slc
Home   |    News
දෙසැම්බර් 22, 2022
ග්ලැඩියේටර්ස් පිල පැරදවූ කලම්බු ස්ටාර්ස් පිල දෙවැනි කඩඉම සටනට

sinhala editor

By Chamila Karawita

කලම්බු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වුණු ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ ආර්.‌ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 දා) රාත්‍රියේ පැවැති පිළිමළුන් පිටු දැකීමේ තරග වටයේ දෙවැනි තරගය හෙවත් එලිමිනේටර්ස් තරගයේදී කඩුලු 7 ක පරාජයක් අත් වින්දහ. එම තරග පරාජයත් සමග ගෝල් කණ්ඩායමේ අවසන් මහ තරග බලාපොරොත්තුව අහිමිවන අතර කලම්බු ස්ටාර්ස් පිල හෙට (22 දා) කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමඟ පැවැත්වීමට තරගයේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සටන් වදිනු ඇත.

කලම්බු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා පන්දු 108 කදී ලකුණු 108 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා ගත් කලම්බු පිතිකරුවෝ 17 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවාරයේදී සපුරා ගත්හස. චරිත් අසලංක සහ නිශාන් මදුශ්ක දෙදෙනාම ලකුණක් ඇතුළතදී දවා ගැනීමට ගෝල් පන්දු යවන්නන් සමත් වුවත් සිව්වැනි කඩුල්ලට එක් වූ රවී බොපාරා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් කලම්බු ස්ටාර්ස් පිල අවශ්‍ය ඉලක්කය කරා රැගෙන ගියහ.

පන්දු 53 කදී ගොඩ නැංවුණු ලකුණු 65 ක සම්බන්ධතාවයේදී කිසිදු අඩුපාඩුවක් සිදු නොකිරීමට වග බලා ගත් දකුණත් පිතිකරු යුගලය අතරින් බොපාරා පන්දු 28 කදී ලකුණු 43 ක්ද මැතිව්ස් පන්දු 25 කදී ලකුණු 20 ක් ද ලබා ගත්හ. තරගයේ වීරයා ලෙසින් හතරෙ පහර 6 ක් ද සියක ඉනිමට එල්ල කළ බොපාරා සම්මාන ලැබීය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18 කට සීමාවෙමින් ඇරැඹි තරගයේදී කඩුලු 9 ක් අහිමිකර ගත් ගෝල් ්ගලැඩියේටර්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුනු 108 ක් පමණි. ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් තනි සටනක් ගෙන ගිය සහන් ආරච්චිගේ පන්දු 31 කට මුහුණ දෙමින් ලකුණු 53 ක් ලබා ගැනීම හැර ඉනිමේ වෙන සැලකිය යුතු දක්ෂතා අතරට පැමිණිමට පිතිකරුවෝ අසමත්වූහ.

පළමු වතාවට මෙවර තරගාවලියේදී තරග කිරීමට වරම් ලද සහන් ආරච්චිගේ තම ඉනිම සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කළේය. එම ඉනිම හැරුණු කොට ද්විත්ව ලකුණු සංඛ්‍යාවකට (ලකුණු 17 ක්) වාර්තා කරන ලද්දේ ඉමාද් වසීම් පමනි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු කසුන් රජිත තම පන්දුවාර 4 දී ලකුණු 09 ක් පමණක් ලබාදී කඩුලු 2 ක් දවා ගත්තේ ඔවුන් සතු හොඳම පිතිකරුවකු වන අසාද් ශෆීක්ගේ කඩුල්ල ද දවා ගනිමිනි. ආබාධයෙන් පසු නැවතත් ක්‍රිකට් පිටියට පා තැබූ දකුණත් වේග පන්දු යවන්නා මේ වන විට ඉතා හොද රිද්මයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටිනවා පමණක් නොව පිතිකරුවන්ටද දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්ව සිටින්‌නේය. රජිත හැරුණු කොට බෙනී හොවෙල් ලකුණු 17 කට කඩුලු 3 ක් සහ මොහොමඩ් නබී ලකුණු 20 කට කඩුලු 2 බැගින් බිද හෙළූහ.

සුරංග ලක්මාල් විසින් දවා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් වුවත් ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 27 කට සීමා කර ගැනීමට හේ සමත්වූවේය. ග්ලැඩියේටර්ස් පිලේ වැඩිම බලාපොරොත්තු සහිත පිතිකරුවා වූ නායක කසල් මෙන්ඩිස්ට අද රැස් කරගත හැකි වූයේ ලකුණු 04 ක් පමණි. ආරම්භයේ සිට පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට කුසල් පන්දු 14 කට මුහුණ දුන්නද නබීගේ පන්දුවට කුසල්ගේ පිත්ත දෙවැනි විය. පෙර තරගයේ වීරයා වුණු නුවනිදු ප්‍රනාන්දු ද (08) දැවී ගිය පිතිකරුවන් ගොඩ එක්කාසුවූයේ මුලු ලකුනු සංඛ්‍යාව ලකුණු 40 ක් සටහන්ව තිබියදීය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest