අපි සැණකෙලි ස්වරූපයක් පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. මූලිකවම අපි සාධාරණ මිලකටයි ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නේ. එ එක්කම අපි ටීෂර්ට්, කැප් වගේ දේවල් අපේ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි හිතනවා මේ නැවුම් අත්දැකීමත් එක්ක ඉතාමත් හොඳ  තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට කොළඹදී අවස්ථාව උදාවෙයි කියලා” යනුවෙනි.

LPL තරගාවලිය, ක්‍රීඩා ලෝලීන්ට තවදුටත් සමීප කරවමින් ප්‍රේක්ෂක නැඹුරුව තව තවත් වැඩි කරළීම අරමුණු කොට‌ මෙම නැවමු අත්දැකීම ක්‍රීඩා ලෝලීන්ට ලබා දීමට තීරණය වී තිබේ.

මෙහිදී තරගය අතරතුර ක්‍රීඩා ලෝලීන් අතර හොඳම සෙල්ෆි ඡායරූපය තෝරා ඊට අදාළව ඔවුනට විශේෂ ත්‍යාග බෙදා දීමටද පියවර ගෙන තිබේ. ක්‍රීඩා ලෝලීන් ගනු ලබන සියලුම සෙල්ෆි ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ඩිජිටල් වේදිකාවල පළකරනු ලබයි.

තරගාවලිය සඳහා නම් කර තිබෙන සානාම සන්නාපතිවරුන් සමඟ ක්‍රියාකාරකම් රැසකට සහභාගිවීමටද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත. ඊට අමතරව මෙහිදී ක්‍රීඩකයින් අත්සන් යෙදූ ක්‍රිකට් පන්දු, ක්‍රීඩකයින් අත්සන් යොදන ලද සමරු පිති සහ ටීෂර්ට්ස් ද මෙහිදී ක්‍රීඩා ලෝලීන් වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැදී පැහැදී සිටියි.

“නුවරදීත් ෆෑන් එන්ගේජ්මන්ට් එක හොඳින් පැවැතුණා. ඒ වගේම, එහෙමත් නැත්නම් ඊටත් වඩා උසස් තත්ත්වයකින් කොළඹ  පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට තමන්ට ආදරය කරන ක්‍රීඩා ලොලීන්ට අසලට ‌ගිහින් සෙල්ෆීස් ගන්න පුලුවන් විදියට අපි සුදුසු දේවල් සියල්ල ලෑස්ති කරලා තියෙනවා. ඔබ සියලු දෙනාම පැමිණ ඒ නැවුම් අත්දැකීම ලබා ගන්න කියලා මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා” යැයි තරගාවලි අධ්‍යක්ෂවරයා තරග නැරඹීමට පැමිණෙන ලෙස ක්‍රීඩා ලෝලීන්ට විවෘත ආරාධනාවක් කර සිටියේය.

තරගාවලිය ආරම්භයට පෙර දැවැන්ත අභියෝග රැසකටම මුහුණ දීමට සිදුවූ නමුත් ඒ සියල්ල පරාජය කරමින් තරගාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම සතුටට කරුණක් බවද ඒ මහතා සදහන් කර සිටියේය. මෙහිදී තමන් ලබන ලොකුම සතු වන්නේ තරුණ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම බව යැයි දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

“දැනට පවත්වලා තියෙන තරග වලින් ලොකුම සතුට ලබලා තියෙන්නේ අපේ යෞවන ක්‍රීඩකයින් සෙල්ලම් කරලා තියෙන විලාශය. ඉතාමත් හොඳින් අපේ යෞවන ක්‍රීඩකයින් සෙල්ලම් කරලා තියෙනවා. ඒකෙන් මං හිතන්නේ ඔවුන්ට ජාත්‍යන්තරය යෑමට තරම් ඒ අයගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකත් ලොකු ජයග්‍රහණයක් විදියටයි අපි සලකන්නේ”.

“ඒ වගේමයි තරුණ ක්‍රීඩකයෝ ගොඩක් ඉතාමත් හොද දක්ෂාවයන් පේනනුම් කරලා තියෙනවා. මම මෙතැනදි කාගෙවත් නම් කියන්න කැමැති නැහැ. හැබැයි මං හිතනවා ඒක තමයි අපේ ජයග්‍රහණය. අපිට ඉදිරියට හොඳ දෙවැනි පෙළ කණ්ඩායමක් හදා ගන්න මේ හරහා ලොකු අවස්ථාවක් තියෙනවා. මම හිතන විදියට මේ තත්ත්වය අපේ තේරීම් කමිටුවත් ලොකු ප්‍රශ්නනයක් වේවි. මොකද මේ යෞවන ක්‍රීඩකයෝ ඉතාමත් හොඳින් තරග කරන නිසා” යැයි දොඩන්වෙල මහතා සිනිහමුසු මුහුණින්න අදහස් පළ කර සිටියේය.

කොළඹ පැවැත්වෙන තරග වල සමාරම්භක දිනයේදී ප.ව. 3.00 ට දඹුල්ල අවුරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරග වදින අතර ප.ව.7.30 ට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් තරග වදිති.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest