slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2022
චාමිකගේ වික්‍රමයෙන් කැන්ඩි අපරාජිතව ඉදිරියට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් 2022 අදියරයේ මෙතෙක් පැවැති තරග අතරීන් වඩාත් උණුසුම් තරගය බවට පත් වුණු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අද (11 දා) පැවැති තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට කැන්ඩි ‌ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.  අවසන්  පන්දුවාර 2 තෙක්ම ජැෆ්නා කිංග්ස් සන්තකයේ තිබූ තරගය, කඩුලු 3 ක ජයක් ලෙස ෆැල්කන්ස් පිල ලියා ගන්නා විටත් එහි වැඩි ගෞරව චාමික කරුණාරත්න විසින් දිනා ගැනීමට සමත්වීය.

ෆැල්කන්ස් ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී ලකුණු 31 ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමත් සමඟ සිය අපරාජිතව භාවය තවදුරටත් රඳවා ගනිමින් තරගාවලියේ ඉදිරියට යෑමට අවස්ථාව උදා කර ගත්හ.

අවසන් පන්දු 12 දී ලකුණු 31 ක අභියෝගය ලකුණු 15 ක් ක්වා අඩු කර ගැනීමට චාමික සහ අෂේන් බණ්ඩාර සමත් වුවත්, වෙහෙසකට පිතිහරඹයක නිරත වීම හේතුවෙන් අවසන් පන්දුවාරය වන විට බණ්ඩාර ඉනිම අතහැර ක්‍රීඩාගාරය වෙත පියමැන්නේය.

අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක අභියෝගයක් ජැෆ්නා හමුවේ පැවැති අතර ඉන් පළමු පන්දු දෙකම හයේ සීමාවට ඉහළින් යැවීමට සමත්වන චාමික එම ඉලක්කය පන්දු 4 කට ලකුණු 4 ක් තරම් අවම මට්ටමකට රැගෙන ආවේය. ජේම්ස් ෆුලර් විසින් ක්‍රියාත්මක කරන ලද එම පන්දුවාරයේ පළමු පන්දුවට ලෝන් ඔ්න් කළාපයට ඉහලින් යවන චාමික ඊළඟ පන්දුව බැක්වර්ඩ් පොයින්ට් කළාපය ඉහළින් යැවීමට සැලැස්වීය. ඉන් පසු යවන ලද පන්දු 4 දී එක් ලකුණ බැගින් පැති මාරු කරගත් චාමික සහ උදාන, කැන්ඩි පිල කඩුලු 3 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.

පන්දු 16 ක් ඇතුළත හයේ පහර දෙකක් සහ හතරේ පහර 2 ක් ද සමග පන්දු 16 කදී ලකුණු 26 ක් ලබා ගන්නා චාමික තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහුට අනගි සහායක් ලබා දුන් අෂේන් බණ්ඩාර පන්දු 39 කදී ලකුණු 44 ක් රැස් කළේය. ඊට අමතරව පැතුම් නිස්සංක පන්දු 24 කදී ලකුණු 29 ක් ලබා ගත්තේය.

තරගය ආරම්භ වීමට හෝරාවකට පමණ පෙළ සිහින් වැසි තත්ත්වයක් ඇද හැළුනු බැවින් කාසියේ වාසි‌ය දිනූ කැන්ඩි ෆැල්කන් නායක වනිදු හසරංග පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අවසරයෙන් පිටියට පිවිස රාමනුල්ලා ගුර්බාස් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17 කදී වේගවත් ලකුණු 38 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයකට මුල පිරූහ. එහෙත් පස්වැනි පන්දුවාරයේදීම ෆේබියන් ඇලන් කැදවීමත් සමග පන්දු 13 කින් ලකුණු 16 ක් ලබා සිටි ගුර්බාස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් විය.

ගුර්බාස්ගේ දැවී යෑමෙන් පසු යළිත් තරගයට අවතීර්ණ වුණු ෆැල්කන්ස්වරු තරගයේ පාලනය මුලුමනින්ම සියතට ගනු ලැබුවේ 15 වැනි පන්දුවාරය වන විටත් කඩුලු 4 කට ලකුණු 101 ක් වශයෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගනිමිනි.

ගුර්බාස්ගේ දැවී යෑමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු සහ ෂොයෙබ් මලික් කණ්ඩායම ගොඩ ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත් නමුත්, වනිඳු හසරංග සහ ඉසුරු උදාන ඔවුන්ගේ කඩුලු දවා ගනිමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ ජැෆ්නා කිංග්ස් මාවත වසා දැමූහ. ජැෆ්නා පිලේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා වූයේ අවිශ්ක වන අතර ඔහු පන්දු 26 කදී ලකුණු 31 ක් ලබා ගත්තේය. ෂොයෙබ් මලික් ලකුණු 28 ක්ද මැද පෙළින් පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දු 18 කදී ලකුණු 20 ක්ද ලබා ගත්තේය. ‌ජැෆ්නා ඉනිම වෙනුවෙන් වාර්තාවූයේ එකම හයේ පහරක් වන අතර එය දුනිත් වෙල්ලාලගේ විසින් එල්ල කර තිබුණි.

පෙර තරගයේදී පන්දුව මුහුණේ වැදීම නිසා දත් 4 ක් ගැලවී ගිය චාමික කරුණාරත්න, අද තරගයට ක්‍රීඩා කළ අතර එහිදී දුනිත් වේලාලගේ දවා ගැනීම වෙනුවෙන් වූ උඩ පන්දුවක ඔහු රැක ගැනීමට සමත්විය. මුහුණේ වූ තුවාලය සඳහා මැයුම් 30 ක් යොදා තිබියදී වුවද ඔහු අද තරගයට ක්‍රීඩා කිරීම බොහෝ දෙනාගේ අවධානය යොමු කරවීමට සමත්වූවකි. පන්දු යැවීමේ අංශය ගත් විට ෆැල්කන් පන්දු යවන්නෝ ඉතා ඉදිරියෙන් සිටියහ. ඒ අතරින් වනිදු හසරංග සහ ෆේබියන් ඇලන් කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඉනිමේ මැද භාගයෙන් පැමිණි කමිඳු මෙන්ඩිස්ද සිය පන්දුවාර 2 ලකුණු 14 කට සීමා කිරීමට සමත්වූවේය. ආරම්භක පන්දු යවන්නා වූ සහූර් ඛාන් සිය පන්දුවාර 4 ලකුණු 28 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගනු ලැබුවේ අවසන් පන්දුවාර 2 දී ලකුණු 13 කට සීමා කරමිනි.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee