slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2022
කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් පළමුව පන්දු යවයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානයෙන් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සදහා ඇන්ලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු ස්ටාර්ස් පිලට ආරාධනා කර සිටියේය.

විචිත්‍රවත් වූ සමාම්ප්ති උළෙලකින් පසු ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිත මෙම අවසන් තරගය සඳහා දෙපිළම එකම වෙනස්කමක් හෝ නොකරමින් අවතීර්ණ වීම විශේෂත්වයකි. තරගාවලියේ සන්නාම තානාපතිවරයකු වූ වසීම් අක්‍රම් මහතාගේ ආරාධිත කතාවෙන් වර්ණවත් වුණු සමා් උළෙලින් පසු ආරම්භ වන මෙම අවසන් මහ තරගයේදී ශූරතාව තමන් සතු කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුවහොත් පිට පිටම තෙවැනි වතාවටත් ශූරතාව දිනාගත් කණ්ඩායම බවට වාර්තා පොත් අතරට එක්කාසු වනු ඇත.

මූලික වටයේ සහභාගි වුනු තරග 8 න් 6 ක් ජයගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ පළමු තරගයට සුදුසුකම් ලැබූ අතර කලම්බු ස්ටාර්ස් තරග 8 න් 3 ක් ජය ගනිමින් එලිමිනේටර් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම තරග වටයේදී ප්‍රබල කැන්ඩි පිල පරාජයට පත් කළ ජැෆ්නා කිංග්ස් පිල අවසන් මහ තරග වරම දිනා ගනිද්දී පරාජිතයින් වෙනුවන් අවසන් මහ තරග අවස්ථාව සඳහා ලබා දෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී කැන්ඩි පිල පරාජයට පත් කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු ස්ටාර්ස් පිල සමත්වූවේය.

කලම්බු ස්ටාර්ස් – නිශාන් මදුශ්ක, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, රවී බොපාරා, ඇන්ජලෝ මැතිව්ස් (නායක), මොහොමඩ් නබී, ඩොමිනික් ඩ්‍රේක්ස්, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, බෙනී හොවෙල්, කසුන් රජිත. ජැෆ්නා

කිංග්ස් – අවිශ්ක ප්‍රනාන්දු, රාමනුල්ලා ගුර්බාස්, අෆීෆ් හොසේන්, සදීර සමරවික්‍රම, ෂොයෙබ් මලික්, තිසර පෙරේරා (නායක), දුනිත් වෙල්ලාලගේ, සමන් ඛාන්, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee